කොල්ලුපිටිය මර්චන් ටවර් ගොඩනැගිල්ලේ 6 වැනි මහලේ පිහිටි මහජන උපයෝගිතා කොමිසමේ සභාපති ජනක රත්නායක මහතාගේ කාර්යාලයට මුද්‍රා තැබීමට පොලීසිය කටයුතු කර තිබේ.
ඊට අමතරව පොලිස් ආරක්ෂාව යෙදවීමටද කොල්ලුපිටිය පොලිසිය අද (16) පස්වරුවේ පියවර ගත්තේය. පොලීසිය අධිකරණයෙන් කළ ඉල්ලීමක් අනුව මෙම මුද්‍රා තැබීම සිදුකර තිබේ.