මුහුදු බඩ දුම්රිය මාර්ගයේ අම්බලන්ගොඩ වේනමුල්ල දුම්රිය හරස් මාර්ගයේදී අද (13දා) දුම්රියක වෑන් රථයක් ගැටී එක් අයෙක් මරුමුවට පත්වූ බව අම්බලන්ගොඩ පොලීසිය පවසයි.
සීගිරිය බලකොටුවක් නො වන බවත් එය උද්‍යානයක් ලෙස භාවිතා කර ඇති බවත් පර්යේෂණවලින් තහවුරු වී ඇති බව සංචාරක අමාත්‍යංශ ලේකම් චූලානන්ද පෙරේරා මහතා සඳහන් කළේය.
Read Moreපේරාදෙණිය උද්භිත උද්‍යානයට වසර දෙසීයක් දෙසීයක් පිරීම නිමිත්තෙන් සමරු මුද්දර හතරක් සහ මුල්දින කවරයක් නිකුත් කිරීම සංචාරක හා ඉඩම් අමාත්‍යාංශයේ ලේකම් චූලානන්ද පෙරේරා මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (12දා) සවස උද්‍යාන ශ්‍රවණාගාරයේ දී සිදුවිය .
Read Moreසැප්තැම්බර් මාසයේ මුල් දින එකොළහ තුළ ශ්‍රී ලංකාවට පැමිණි සංචාරකයින් සංඛ්‍යාව 10,000 සීමාව ඉක්මවා ගොස් තිබේ. ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරියේ (SLTDA) තාවකාලික දත්ත පෙන්නුම් කළේ සැප්තැම්බර් 1 සිට 11 දක්වා කාලය තුළ සංචාරකයින් 10,796ක් ශ්‍රී ලංකාවට පැමිණ ඇති බවයි.
Read Moreඅභාවප්‍රාප්ත වූ දෙවැනි එළිසබෙත් මහ රැජිනගේ අවසන් කටයුතු සිදුකරන එළැඹෙන 19 දා ශ්‍රී ලංකාව ජාතික ශෝක දිනයක් ප්‍රකාශයට පත්කර තිබේ. මෙයට සමගාමීව එදින විශේෂ රජයේ නිවාඩු දිනයක් ලෙසද ප්‍රකාශයට පත්කර තිබේ.
Read Moreආසියානු ක්‍රිකට් කිරුළත්, ආසියානු දැල්පන්දු කිරුළත් ජයග්‍රහණය කළ ශ්‍රී ලංකා කණ්ඩායම අද පෙරවරුවේ දිවයිනට පැමිණියහ. ඔවුන් විශේෂ රථ පෙළපාළියකින් කොළඹ ක්‍රිකට් ආයතනය වෙත හා දැල් පන්දු සංගම් මූලස්තානය වෙත රැගෙන යාමට කටයුතු කළේය.
Read Moreජිනීවා හි එක්සත් ජාතීන්ගේ කාර්යාලයේ චීනයේ නිත්‍ය නියෝජිත චෙන් ෂු, එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ 51 වැනි සැසිවාරයේ දී ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් අදහස් දැක්වවිමින් ප්‍රකාශ කලේ ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් කරන බාහිර මැදිහත්වීම්වලට චීනය විරුද්ධ බවයි.
Read Moreජනාධිපතිවරණ ප‍්‍රථිපලයට බලපෑමක් විය හැකි ආකාරයට ජනාධිපතිවරණයට පෙර මාධ්‍ය හමුවක් පවත්වා සුදුවෑන් වලින් පුද්ගලයින් පැහැරගෙන ගොස් කිඹුලන් ගහණ වැවකට දැමුවේ යැයි පැවසු බවට හිටපු සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතාට රාජ්‍ය ඖෂධ නීතීගත සංස්ථාවේ හිටපු සභාපති රූමී මොහොමඞ් මහතාට එරෙහි නඩුවේ සාක්කි විභාගය ලබන 26 වැනිදා සිට ආරම්භ කිරීමට කොළඹ මහාධිකරණ විනිසුරු දමිත් තොටවත්ත මහතා අද නියම කළේය.
Read Moreආසියානු කුසලාන 20යි විස්ස ක්‍රිකට් ශූරතාව සහ ආසියානු දැල්පන්දු ශූරතාව හිමිකරගත් ශ්‍රී ලංකා කණ්ඩායම් හෙට (13) කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපොළට පැමිණීමට නියමිතය.
Read Moreහෙට (13දා) සිට 16 දා තෙක් විදුලි කප්පාදුව පැයකට සීමා කරන බව මහජන උපයෝගීතා කොමිෂන පවසයි. ඒ අනුව A, B, C, D, E, F, G, H, I, J, K, L, P, Q, R, S, T, U, V හා W යන කාණ්ඩ වෙත සවස 6.00 සිට රාත්‍රී 9.00 තෙක් පැයක විදුලි කප්පාදුවක් සිදුකිරිමට නියමිතය.
Read Moreඖෂධ සඳහා අවශ්‍ය මුදල් වෙන්ව තිබියදී ඖෂධ හිඟයක් ඇතිවුවහොත් එහි වගකීම සෞඛ්‍ය ක්ෂේත්‍රයේ අදාළ අංශ භාරගතයුතු යැයිද අමාත්‍යවරයා මෙහිදී පෙන්වා දුන්නේය.
Read Moreමවගේ කිරි පිට උගුරේ යාම හේතුවෙන් මාස එක හමාරක් වයසැති බිළිඳෙකු අද (12) උදෑසන මියගොස් ඇතැයි හොරොව්පොතාන පොලිසිය කියයි.
Read Moreශ්‍රී ලංකාව මුහුණ දී සිටින අසීරු තත්ත්වයෙන් මිදීමට ක්ෂේත්‍ර ගණනාවක් ඔස්සේ සහාය ලබාදීමට අපේක්ෂා කරන බව, ආසියානු සංවර්ධන බැංකුවේ දකුණු ආසියානු දෙපාර්තමේන්තු අධ්‍යක්ෂ ජනරාල් කෙනිචි යොකොයමාමහතා පවසයි.
Read Moreආසියානු කුසලානය සඳහා ලංකාව හා පාකිස්තානය අතර පැවැත්වූ ක්‍රිකට් තරගය නැරඹීම සඳහා බස්රථ හතරකින් පැමිණ පිළියන්දල බස් නැවතුම්පොලේ ගාල් කර තිබියදී එම බස් රථයක් සොරාගෙන පෙම්වතිය බැලීමට ගිය 15 හැවිරිදි තරුණයකු පැය තුනකට පසු අත්අඩංගුවට ගත් බව පිළියන්දල පොලිසිය කියයි.
Read Moreපාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රේමලාල් ජයසේකර මහතා වරාය හා ගුවන් සේවා රාජ්‍ය අමාත්‍යවරයා ලෙස දිවුරුම් දුන්නේය. ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඉදිරියේ මෙම දිවුරුම් දිම සිදුවිය.
Read Moreකුණ්ඩසාලේ පොලිස් අභ්‍යාස විද්‍යාලයේ ශිල්ප හදාරන ආධුනික පොලිස් නිලධාරීන්ගේ වෙඩි පුහුණුව සඳහා අවශ්‍ය ටී 56 ගිනි අවි සහ පිස්තෝල සමග ඒවාට අවශ්‍ය උණ්ඩ තොගයක් ප්‍රවාහනය කරමින් තිබු පොලිස් ලොරි රථයක් මහනුවර මහියංගණ මාර්ගයේ 18 වංගුවේ 11 වැනි වංගුව අසල දී පෙරළී ගොස් තිබේ.
Read Moreහදිසියේ ඇතිවූ පපුවේ අමාරුවකින් මියගිය දෙදරු පියෙකු ගේ මරණයෙන් කම්පාවට පත් ඔහුගේ බාල සොයුරිය මියගොස් , දියණිය සහ පුතා ඇතුළු සිව්දෙනෙකු රෝහල් ගතකර ඇති පුවතක් කළුතර ප්‍රදේශයෙන් වාර්තාවේ.
Read Moreපැපුවා නිව්ගිනියා වේ පෞරාණික භාණ්ඩ අලෙවි කරන වෙළෙඳ සැලකින් සොරාගත් වාලම්පුරියක් රුපියල් කෝටියකට අලෙවි කිරීමට උත්සාහ දැරූ පුද්ගලයෙක් අම්පාර වෙළඳ සැලක් අසලදී අත්අඩංගුවට ගත් බව පොලිස් විශේෂ කාර්ය බළකාය කියයි.
Read Moreවැල්ලම්පිටිය, ලක්සඳ මහල් නිවාස සංකීර්ණයේ 08 වන මහලෙන් පුද්ගලයෙකු ඇඳ වැටී මියගෝ ඇැතැයි පොලීසිය කියයි.
Read Moreජාත්‍යන්තර සංවර්ධනය පිළිබඳ ඇමෙරිකානු නියෝජිතාවතනයේ පරිපාලන නිලධාරීනී සමන්තා පවර් මහත්මිය අද අලුයම කටුනායක ගුවන් තොටුපළ ඔස්සේ ශ්‍රී ලංකාවෙන් පිටත්ව ගියාය.
Read Moreපාකිස්තාන කණ්ඩායම පරාජයට පත්කරමින් ආසියානු කුසලාන විස්සයි20 තරගාවලිය ජයගත් ශ්‍රි ලංකා කණ්ඩායමට ජනපති රනිල් වික්‍රමසිංහ මහතා සිය සුබ පැතුම් එක්කර තිබේ.
Read Moreලෙජන්ඩ්ස් තරගාවලිය යටතේ ශ්‍රී ලංකා ලෙජන්ඩ්ස් කණ්ඩායම හා ඔස්ට්‍රේලියානු ලෙජන්ඩ්ස් කණ්ඩායම අතර පැවැති තරගයෙන් ශ්‍රී ලංකා ලෙජන්ඩ්ස් කණ්ඩායම ලකුණු 38ක ජයක් වාර්තා කිරිමට සමත්විය.
Read Moreප්‍රභල පාකිස්තාන කණ්ඩායම ලකූණු 23කින් පරාජයට පත්කරමින් ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් මහ තරගය ජය ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත්විය.
Read Moreආසියානු කුසලාන තරගාවලියේ ශ්‍රි ලංකා කණ්ඩායම හා පාකිස්තාන කණ්ඩායම අතර පැවැත්වෙන අවසන් මහ තරගයේ කාසියේ වාසිය දිනාගත් පාකිස්තාන කණ්ඩායමේ ඇරයුමෙන් පළමුව පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා කණ්ඩායම කඩුලු 6 ලකුණු 170ක් රැස්කිරීමට සමත්විය.
Read Moreපනස් පස් හැවිරිදි තම අවිවාහක පුත්‍රයා හදිසි අනතුරකින් මිය යාමේ සිද්ධිය අසා දැඩි සංවේගයට පත් අසූ පස් හැවිරිදි පියකු ගෙල වැලලාගෙන මිය යාමේ සිද්ධියක් පේරාදෙණිය පොලිස් වසමෙන් වාර්තා වේ.
Read Moreත්‍රස්තවාදය වැළැක්වීමේ පනත මගින් රඳවා තබා ගැනීම සම්බන්ධයෙන් දෙමළ ජනතාව සමග ඝෘජු සාකච්ඡාවක් ඇති කරගෙන ඇති අතර රැඳවුම් කාලය සහ නෛතික කරුණු සැලකිල්ලට ගනිමින් ඒ සඳහා සුදුසු ක්‍රමවේදයක් සකස් කිරීමට කටයුතු කළ ද, දළදා මාළිගාවට පහරදීමට සම්බන්ධ වූ ත්‍රස්තවාදීන්ට සහ කරුණු තහවුරු වූ ත්‍රස්තවාදීන්ට ඒ යටතේ කටයුතු නොකරන බවත් ජනාධිපතිවරයා අවධාරණය කළේය.
Read Moreශ්‍රී ලංකාව වෙනුවෙන් තවත් ඩොලර් මිලියන 20ක ආධාරයක් ලබාදිමට ජාත්‍යන්තර සංවර්ධනය සඳහා ඇමෙරිකානු නියෝජිතායතනයේ පරිපාලන නිලධාරී සමන්තා පවර් මහත්මිය ප්‍රකාශ කරයි. මේ අනුව ඇයගේ ශ්‍රි ලංකා සංචාරය තුළදී ඇමෙරිකානු ඩොලර් මිලියන 60ක ආධාර ප්‍රකාශයට පත්කර තිබේ.
Read Moreමැතිවරණ ක්‍රමය සංශෝධනය කිරීමට අවශ්‍ය දේශපාලන එකඟතාවයන් සහිතව කටයුතු කරන බවත් ඒ වෙනුවෙන් මාස 06ක කාලයක් සියලු පක්ෂ වෙනුවෙන් ලබා දී ඇති බවත් එසේ සිදු නොවනවා නම් ජනමත විචාරණයක් මගින් රටේ අදහස විමසා ප්‍රජාතන්ත්‍රවාදීව කටයුතු කරන බවත් පැවසූ ජනාධිපතිවරයා පෙන්වා දුන්නේ දේශපාලන පක්ෂවලට මුවාවී මෙම කරුණු සදහටම කල් දැමිය නොහැකි බවයි.
Read Moreවිදුලි බිල නොගෙවා සිටියහොත් විදුලිය විසන්ධි කරන බව විදුලි බල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා පවසයි.
Read More