saravita-anim2

2025 සැප්තැම්බර් මස 30 වන අඟහරුවාදා

2025 සැප්තැම්බර් මස 30 වන අඟහරුවාදා

Latest News - timelapse 4871 hours ago

LATEST

යුක්රේනයට යුරෝපයෙන් ඩොලර් බිලියන 5ක ණයක්

calendar_today 2022 සැප් 09 - 19:15 remove_red_eye - 176  

සිකුරාදා එකඟ වූ යුරෝ බිලියන 5ක ණය, යුරෝපා සංගම් සාමාජික රටවල ඇපකර මගින් පිටුබලය දෙනු ඇති අතර, එය මැයි මාසයේදී ප්‍රකාශයට පත් කරන ලද සමස්ත යුරෝ බිලියන 9ක පැකේජයේ කොටසකි.

කුඩා ඇළ මාර්ගයකට වැටි අභිරහස් ලෙස මියගියේ යැයි කියන පාසල් සිසුවෙකුගේ මරණය සම්බන්ධයෙන් නාවලපිටිය පොලිසිය අංශ කිහිපයක් ඔස්සේ විමර්ෂණයක් ආරම්භ කර ඇත.

Read More

හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා ඇමෙරිකාව බලා පිටත්ව යෑම වෙනුවෙන් අද පෙරවරුවේ කටුනායක ගුවන් තොටුපළෙන් ඩුබායි බලා පිටත්ව ගිය බව කටුනායක ගුවන් තොටුපළ කාර්ය භාර කළමනාකරු තහවුරු කළේය.

Read More

මාස්ටර් සෙයිඩ් යන සංකේත නාමයෙන් හඳුන්වන ඉස්ලාමීය රාජ්‍ය ත්‍රස්ත නායකයා තුර්කි ආරක්ෂක අංශ විසින් අල්ලාගෙන තිබේ.

Read More

අධික මහජන ඉල්ලීමට ප්‍රතිචාර දැක්විමක් වශයෙන් හා ඉහළ සේවාවක් මගීන් වෙත ලබාදීමේ අරමුණින් දුම්රිය දෙපාර්තමේන්තුව විසින් දුම්රිය ඉදිරි ආසන වෙන් කිරිමේ මෙතෙක් පැවැති දින 14ක කාලසීමාව දින 30ක් දක්වා දීර්ඝ කර ඇතැයි දුම්රිය දෙපාර්තමේන්තු කියයි.

Read More

එක්සත් ජනපදයේ, නිව්යෝක් ආණ්ඩුකාරවරිය විසින් අපජලයේ තිබී සොයාගෙන ඇති පෝලියෝ වෛරසය හේතුවෙන් හදිසි ආපදා තත්ත්වයක් ප්‍රකාශ කරයි.

Read More

අභිනව රාජ්‍ය අමාත්‍යවරුන්ට වගකීම පැවරීම තුලින් රට ගොඩනැගීම සඳහා ගෙන යන කඩිනම් වැඩ පිළිවෙලට සුවිසල් දායකත්වයක් සැලසෙන බව කෘෂිකර්ම සහ වනජීවී හා වන සම්පත් සංරක්ෂණ අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසයි.

Read More

2021 අංක 30 දරන විසර්ජන පනත සංශෝධන කිරීම සඳහා වූ විසර්ජන (සංශෝධන) පනත් කෙටුම්පතට කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා අද (09) සිය සහතිකය සටහන් කළේය.

Read More

ආනයනික සුදු කැකුළු කිලෝවක මිල රුපියලු 10කින් අඩු කර තිබේ. නව මිල රුපියල් 185යි. ආනයනික සුදු නාඩු කිලෝවක මිල රුපියල් 4කින් අඩුකර තිබේ. නව මිල 194යි. සුදු සීනි කිලෝවක මිල රුපියල් 19 කින් අඩුකර තිබේ. නව මිල 279යි. රතු පරිප්පු කිලෝවක මිල රුපියල් 31 කින් අඩුකර තිබේ. නව මිල 429යි. ආනයනික හාල්මැස්සන් කිලෝවක් රුපියල් 25කින් අඩුකර තිබේ. නව මිල 1350යි. සුදුළුණු කිලෝවක මිල රුපියල් 155 කින් අඩුකර තිබේ. නව මිල 595යි.

Read More

දෙවන එලිසබෙත් රැජිනගේ අභාවය වෙනුවෙන් සැප්තැම්බර් 19 ශෝක දිනයක් ලෙස ප්‍රකාශයට පත් කරන ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශයට උපදෙස් දී තිබේ.

Read More

පෑලියගොඩ මැනිං වෙළඳ සංකීර්ණයේ වෙළඳ කුටි වෙළඳාමට සුදුසු ලෙස ඉඩ පහසුකම් සහිතව කෙටි කාලයක් තුළ නවීකරණය කරන ලෙස නාගරික සංවර්ධන අධිකාරියේ සභාපති නිමේෂ් හේරත් මහතා එම අධිකාරියේ ව්‍යාපෘති අංශයට අද (9) උපදෙස් දුන්නේය.

Read More

දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු සභාපතිවරු ලෙස මන්ත්‍රීවරු 18ක්, අගමැති දිනේෂ් ගුණවර්ධන මහතා අතින් පත්වීම් ලිපි ලබාගෙන තිබේ.

Read More

ඉතිහාසයේ ප්‍රථම වරට 2021 අධ්‍යයන පොදු සහතික පත්‍ර (උසස් පෙළ) විභාගයෙන් ඌව පළාත දිවයිනේ පළාත් අතරින් ප්‍රථම ස්ථානයට පත්ව තිබෙන බව පළාත් අධ්‍යාපන ලේකම් සන්ධ්‍ය අඹන්වල මහත්වල පැවසීය.

Read More

චීනයේ ජනතාවගේ මිත්‍රත්වයේ තවත් එක් සළකුණක් ලෙස චීන රජය විසින් ක්‍රියාත්මක කරන, ශ්‍රී ලංකාවේ ජනතාව වෙත ප්‍රධානයක් වශයෙන් සහල් ලබා දීමේ වැඩපිළිවෙලේ පියවරක් ලෙස, සහල් මෙට්‍රික් ටොන් 5,000ක් නිල වශයෙන් රජය වෙත ලබා දීම ඉසුරුපාය, අධ්‍යාපන අමාත්‍යාංශයේදී, අධ්‍යාපන අමාත්‍ය, ආචාර්යසුසිල් ප්‍රේමජයන්ත් මහතාගේ සහ චීන තානාපති චී ෂෙන්හොන් මහතා ඇතුළු දෙපාර්ශවයේම නිළධාරීන් රැසකගේ සහභාගීත්වයෙන් සිදු කෙරිණ.

Read More

දෙවැනි එළිසබෙත් මහ රැජිනගේ අභාවය වෙනුවෙන් ශෝකය පළකිරීමට අද පාර්ලිමේන්තු සැසිවාරය ආරම්භයේදී මිනිත්තු 2ක නිහඬතාවයක් දැක්වීය.

Read More

• නිදහස් දිනට සමගාමීව අඩු ආදායම්ලාභීන්ට නිවාස 1996ක් • විශේෂ ආරාධිතයින් ලෙස සාර්ක් රටවල විදේශ අමාත්‍යවරුන්ටත් ආරාධනා • අභිමානය විදහා දැක්වීමට සංස්කෘතිකාංග රැසක්

Read More

දෙවැනි එළිසබෙත් මහ රැජිනගේ අභාවය සම්බන්ධයෙන් ජනපති රනිල් වික්‍රමසිංහ මහතා සිය ශෝකය ප්‍රකාශ කර තිබේ.

Read More

දෙවැනි එළිසබෙත් මහ රැජිනගේ අභාවයත් සමගින් නව රජතුමා ලෙස චාල්ස් කුමාරු පත්ව තිබේ. ඒ අනුව ඔහු චාල්ස් III රජු ලෙස නම්කර තිබේ.

Read More

සෞඛ්‍ය තත්ත්වය යහපත් නොවීම හේතුවෙන් ස්කොට්ලන්තයේ ඇබර්ඩීන් වතුයායේ බැල්මොරාල් මාළිගයේ වෛද්‍යවරුන්ගේ අධීක්ෂණය යටතේ පසුවූ දෙවැනි එළිසබෙත් මහ රැජින මෙලොව හැර ගියාය.

Read More

රටේ සංසරණය වෙන මුදල් ප්‍රමාණයටත් වඩා මුදල් ප්‍රමාණයක් මුද්‍රණය කොට ඇති බව පෙනී යන බව 43 සේනාංකය නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතා පවසයි. මේ රටේ තුන් ගුණයකින් භාණ්ඩ හා සේවා මිල ඉහළ යාමට, සල්ලි අච්චු ගැසීමේ ක්‍රියාවලිය පාදක වී තිබෙන බව දැන් රටේ ජනතාව අත්දකිමින් සිටින බවත් අද උද්ධමන අනුපාතය 60% ඉක්මවා ඇති බවත් රණවක මහතා පෙන්වා දෙයි.

Read More

නව රාජ්‍ය අමාත්‍යවරුන් කටයුතු කරන්නේ කිසිදු වරප්‍රසාදයක් යටතේ නොවන බව ආණ්ඩුපක්ෂ ප්‍රධාන සංවිධායක, නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා පවසයි.

Read More

දෙනෝ දහසක් දෙනා බලා සිටියදී දෙමටගොඩ ලක්හිරු සෙවන මහල් නිවාස සංකීර්ණයේ මෛත්‍රී විහාර පාරට කඩු පොලු අතැතිව ත්‍රීරෝද රථ දෙකකින් කඩා වැදුණු 6 දෙනෙකුගෙන් යුත් කණ්ඩායමක් පුද්ගලයකුට සහ ඔහුගේ නැගණියට තියුණු ආයුධවලින් හා පොලු වලින් පහරදී බරපතළ තුවාල සිදුකර පලායමින් සිටියදී ඒ මොහොතේම අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි.

Read More

සතොස සේවකයින් සිය නිල රාජකාරී වලින් ඉවත් කොට දේශපාලන කටයුතු යෙදවීම තුළින් රජයට පාඩු කළ බවට හිටපු වෙළද අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු ඇතුළු තිදෙනෙකුට අධිචෝදනා භාර දුන් කොළඹ මහාධිකරණ විනිසුරු මංජුල තිලකරත්න මහතා ඔවුන් ඇප මත මුදා හැරීමට මුදාහැරීමට අද නියම කළේය.

Read More

සමාජ ආරක්ෂණ දායකත්ව බදු පනත් කෙටුම්පත අද (08) පාර්ලිමේන්තුවේදී විවාද කිරීමෙන් අනතුරුව වැඩි ඡන්ද 81 කින් සම්මත විය.

Read More

රජයේ මුද්‍රණ දෙපාර්තමේන්තුව විසින් මුද්‍රණය කරනු ලබන “පොදු ආකෘති” සමාලෝචනය සඳහා ජනාධිපති ලේකම් සමන් ඒකනායක මහතා විසින් කමිටුවක් පත් කර තිබේ.

Read More

ලංකාවේ ප්‍රථම වරට රජයේ ලියාපදිංචි කළ පුවත්පත වන “ලක්මිණි පහන” පුවත්පත අරඹා වසර 160ක් සම්පූර්ණවීම මෙම සැප්තැම්බර් 11 වෙනි දිනට යෙදේ.

Read More

ආසියානු කුසලාන තරගාවලියේදී ශ්‍රි ලංකා කණ්ඩායමේ පිතිකරුවන් හා පන්දු යවන්නන් මේ දක්වා දැක්වූ දක්ෂතා හේතුවෙන් ජාත්‍යන්තර විස්සයි20 ශ්‍රේණිගත කිරීම්වල ඉදිරියට පැමිණීමට ශ්‍රී ලංකා ක්‍රීඩකයන් කිහිප දෙනෙකුම සමත්ව තිබේ.

Read More

මහනුවර කොළඹ දුම්රිය මාර්ගයේ සුදුහුම්පල ප්‍රදේශයෙන් රාත්‍රී කාලයේ ගමන් කරමින් සිටි පුද්ගලයකු දුම්රිය මාර්ගය අයිනේ ඇදවැටුණු අවස්ථාවක ඒ අසලින් ගමන් ගත් දුම්රියකට ඔහුගේ අත හසුවීඅත වෙන්වීමෙන් පසුඔහු තනිව මහනුවර ජාතික රෝහලට පැමිණීමේ සිද්ධියක් වාර්තා වේ .

Read More

බටපොළ ඔලබැද්ද ප්‍රදේශයේ නිවසක අද (08දා) පැවති ශාන්තිකර්මයක් අතරතුරේදී සිහිසුන්වූ ශාන්තිකර්මයට භාජනවූ කාන්තාවක රෝහල්ගත කිරීමෙන් පසු මරුමුවට පත්ව ඇතැයි බටපොළපොලීසිය පවසයි.

Read More

ප්‍රවීණ රංගන ශිල්පිනි දමිතා අබේරත්න මහත්මිය ලබන 14 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස කොළඹ කොටුව මහේස්ත්‍රාත් තිළිණ ගමගේ මහතා අද (08දා) නියෝග කළේය

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.