මහනුවර නගරයේ හෙරොයින් මත්ද්‍රව්‍ය මූලස්ථානය වශයෙන් සැලකෙන මහනුවර ප්‍රධාන දුම්රිය ස්ථානය ඉදිරිපිට බ්‍රෙසියර් වත්ත වශයෙන් හඳුන්වනු ලබන ස්ථානය වටලා හෙරොයින් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 50 කට ආසන්න ප්‍රමාණයක් සමග සැකකරුවන් 11 දෙනෙකු අත්අඩංගුවට ගත් බව පොලීසිය කියයි .
සෙනසුරාදා දිනයේ උදේ වරුව මහනුවර මූලස්ථාන පොලීසියේ සියලු නිලධාරීන්ට උපදෙස් පන්තිය පැවැත්වෙන බැවින් එදින දිනයේ උදය වරුවේ බ්‍රෙෂියර් වත්ත නමැති ප්‍රදේශයේ හෙරොයින් මත්කුඩු තොග වශයෙන් අලෙවි වන බවට ලද තොරතුරකට අනුව ඊයේ (04) පෙරවරුවේ හදිසියේම එදිනට නියමිත උපදෙස් පන්තිය අවලංගු කොට පොලිස් නිලධාරීන් පනහකට අධික ප්‍රමාණයක් යොදවා අදාල සැකකටයුතු ස්ථානය වටලා ඉහත මත්ද්‍රව්‍ය තොගය සමග සැකකරුවන් අත්අඩංගුවට ගෙන තිබේ .
සෙනසුරා දිනයේ පෙරවරුවේ පොලීසියට උපදෙස් පන්තිය පැවැත්වෙන බැවින් මෙම හෙරොයින් මත්කුඩු අලෙවි ස්ථානය කුඩු සතිපොළ වශයෙන්ද බොහෝ දෙනෙකු හඳුන්වා තිබේ .
අත්අඩංගුවට පත් එකොළොස් දෙනා අතර කාන්තාවන් තිදෙනකුද සිටින බව පවසන පොලිසිය ඔවුන් එකම පවුලේ සහෝදරියන් බවද කියයි. එක් කාන්තාවක් හෙරොයින් මත්ද්‍රව්‍ය ජාවාරම සම්බන්ධයෙන් මරණීය දණ්ඩනයට නියම වී අභියාචනා ඉදිරිපත් කොට ඇප පිට පැමිණ සිටින කාන්තාවක බවද පොලිසිය කියයි.