කිලිනොච්චිය දිස්ත්‍රීක්කයේ ප්‍රදේශ කිහිපයක ගවයින්ට වැළඳී ඇති වසූරිය තත්වය වේගයෙන් පැතිරෙන බවත් එය පාලනය කරගැනීමට නොහැකි තත්වයක් උදා වී ඇති බවත් පශුසම්පත් නිලධාරීන් පවසයි
පූනකරී , කරච්චි, ඉයක්කච්චි, පලෙයි, ඌරතීපුරම් ආදි ප්‍රදේශ කිහිපයක ගවයින් විශාල ප්‍රමාණයකට මේ වන විටත් සිරුරේ ගෙඩි ප්‍රමාණයක් වැළඳී තුවාල වී ඇති අතරම ඉන් 30 කට අධික ප්‍රමාණයක් මිය ගොස් ඇතැයිද වාර්තා වෙයි.
පවතින තත්වය පිළිබඳ පරික්ෂණ සිදුකරන ලද පශුසම්පත් හා සෞඛ්‍ය දෙපාර්තමේන්තුවේ පශුවෛද්‍ය සුබ්‍රමණියම් ගජරංජන් මහතා පවසා සිටියේ,
“මේ වසූරිය වැනි රෝගය වෛරසයක් වගේ පැතිරෙන අවධානමක් තියෙනවා. කිනිතුල්ලන්ගෙන් සහ මැස්සන්ගෙන් තවත් ගවයෙකුට පැතිරෙන අවධානම වැඩිවෙලා ඒ නිසා සමස්ත ගවයින්ම අවධානමේ.
මේ තත්වය 2020 ත් ඇතිවුනා එහිදී රෝගය පාලනය කරගන්න පුලුවන් වුණා. නමුත් මේ වතාවේ අපහසු වෙලා තියෙන්නේ මේ වන විටත් ගොවීන්ට අවශ්‍ය උපදෙස් ලබාදීලා තියෙන්නේ ඒ උපදෙස් වලට අනුව ක්රියාකලොත් රෝගය පාලනය කරගන්න පුලුවන්. පුලුවන්තරම් ගවයින් හුදකල කලයුතුයි. එවිට පැතිරීම වැලකෙනවා.”යනුවෙනි.