අපරාජිතව ආසියානු කුසලාන දැල්පන්දු ශූරතාව දිනාගත් ශ්‍රී ලංකා කණ්ඩායමට ජනති රනිල් වික්‍රමසිංහ මහතා සිය සුබ පැතුම් පිරිනමා තිබේ.
2022 උසස්පෙළ විභාගයට පෙනී සිටින සිසුන්ට සූදානම්විම සඳහා සාධාරණ කාලයක් ලබාදෙන ලෙස ඉල්ලමින් හිටපු අමාත්‍ය විමල් වීරවංශ මහතා අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේම්ජයන්ත් මහතා වෙත ලිපියක් යොමුකර තිබේ.
Read Moreආසියානු කුසලාන දැල්පන්දු ශූරතාව ජය ගැනීමට ශ්‍රී ලංකා ක්‍රීඩිකාවෝ සමත්වූහ. ඒ අවසන් මහ තරගයේදී සිංගප්පූරු කණ්ඩායම 63-53 ක් ලෙස පරාජයට පත්කරමිනි.
Read Moreමැසි වංසගතයක් හේතුවෙන් දළුව,නර්මලපුර ඇතුළු ගම්මාන රැසක ජනතාව මාසයනට ආසන්න කාලයක සිට පාචනය,උණ ඇතුළු බෝවන රෝග රැසකින් පිඩාවට පත්වි ඇති බව කියයි.
Read Moreදෙවැනි එළිසබෙත් මහ රැජිනගේ අවමංගල්‍ය උත්සවයට සහභාගී වීම සඳහා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මහා බ්‍රිතාන්‍යයට යාමට නියමිතව ඇත.
Read Moreමිනිමරුවන් තුවක්කු අතට ගත්තු අපරාධකරුවන් හිතනවානම් අපරාධ කරලා ගැලවිලා ඉන්න පුළුවන් කියලා අපි ඒ අයට මතක් කරනවා කිසිදවසක අපි ඒ සදහා ඉඩ දෙන්නේ නැහැ කියලා.අපිට භාරදුන් ඒ අභියෝගය අපි භාරගන්න සුදානම්. තව සති 06ක් යනවිට බලාගන්න පුළුවන් කවුද දිනන්නේ කියලා.
Read Moreවැවිලි සමාගම් විසින් වතුකාර්යමණ්ඩල සාමාජිකයින් සදහා සියයට 70ක වැටුප් වැඩිවිමක් ලබාදිය යුතුව ඇති බැව් ලංකා වතු සේවා සංගමයේ සභාපති නිශාන්ත වන්නිආරච්චි මහතා පවසයි.
Read Moreමේ වසර තුළදී විදේශ රැකියා සදහා පිටත්ව යාමට ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ ලියාපදිංචිවූ ශ්‍රමික සංඛ්‍යාව ලක්ෂ දෙක ඉක්මවා ගොස් තිබේ.
Read Moreඒ හේතුවෙන් මේ වනවිට සේවය අතහැරයාමේ නිවේදන නිකුත් කළ වෛද්‍ය වෘත්තියකයන්ගේ ගණන පනහකට වැඩි බව ද වෛද්‍ය චමිල් විජේසිංහ මහතා අවධාරණය කළේය. වෛද්‍යවරුන් විදෙස්ගතවීම රටේ සෞඛ්‍ය ක්‍ෂේත‍්‍රයට තදින් බලපෑම් ඇති කරන්නක් බව කී ඔහු රටේ අහිංසක දුප්පත් ජනතාවට මේ තත්ත්වය තදින් බලපනු ඇතැයි ද සඳහන් කළේය.
Read Moreමත් ද්‍රව්‍ය වැටලිමකට එක්වි සිටි පුත්තලම කොට්ඨාශ විෂ මත්ද්‍රව්‍ය ඒකකයෙ නිළධාරින් පිරිසකට ආණමඩුව කොට්ටුකච්චිය පුරාණගම ප්‍රදේශයෙදී ඊයේ (10දා) සවස පිරිසක් එල්ල කල ප්‍රහාරයකින් බරපතල තුවාල ලබා පුත්තලම මූලික රෝහලට ඇතුලත් කර ඇති බව ආණමඩුව පොලිසිය කියයි.
Read Moreමේ මිලට වී දෙන්න නම් අපි ලබන කන්නයේ කරන්නේ නෑ, ගොවියාට මේ කරන අසාධාරණය වෙනුවෙන් අපි පාරට බහින්නේ මෙහෙම නෙමෙයි යැයි ගොවියෝ කෘෂි ඇමතිගේ මුහුණටම පවසද්දී , මේ වැඩපිළිවෙල කඩාකප්පල් කරන්නේ කවුද කියා ඉදිරියේදී හෙළිදරව් කරන්නම් යැයි ඇමති පවසයි.
Read Moreගොවීන්ට අවශ්‍ය පොහොර සහ අනෙකුත් කෘෂිකාර්මික යෙදවුම් මිලදී ගැනීමට උපකාර කිරීම සඳහා අතිරේක ඩොලර් මිලියන 40 ක සංවර්ධන ආධාරයක් සංවර්ධනය සඳහා ඇමෙරිකානු නියෝජිතායතනයේ පරිපාලන නිලධාරි සමන්තා පවර් මහත්මිය නිවේදනය කළාය.
Read Moreශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම හා පාකිස්තාන ක්‍රිකට් කණ්ඩායම ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් මහ තරගය හෙට සාජා හි පැවැත්වීමට නියමිතව තිබේ. මෙ අතර ආසියානු කුසලාන දැල් පන්දු ශූරතාව සඳහා ශ්‍රී ලංකා කණ්ඩායම හා සිංගප්පූරු කණ්ඩායම හෙට දිනයේදී තරග වැදීමට නියමිතව තිබේ.
Read Moreබදුල්ල හිගුරුගමුව ගැලන්ඇල්පිල් වතු ගම්මානයේ නිවසක ජීවත්වු මවක හා දියණියක ඊෙය් (09) දින රාත්‍රි නාදුනන පිරිසක් පැමිණ නිදි යහනේ සිටියදි තියුණු ආයුධ වලින් කපා කොටා ඝාතනය කර ඇති බව පොලිසිය කියයි.
Read Moreසංවර්ධනය සඳහා එක්සත් ජනපද නියෝජිතායතනයේ පරිපාලන නිලධාරිනී සමන්තා පවර් මහත්මිය තෙදින නිල සංචාරයක් සඳ හා දිවයිනට ළඟා වූවාය.
Read Moreජාත්‍යන්තර පාපන්දු ක්‍රීඩාංගණයක් හා පුහුණු මධ්‍යස්ථානයක් ශ්‍රී ලංකාවේ ඉදිකිරීම සම්බන්ධයෙන් ෆිෆා සභාපති ජි. ඉන්ෆැන්ටිනියෝගෙන් ධනාත්මක ප්‍රතාචාර ලැබුණ බව සංචාරක හා ඉඩම් අමාත්‍ය හරින් ප්‍රනාන්දු මහතා පවසයි.
Read Moreඑක් වර්ෂයක් තුළ ශ්‍රි ලංකාව වෙනුවෙන් විස්සයි20 පිටියේ වැඩිම ලකුණු ප්‍රමාණයක් රැස්කළ පිතිකරුවා ලෙස වාර්තා අතරට පිවිසීමට ශ්‍රී ලංකා ආරම්භක පිතිකරු පැතුම් නිශ්සංක සමත්ව තිබේ.
Read Moreජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානි සාගල රත්නායක මහතා ජාතික ආරක්ෂාව පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක ලෙසද පත්කර තිබේ.
Read Moreවර්තමානයේ රටේ පවතින ආර්ථික, සමාජයීය වාතාවරණය තුළ රජයට මුහුණ දීමට සිදු වී ඇති දැඩි ආර්ථික දුෂ්කරතා සැලකිල්ලට ගෙන රජය විසින් වියදම් කරනු ලබන මහජනතාවගේ මුදල් අරපිරිමැස්මෙන් හා උපරිම කාර්යක්ෂමතාවයකින් යුක්තව පරිහරණය කිරීම සඳහා සියලු බලධාරීන් විසින් සෑම ප්‍රයත්නයක්ම ගතයුතු බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අවධාරණය කර සිටී.
Read Moreකොළඹ නුවර ප්‍රධාන මාර්ගයේ කෑගල්ල, රංවල ප්‍ර දේශයේදී වෑන් රථයක් හා යතුරු පැදි තුනක් ගැටීමෙන් සිදුවූ අනතුරකින් යතුරු පැදිවල ගමන් කළ අවුරුදු 27ක් වන පුද්ගලයන් තිදෙනෙක් ජීවිතක්ෂයට පත්ව ඇතැයා පොලීසිය පවසයි.
Read Moreසංවර්ධන ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීමේදී චක්‍රලේඛ බාධාවක් වී ඇත්නම් එම චක්‍රලේඛ කඩිනමින් සංශෝධනය කරන ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා නිලධාරින්ට උපදෙස් දුන්නේය.
Read Moreබකිංහැම් මාලිගය වෙත පැමිණි තුන්වැනි චාල්ස් රජු සිය මව වෙනුවෙන් වූ ශෝක පණිවුඩ කියවා සංවේදී වූ බව විදෙස් වාර්තා පවසයි.
Read Moreරටට විශාල ආදායමක් ගෙන දෙන ඇඟලුම් ක්ෂේත්‍රය වර්තමානයේ මුහුණ දී ඇති අභියෝග හඳුනාගනිමින් ඒවා විසඳීමට කඩිනම් පියවර ගන්නා ලෙස ජනාධිපති ලේකම් සමන් ඒකනායක මහතා රාජ්‍ය නිලධාරීන්ට උපදෙස් දුන්නේය.
Read Moreමේ වසරේ ජුලි මාසය හා සැසදීමේදී අගෝස්තු මාසයේදී විදෙස් ශ්‍රමික ප්‍රේෂණ සියයට 16.4කින් ඉහළ ගොස් ඇතැයි විදේශ රැකියා හා කම්කරු අමාත්‍ය මනූෂ නානායක්කාර මහතා පවසයි.
Read Moreපළමු භූමිකම්පාව කිලෝමීටර් 15ක් ගැඹුරට සිදු වූ අතර දෙවැන්න කිලෝමීටර් 40ක් ගැඹුරින් සිදු වූ බව EMSC පවසයි.
Read Moreආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලියේ සුපිරි 4 දෙනාගේ වටයේ අවසන් තරගය වූ ශ්‍රි ලංකා කණ්ඩායම හා පාකිස්තාන කණ්ඩායම අතර පැවැති තරගයෙන් කඩුලු පහක ජයක් වාර්තා කිරීමට ශ්‍රී ලංකා කන්ඩායම සමත්විය.
Read Moreතායිවාන බෙදුම්වාදීන්, වොෂිංටනයේ සහය පතන නමුත් සාර්ථක නොවනු ඇතැයි චීන ඉහළ නිලධාරියෙක් අවධාරණය කළේය.
Read Moreශ්‍රී ලංකාවේ ආහාර සුරක්ෂිතතාව සහ ජීවනෝපාය ප්‍රතිසාධන හදිසි ආධාර ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීම සඳහා ආසියානු සංවර්ධන බැංකුව සහ සමෘද්ධිමත් සහ ඔරොත්තු දෙන ආසියා සහ පැසිෆික් කලාපයක් සඳහා වන ජපාන අරමුදලෙන් (JFPR) ඇමෙරිකානු ඩොලර් මිලියන 203 ක ණය ආධාර පැකේජයක් සඳහා අත්සන් තබා තිබේ.
Read Moreනායකත්වයට හෝ රටේ මූලෝපායික ඉලක්ක වෙත තර්ජනයක් ඇත්නම් ස්වයංක්‍රීයව සහ වහාම න්‍යෂ්ටික ප්‍රහාරයක් දියත් කරන බවට පියොංයැන්ග් ලෝකයට අනතුරු අඟවයි.
Read Moreසංවර් ධනය සඳහා ඒක්සත් ජනපද නියෝජිතායනයේ පරිපාලන නිලධාරී සමන්තා පවර් මහත්මිය හෙට (10දා) ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිතය. ඇය දින දෙකක නිල සංචාරයක් සඳහා ශ්‍රි ලංකාවට පැමිණෙන අතර මෙරට ඉහළ පෙළේ දේශපාලඥයින්, පෞද්ගලික අංශයේ නියෝජිතයන්, මෙන්ම ගොවීන් ඇතුළු විවිධ පාර්ශව සමග සාකච්ඡා පැවැත්වීමට නියමිතව තිබේ.
Read More