saravita-anim2

2025 සැප්තැම්බර් මස 30 වන අඟහරුවාදා

2025 සැප්තැම්බර් මස 30 වන අඟහරුවාදා

Latest News - timelapse 4829 hours ago

LATEST

ගැටඹේ බෝධිය සහ චෛත්‍යය පරිශ්‍රය ගිලාබැසීමේ අවදානමක

calendar_today 2022 සැප් 19 - 10:56 remove_red_eye - 523  

වසර 500 කට වැඩි ඉතිහාසයකට උරුමකම් කියන ගැටඹේ බෝධිය සහ චෛත්‍යය පරිශ්‍රය මහවැලි නදියට ගිලාබැසීමේ අවදානමක් මතුව ඇති බව ශ්‍රී ලංකා රාමඤ්ඤ නිකායේ අනුනායක පූජ්‍ය කැප්පිටියාගොඩ සිරිවිමල නා හිමියෝ පවසති .

ඓතිහාසික කෝට්ටේ රජමහා විහාරයේ පෙරහැර මංගල්‍ය නිමිත්තෙන් අඩු ආදායම්ලාභී පවුල් සඳහා සහල් මලු බෙදාදීම ඇමරිකා එක්සත් ජනපදයේ ලොස් ඇන්ජලීස් නුවර ලංකාරාමාධිපති මෙන්ම ඉන්දියානා බෞද්ධ මධ්‍යස්ථාන විහාරාධිපති පූජ්‍ය තලංගම දේවානන්ද ස්වාමීන් වහන්සේ විසින් ඊයේ (18දා) සිදු කලහ.

Read More

දිවයිනේ සමස්ත බන්ධනාගාර තුළ සත්‍ය වශයෙන් රැඳවිය හැකි ප්‍රමාණය 13200කට ආසන්න වුත් දැනට බන්ධනාගාර ගතව 24000කට ආසන්න සංඛ්‍යාවක් රඳවා ඇති බව දෙපාර්තමේන්තුව පවසයි.

Read More

අපස්මාර රෝගයෙන් පීඩා විදින කඩුගන්නාව පානබොක්කේ පදිංචි දැහැමි ප්‍රථිභා දියණියට අවශ්‍ය පථිකාර කර ගැනිම සදහා අවශ්‍ය පහසුකම් සපයා දෙන ලෙස මහජනතාවගෙන් ඉල්ලා සිටියි.

Read More

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් හඳුන්වා දුන් ආහාර සුරක්ෂිතතාවය හා පෝෂණය පිළිබඳ බහුආංශික ඒකාබද්ධ යාන්ත්‍රණය ක්‍රියාත්මක කිරීමේ වැඩසටහනට සමගාමීව, ඒ සම්බන්ධයෙන් දිස්ත්‍රික් ලේකම්වරුන් සහ ප්‍රාදේශීය ලේකම්වරුන් දැනුවත් කිරීමේ සාකච්ඡාවක් පසුගිය 16 දා ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රයේ දී පැවැත්විණි

Read More

අභාවප්‍රාප්ත දෙවැනි එළිසබෙත් මහ රැජිනගේ අවසන් කටයුතු සඳහා එක්වීමට එංගලන්තය බලා පිටත්ව ගිය ජනපති රනිල් වික්‍රමසිංහ මහතා, මෛත්‍රි වික්‍රමසිංහ මහත්මිය එංගලන්තයේ ශ්‍රී ලංකා මහ කොමසාරිස් සරෝජා සිරිසේන මහත්මිය ශ්‍රී ලංකා වේලාවෙන් රාත්‍රී 7.30 - 7.40ත් අතර දෙවැනි එලිසබෙත් මහ රැජිනගේ දේහයට අවසන් ගෞරව දැක්වීමට නියමිතය.

Read More

අඹේවෙල හයිලන්ඩ් කිරි කර්මාන්ත ශාලාවේ සිදු කර ඇති විශාල ඉන්ධන වංචාව සම්බන්ධයෙන් සිදු කරන ලද පරික්ෂණ වාර්තාව තමන් වෙත ලැබි ඇති බවත්, එයට සම්බන්ධ සේවකයින් කිහිප දෙනෙකුට එරෙහිව විනය ක්‍රියාමාර්ග ගත් බවත්, වංචාව සම්බන්ධයෙන් අපරාධ විමර්ෂණ අංශයට පැමිණිල්ලක් සිදු කරන බව මිල්කෝ ආයතනයේ සභාපති රේණුක පෙරේරා මහතා පැවසිය.

Read More

පානදුර වලාන දූෂණ මර්ධන ප්‍රහාරක ඒකකයේ ස්ථානාධිපතිවරයා ලෙස හඳුන්වා දෙමින් පාදුක්ක ප්‍රදේශයේ නීති විරෝධී මත්පැන් ජාවාරම්කරුවෙකුගෙන් රුපියල් ලක්ෂ පහක කප්පම් මුදලක් ලබා ගැනීමට උත්සාහ කළ හිටපු නාවික සෙබළුකු හොරණ නගරයේදී අද (18) අත්අඩංගුවට ගත් බව එම ඒකකය පවසයි.

Read More

ක්‍රීඩා අමාත්‍යවරයෙකුට මහා භාණ්ඩාගාර අරමුදලෙන් බිලියන 2ක මුදලක් ලැබෙන බවත් තමා ක්‍රීඩා අමාත්‍යවරයා ලෙස වැඩ භාර ගත් දී මහා භාණ්ඩාගාර අරමුදල හිස්ව තිබුණු බව ක්‍රීඩා හා යෞවන කටයුතු අමාත්‍ය රොෂාන් රණසිංහ මහතා අද (18) උදෑසන පොළොන්නරුවේදී ප්‍රකාශ කළේය.

Read More

ඒ අනුව වැඩබලන ආරක්ෂක අමාත්‍යවරයා ලෙස ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන්, වැඩ බලන මුදල් අමාත්‍යවරයා ලෙස රංජිත් සියඹලාපිටිය, වැඩබලන ළමා හා කාන්තා සවිබල ගැන්වීම් අමාත්‍යවරිය ලෙස ගීතා කුමාරසිංහ, වැඩබලන තාක්ෂණ සංවර්ධන අමාත්‍යවරයා ලෙස කනක හේරත් සහ වැඩබලන අයෝජන ප්‍රවර්ධන අමාත්‍යවරයා දිලුම් අමුණුගම පත් කර තිබේ.

Read More

දකුණු ආසියාවේ උසම කුළුණ ලෙස සැලකෙන නෙළුම් කුළුණ මහජනතාව විවෘත කිරීමෙන් අනතුරුව පළමු සති අන්තයේ (සෙනසුරාදා) පමණක් රුපියල් ලක්ෂ 31 කට අධික ආදායමක් හිමිවූ බව නෙළුම් කුළුණ පෞද්ගලික සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී විශ්‍රාමික මේජර් ජෙනරාල් ප්‍රසාද් සමරසිංහ මහතා පැවසීයි.

Read More

මෑතකදී චීනයට පැමිණි පුද්ගලයෙකුට වඳුරු උණ වෛරසය ආසාදනය වී ඇති බව තහවුරු වී තිබේ. මෙය චීනයෙන් වඳුරු උණ ආසාදිතයෙක් වාර්තා වූ පළමු අවස්ථාව වෙයි.

Read More

සමගි ජන බලවේගයේ පිරිසකගේත් සහාය ඇතිව නව බලවේගයක් ඉදිරියේදී ගොඩනගන බව පාර්ලිමේන්තු මන්ත්‍රී 43 වන සේනාංකයේ නායක පාඨලී චම්පික රණවක මහතා බදුල්ලේදී මාධ්‍ය හමුවේ ප්‍රකාශකළේය.

Read More

කැස්බෑව නගර සභා කාර්යාලයට කඩා වැදී එහි ආරක්ෂක නිලධාරියකුට පහරදුන් බව කියන මන්ත්‍රීවරයකුගේ පුතෙකු අත්අඩංගුවට ගත් බව පිලියන්දල පොලිසිය කියයි. පහර කෑ ආරක්ෂක නිලධාරියා රෝහල්ගත වී ඇත.

Read More

දෙවැනි එළිසබෙත් මහ රැජිනගේ අවසන් කටයුතු සිදුකරන හෙට දිනය රජයේ නිවාඩු දිනයක් ලෙස ප්‍රකාශ කර ඇතත් ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ අංශයක වැඩ කටයුතු හෙට දිනයේ සිදුකරන බව කම්කරු හා විදේශ රැකියා අමාත්‍ය මනූෂ නානායක්කාර මහතා පවසයි.

Read More

වී තොග රඳවා තබා ගනිමින් සහල් මිල පාලනය කර ගැනීමේ රජයේ සැලසුම ගොවීන්ගෙන් වී මිලදී ගැනීම සඳහා රාජ්‍ය බැංකු ණය පහසුකම් ලබාදීම ප්‍රතික්ෂේප කිරීමත් සමඟ පසුබෑමකට ලක්ව ඇතැයි ජ්‍යෙෂ්ඨ නිලධාරියෙක් සඳහන් කළ බව සන්ඩේ ටයිම්ස් පුවත්පත වාර්තා කරයි.

Read More

ජපානයේ කාලගුණ විද්‍යා ඒජන්සිය අනතුරු අඟවා ඇත්තේ සුළි කුණාටුව සාමාන්‍යයෙන් දශක කිහිපයකට වරක් පමණක් සිදුවන බරපතල විපත් ඇති කළ හැකි සුළි කුණාටුවක් විය හැකි බවටය.

Read More

අද දිනයේදීද දිවයින පුරා ප්‍රධාන වශයෙන් වැසි රහිත කාලගුණ තත්ත්වයක් අපේක්ෂා කරන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

Read More

දෙවැනි එළිසබෙත් රැජින ලින්ඩන් ජොන්සන් හැර අවසන් ඇමෙරිකානු ජනාධිපතිවරුන් 14 දෙනාගෙන් 13දෙනෙකු මුණ ගැසී ඇත.

Read More

වස මිශ්‍ර සහල් ආනයනය කර ඇති බවට ඇතැම් මාධ්‍ය වාර්තා කළ තොරතුරු අසත්‍ය හා පදනම් විරහිත බව වැඩබලන පළිබෝධනාශක රෙජිස්ට්‍රාර්වරයා ප්‍රකාශ කළ බව ජනාධිපති මාධ්‍ය අංශය කියයි.

Read More

යුක්රේනයේ ගැටුම සම්බන්ධයෙන් ඔහුගේ “කනස්සල්ල” ගැන තමා දන්නා බව පූටින් ඉන්දීය අගමැතිට පැවසූ අතර “මේ සියල්ල හැකි ඉක්මනින් නතර කිරීමට සෑම දෙයක්ම කරන බවට” ප්‍රතිඥා දුන්නේය.

Read More

දෙවැනි එළිසබෙත් රැජිනට අවසන් ගෞරව දැක්වීම සඳහා වූ පෝලිම තාවකාලිකව වසා දැමීමට සිදුවී ඇති අතර, තෙවැනි චාල්ස් රජුද එම ජනතාව හමුවී ඇත.

Read More

ඕස්ට්‍රේලියානු තණතීරුවලදී පා දග පන්දු යවන ක්‍රීඩක වනිඳු හසරංග තර්ජනයක් වන බැවින් ඔහුගෙන් ප්‍රවේශම් විය යුතු බව ශ්‍රී ලංකා හිටපු සුපිරි දඟ පන්දු යවන ක්‍රීඩක මුත්ත්යියා මුරලිදරන් අනෙකුත් කණ්ඩායම්වලට අනතුරු ඇඟවීය. ’’ඔහු විශිෂ්ට විස්සයි20 පන්දු යවන්නෙක්. පසුගිය වසර 2-3 තුළ ඔහු ඉතා හොඳින් ක්‍රීඩා කළා. ඔහු තරුණයෙක්,’’ මුරලිදරන් ඉන්දියාවේදී මාධ්‍යවේදීන් අමතමින් පැවසීය.

Read More

ෂැංහයි සහයෝගිතා සංවිධානයේ සාමාජිකයින් රාජ්‍ය නායකයින් 2022 සැප්තැම්බර් 16 වැනි දින උස්බෙකිස්ථානයේ සමර්කන්ඩ් හි SCO හි රාජ්‍ය නායක කවුන්සිලයේ 22 වැනි රැස්වීමේ සීමිත සැසිවාරයට සහභාගී වූහ.

Read More

පෝලන්තය, රුමේනියාව, ඊශ්‍රායලය, දකුණු කොරියාව, ජපානය, මැලේසියාව හා මාලදිවයින වැනි රටවල රැකියා ලබාදෙන බව පවසමින් මුදල් වංචාකරන පුද්ගලයින්ට හසු නොවන ලෙස කම්කරු හා විදේශ රැකියා අමාත්‍ය මනුෂ නානායක්කාර මහතා රැකියා අපේක්ෂිතයින්ගෙන් ඉල්ලා සිටියි.

Read More

සටන්කාමීන් සිටින බවට ලද බුද්ධි තොරතුරක් මත මෙහෙයුම ක්‍රියාත්මක කළ බව එරට මාධ්‍ය වාර්තා කළේය.

Read More

ක්‍රිකට් ක්‍රීඩක දසුන් ශානක ඇතුළු කණ්ඩායම පරාජය ප්‍රයෝජනයට ගනිමින් ආසියානු කුසලානය දක්වා ඉදිරියට යාමට එය ශක්තියක් කරගත් බව පැවසූ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එලෙස සිතනවානම් රට ලෝකය ඉදිරියේ ජයග්‍රහණය කරවීම අසීරු කාර්යයක් නොවන බව සඳහන් කළේය.

Read More

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් වැඩ බලන ආයෝජන ප්‍රවර්ධන අමාත්‍යවරයා ලෙස දිලුම් අමුණුගම මහතා පත් කර ඇත.

Read More

මාර්තු මාසයේ සිට රුසියානු හමුදා විසින් රදවාගෙන සිටි ශ්‍රී ලාංකික සිසුන් හත් දෙනෙකු ඛාර්කිව් කලාපයේ මුදාගත් ප්‍රදේශවලදී බේරා ගත් බව යුක්රේන ජනාධිපති සෙලෙන්ස්කි සිකුරාදා ප්‍රකාශ කළේය.

Read More

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා බ්‍රිතාන්‍යයේ අභාවප්‍රාප්ත වී සිටින එලිසබෙත් මහ රැජිනගේ අවමංගල්‍ය උත්සවයට සහභාගී වීම සදහා අද දින අලුයම කටුනායක ගුවන් තොටුපළෙන් පිටත්ව ගිය බව ගුවන් තොටුපළ කාර්යය භාර නිලධාරීවරයා පැවසීය.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.