saravita-anim2

2025 සැප්තැම්බර් මස 30 වන අඟහරුවාදා

2025 සැප්තැම්බර් මස 30 වන අඟහරුවාදා

Latest News - timelapse 4825 hours ago

LATEST

පුංචි ඡන්දය ගැන නීතියෙන් පිට කිසිවක් කරන්නේ නැහැ

calendar_today 2022 සැප් 20 - 13:54 remove_red_eye - 339  

පළාත් පාලන මැතිවරණය සම්බන්ධයෙන් කටයුතු කරන්නේ, අනුගමනය කළ යුතු පිළිවෙත් අනුව නීත්‍යානුකූලව බවත්, නීතියෙන් පිට කිසිවක් නොකරන බවත්, අග්‍රාමාත්‍ය සහ රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා ප්‍රකාශ කළේය.

පාසල් දැරියන් සහ කාන්තාවන් මුහුණ දෙන සනීපාරක්ෂක තුවා සම්බන්ධයෙන් වන ගැටලුවට මෙම සතියේ විසඳුම් ලබා දීමට කටයුතු කරන බව වෙළඳ අමාත්‍ය නලීන් ප්‍රනාන්දු මහතා පැවසීය.

Read More

ජාතික සභාව පිහිටුවීමට අදාළ යෝජනාව අගමැති දිනේෂ් ගුණවර්ධන මහතා විසින් අද (20දා) පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලැබීය.

Read More

වතු නිවාසවල ජීවත්වන සියලුම දෙනාට නිවාස ඉදිකර දීමට රජය කටයුතු කරන බව ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක, නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා අද (20දා) පාර්ලිමේන්තුවේදී පැවසීය.

Read More

මෙම වසරේ ගත වූ මාස අටක කාලය තුළ අලුතින් ත්‍රිරෝද රථ ලියාපදිංචි කර ඇත්තේ 19 ක් පමණක් බව මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් ජනරාල් නිශාන්ත වීරසිංහ මහතා පවසයි.

Read More

එක්සත් ජාතීන්ගේ 77 වන මහා සමුළුවට සමගාමීව එක්සත් ජනපදයේ නිව්යෝක්හි පැවැත්වෙන අධ්‍යාපන පරිවර්තන සමුළුවට ශ්‍රී ලංකාව නියෝජනය කරමින් අධ්‍යාපන අමාත්‍ය ආචාර් ය සුසිල් ප්‍රේමජයන්ත මහතා එක්විය.

Read More

විදේශගතව සැඟව සිටින බව කියන ප්‍රධාන පෙලේ මත්කුඩු ජාවාරම්කරුවෙකු වන පානදුර සලිදු නමැත්තාගේ ජාවාරමට අයත් මත්කුඩු පැකට් කිරීමේ මධ්‍යස්ථානයක් ලෙස පවත්වාගෙන ගිය නිවසක් වටලා රුපියල් ලක්ෂ තිහකට අධික වටිනාකමකින් යුත් හෙරොයින් මත්කුඩු , ජාවාරම් මුදල් එක්ලක්ෂ පනස් හයදහසක් ,ඇසුරුම් කඩදාසි සහ විද්යුත් තරාදි ඇතුළු උපකරණ සමග අඹු සැමි යුවලක් අත්අඩංගුවට ගත්බව අලුබෝමුල්ල පොලිසිය පවසයි.

Read More

මෙහිදි මාන්නප්පෙරුම මහතා සඳහන් කළේ පාර්ලිමේන්තුව් මාසික විදුලි බිල ලක්ෂ 60ක් වන බවත් ඒ අනුව එය අවම කර ගැනීම වෙනුවෙන් සූර්ය ‌කෝෂ මගින් විදුලිය ලබා ගැනීමේ ක්‍රමයක් සකස් කරන ලෙසයි. එයට පිළිතුරු ‌‌දෙමින් අමාත්‍ය කංචන විජේසේකර මහතා සඳහන් කළේ පාර්ලිමේන්තුවේ විදුලි බිල සඳහා රුපියල් ලක්ෂ 60ක් ගෙවනවා වෙනුවට ඒ සඳහා ගෙවීමේ ක්‍රමයට හෝ සූර්ය විදුලි පද්ධතියක් ස්ථාපිත කිරීම වැදගත් බවයි.

Read More

ජාතික පශු සම්පත් මණ්ඩලයට අයත් තලවකැලේ, ආගරපතන, බෝපත්තලාව රජයේ සත්ත්ව ගොවිපල පුද්ගලික අංශයට ලබාදීමට රජය ගෙන ඇති තීරණයට තමන් දැඩි ලෙස විරෝධය දක්වන බව එම ගොවිපළේ සේවකයෝ පවසති

Read More

දිවයිනට මේ වන විට බලපා ඇති වැසි රහිත කාලගුණ තත්ත්වයේ වෙනසක් ඇතිවන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අද පෙරවරුවේ නිකුත් කළ නිවේදනය අනුව පැහැදිලි වෙයි.

Read More

රටේ පාලකයා රටේ පාලනය අත්හැරලා යනවා කියලා කියන්නේ රට මොන තරම් තත්වයක තියෙනවා කියලා ඔබවහන්සේලා හිතනවාද? තමන්ගේ පාලනය අත්හැරලා කාටවත් දැනෙන්නේ දෙන්නේ නැතිව හිටපු ගමන් ගියවිට මොනතරම් ප්‍රශ්නයක් ගැටළුවක් පිඩනයක් රටේ තියෙන්න ඇද්ද, ඒ පිඩනය ගැටළුව නැතිවුනේ නැහැ. ඒක තාම තියෙනවා. තාවකාලිකව යටපත්විමක් තමයි තියෙන්නේ පොඩි සමනයක් වෙලා තියෙනවා.

Read More

විදේශ කටයුතු අමාත්‍යාංශයේ කොන්සියුලර් කටයුතු අංශයේ සහ යාපනය, ත්‍රිකුණාමලය, මහනුවර, කුරුණෑගල සහ මාතර යන ප්‍රාදේශීය කාර්යාලවල සහතික කිරීමේ සහ සත්‍යාපන ඒකකයේ පරිගණක පද්ධති බිඳවැටීම විසඳා ඇති අතර, සහතික කිරීමේ සහ සත්‍යාපනය කිරීමේ සේවාව 2022 සැප්තැම්බර් 20 (හෙට) දින සිට නැවත ආරම්භ වන බව විදේශ කටයුතු අමාත්‍යාංශය මහජනතාවට දැනුම් දෙයි.

Read More

කොළඹ නෙළුම් කුලුන නරඹන්නන් සඳහා විවෘතව තැබෙන කාලය පැය දෙකකින් දීර්ඝ කර ඇතැයි නෙළුම් කුලුන පුද්ගලික සමාගමේ ප්‍රධාන පාරිපාලන නිලධාරී විශ්‍රාමික මේජර් ජෙනරල් ප්‍රසාද් සමරසිංහ මහතා පැවසීය.

Read More

අභාවප්‍රාප්ත වූ දෙවැනි එලිබෙත් මහ රැජිනගේ අවසන් කටයුතු මහා බ්‍රිතාන්‍යයේ දී සිදු කෙරෙයි. මේ එහි අවස්ථා කිහිපයකි.

Read More

සෞඛ්‍ය ක්ෂේත්‍රයේ සියලු කණ්ඩායම් රටෙහි ඖෂධ තත්ත්වය කළමණාකරණය කර ගනිමින් සිටින බවත්, එළඹෙන මාසය වන විට මෙහි ඇතැම් ගැටලු සහ එහි පවතින තත්ත්වයන් විසඳා ගැනීමට හැකි වනු ඇති බවත්, සෞඛ්‍ය අමාත්‍ය ආචාර්ය කෙහෙලිය රඹුක්වැල්ල මහතා පවසයි.

Read More

විදුලි ජනනයට ප්‍රමාණවත් ඉන්ධන නොමැතිවීම නිසා හෙට සහ අනිද්දා (20 සහ 21) දෙදින පැයයි විනාඩි 20 ක් විදුලි කප්පාදු කිරීමට අනුමැතිය දුන් බව මහජන උපයෝගිතා කොමිසම පවසයි.

Read More

ත්‍රිපිටකය සහ අභිධර්මය මූලික කරගනිමින් විෂයක් ලෙස බෞද්ධාගම ඉගැන්වීමට කටුකැලේ ජුම්මා මස්ජිද් ඉස්ලාම් දේවස්ථානයට අයත් අරාබි පාසලේ අධ්‍යාපනය ලබන සියලුම සිසුන්ට ලබාදීමට එහි පාලක මණ්ඩලය පියවර ගෙන තිබේ.

Read More

යුක්‍රේනයේ කාර් කිව් ප්‍රදේශයේ බලහත්කාරයෙන් රඳවා ගෙන සිටි බවට පැවසෙන ශ්‍රී ලාංකික සිසුන් හත් දෙනාගේ ඡායාරූප මේ වන විට මාධ්‍යට නිකුත්කර ඇත.

Read More

ශ්‍රී ලංකාවට ණය ලබා දී ඇති ප්‍රධානතම ද්විපාර් ශවික ණය හිමියා බවට පත් වීමට ඉන්දියාව මෙම වසරේදී සමත්ව තිබේ.

Read More

ගාල්ල වරායේ ආයෝජන සඳහා සමාගම් තුනක් මේ වන විට ඉදිරිපත්ව සිටින බවත් ඉන් සුදුසු සමාගමකට ආයෝජන සඳහා නුදුරේදීම අනුමැතිය ලබා දෙන බවත් වරාය නාවික හා ගුවන් සේවා අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා පවසයි.

Read More

යාපනය ඉරුපලෙයි ප්‍රදේශයේදී කොටි ත්‍රස්තයින් වලදැමූ බවට සැකකෙරුනු ස්ථානයක රත්ත්‍රන් සොයා සිදුකල කැනීම් නවතා දැමීමට යාපනය මහෙස්ත්‍රාත් ඒ.ඒ. ආනන්දරාජා මහතා ඊයේ (18දා) නියෝග කළේය.

Read More

වෙස්ට්මිනිස්ටර් ශාලාවේ තැන්පත් කර ඇති රැජිනගේ දේහයට අවසන් ගෞරව දැක්වීමට ජනතාවට ලබා දුන් කාලය ශ්‍රී ලංකා වේලාවෙන් පෙ.ව. 11.00 ට අවසන් විය.

Read More

නෙළුම් කුලුන නැරඹීම සඳහා ජනතාවට ප්‍රවේශපත් අලෙවි කිරීමෙන් රුපියල් මිලියන 10කට ආසන්න මුදලක් ඊයේ (18දා) රාත්‍රී වන විට උපයා ඇතැයි නෙළුම් කුලුන කළමනාකරණ පෞද්ගලික සමාගම පවසයි.‍

Read More

රුපියල් ලක්ෂ 60 කට ආසන්න මුදලක් වැය කරමින් කරවල සැකසිම සදහා කන්දකුලිය වෙරළ තිරයට ආසන්නයේ ඉදිකල සෞභාග්‍යා කරවල නිෂ්පාදන ගම්මානය කිසිදු ප්‍රයෝජනයක් නොගෙන විනාශ විමට ඉඩහැර ඇති බව ධීවරයින් පවසති.

Read More

සංවිධානාත්මක අපරාධ හා මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් සිවු දෙනකුගේ ප්‍රධානතම ගෝලයන් දෙදෙනකු පානදුර හා හැඳල ප්‍රදේශයේ සිදුකළ වැටලීම් දෙකක දී අත්අඩංගුවට ගත් බව පොලිස් විශේෂ කාර්ය බළකාය පවසයි.

Read More

පැරණි සම්ප්‍රදායන්ට නව ජීවයක් දෙමින් අනාදිමත් කාලයක සිට පැවත එන ගවයින් බැදී තිරික්කල් රේස් තරගාවලියක් මුලතිව් වට්ට්‍රාපලෙයි නන්දිකඩාල් කලපුව ප්‍රදේශයේදී ඊයේ (18දා) පැවත්වුණි.

Read More

සොරකම් කරන ලද යතුරු පැදි වලින් ගොස් සංවිධානාත්මකව, අපරාධ ක්‍රියාවල නිරත වූ හිටපු යුද හමුදා සෙබලුන් තිදෙනෙකු, ජීව අත් බෝම්බයක් සහ සොරකම් කරන ලද යතුරුපැදියක්, රන්භාණ්ඩ සමඟ ඊයේ (18 දා) අත්අඩංගුවට ගත් බව අනුරාධපුර මූලස්ථාන පොලීසිය පවසයි.

Read More

පුද්ගලික ආරවුලක් දුරදිග යාමෙන් අසල්වැසියාගේ ඇඟිල්ල වෙන් වෙන්නම සපාකෑ බව කියන සැකකරුවෙකු ඊයේ (18දා) අත්අඩංගුවට ගත් බව මොරටුව පොලිසිය පැවසීය.

Read More

පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ සිව්වන වසරේ අධ්‍යාපනය හදාරමින් එම විශ්වවිද්‍යාලය ආසන්නයේ පෞද්ගලික නේවාසිකාගාරයක පදිංචිව සිටි ශිෂ්‍යයෙකු ඉකුත් 16 වැනිදා සිට අතුරුදන්ව ඇති බවට එම ශිෂ්‍යාගේ දෙමව්පියන් විසින් පේරාදෙණිය පොලීසියට පැමිණිලි කොට තිබේ .

Read More

‘මොණරුන් බහුල ප්‍රදේශයක්’ යන්න සිංහලින් සඳහන් කර තිබූ පුවරුවේ ඉංග්‍රීසියෙන් සඳහන් කර ඇත්තේ ‘Danger Peacocks Ahed’ යනුවෙනි. මේ පිළිබඳව අදහස් දක්වමින් ඇය පවසා ඇත්තේ තමා ජීවිතයේ කිසිම දිනක අනතුරුදායක මොණරුන් දැක නැති බවයි.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.