මාලදිවයින සම්බන්ධයෙන් තමන් බර්ලිනයේදී කළ ප්‍රකාශයේ සන්දර්භය ඉවත් කොට වැරදි වැටහීමක් ලැබෙන ලෙස සමාජ මාධ්‍ය ඔස්සේ ප්‍රචාරය කර ඇතැයි සංචාරක අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා පවසයි.
මාලදිවයින සම්බන්ධයෙන් අමාත්‍යවරයා කළ ප්‍රකාශය මාලදිවයින තුළද දැඩි ලෙස අවධානයට ලක්ව තිබුණ අතර එයට මාලදිවයින තුළ දැඩි විරෝධයක් එල්ල විය.
සංචාරක ව්‍යාපාරය සම්බන්ධයෙන් මාලදිවයින සමග එක්ව කටයුතු කරන බවත් තම ප්‍රකාශයෙන් යම් අපහසුතාවයක් සිදුවූවානම් ඒ සඳහා සමාව අයදින බවත් අමාත්‍යවරයා පැවැසීය.