දඹුල්ල සහ කැප්පටිපොල ආර්ථික මධ්‍යස්ථාන වල එළවළු තොග මිළ මේ දිනවල අඩුවෙන් පැවතියද එම එළවළු ප්‍රවාහනය කර සිල්ලරට අලෙවි කිරිමේදි විශාල පිරිවැයක් දැරීමට සිදු වි ඇති නිසා පාරිභෝගිකයන්ට සිල්ලර මිලට එළනළු අලෙවි කිරිමේදි මිළ අඩුවෙන් අලෙවි කළ නොහැකි බව හැටන් ප්‍රදේශයේ සිල්ලර වෙළදුන් කියා සිටියි.
එම ආර්ථික මධ්‍යස්ථානවලින් එළවළු රැගෙනවිත් පරික්ෂා කිරිමේදි එම එළවළු තොගවලින් විශාල එළවළු ප්‍රමාණයක් නරක් වි ඇති නිසා ඒවා ඉවත් කිරිමට සිදුවන බවත්, තවද ඉන්ධන මිළ ඉහළ යාම හමුවේ ප්‍රවාහන ගාස්තු අධික වි ඇති නිසා එළවළු මිල සිල්ලරට අලෙවි කිරිමේදි එම පිරිවැය දරාගෙන එලවළු අලෙවි කල යුතු බවයි හැටන් ප්‍රදේශයේ එලවළු වෙලෙදුන් කියා සිටින්නේ.
තවද එලවළු රැගෙන එන දැල් බැග සදහා විශාල මුදලක් වැය වන බවත්, එලවළු පැටවිමේදි සහ බෑමේදි නාටාබි කුලිය විශාල වශයෙන් වැය වන බවයි වෙලෙදුන් කියා සිටින්නේ.
පවත්නා තත්ත්වය මත මාලු මිරිස් කිලෝවක් රු 360, බෝංචි රු 280, කැරට් රු160, ලික්ස් රු 280, වම්බටු රු 280, බණ්ඩක්කා රු 280, ගෝවා රු 100, බිට්රුට් රු 240, රාබු රු 100, නෝකොල් රු 200, වට්ටක්කා රු 120, පතෝල රු 240, කරවිල රු 480, තක්කාලි රු 320 වැනි සිල්ලර මිලකට හැටන් නගරයේ එලවළු වෙලෙන්දන් අලෙවි කරනු ලබයි.




