saravita-anim2

2025 සැප්තැම්බර් මස 30 වන අඟහරුවාදා

2025 සැප්තැම්බර් මස 30 වන අඟහරුවාදා

Latest News - timelapse 4819 hours ago

LATEST

රාජ්‍ය සේවක වැටුප් බිල ගෙවන්නත් ප්‍රමාණවත් ආදායමක් නෑ

calendar_today 2022 සැප් 21 - 19:40 remove_red_eye - 982  

රාජ්‍ය සේවකයන්ගේ මාසික වැටුප් බිල ගෙවා ගැනීමට ප්‍රමාණවත් ආදායමක් නොලැබෙන බවත්, ණය ප්‍රතිව්‍යූහගත කිරීමේ වැඩසටහන හේතුවෙන් මුදල් අච්චු ගැසීමටද නොහැකි බවත් ප්‍රවාහන අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා පැවසීය.

පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ ශාස්ත්‍ර පීඨයේ සිව්වැනි වසරේ අධ්‍යාපනය හදාරමින් සිටියදී ඉකුත් 16 වැනිදා සිට අතුරුදහන්ව සිටී සිසුවාගේ මෘත දේහය ගැටඹේ ප්‍රදේශයේ මහවැලි ගඟේ තිබියදී සොයාගත් බව පෙරදෙනිය පොලිසිය කියයි .

Read More

දේශීය ලොකු ලූනු අස්වැන්න දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයට රැගෙන ආවද ඒවා අලෙවි නොවීම නිසා ගොවීන් දැඩි අසීරුතාවයකට පත්ව සිටින බවත් විදේශීය ලොකු ලූනූ තොග විශාල වශයෙන් අඩු මුදලට අලෙවි කිරීම නිසා මේ තත්වය උදා වී ඇති දේශීය ලොකු ලූනු ගොවියෝ පවසති.

Read More

අත්‍යාවශ්‍ය ඖෂධ 383න් ඖෂධ 91ක හිඟයක් තිබෙන බවත්, කෙසේ වෙතත් ඖෂධ හිඟ තත්ත්වය පාලනය කර ගත හැකි මට්ටමේ තිබෙන බවත් සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා පැවසීය.

Read More

ශ්‍රී ලංකාවේ ප්‍රසිද්ධ ව්‍යාපාරිකයන් හා අයතන බදු දැලෙන් රිංගා යන ආකාරය පිලිබඳව පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්දානන්ද අලුත්ගමගේ මහතා පාර්ලිමේන්තුවේ හෙළිදරව්වක් කළේය.

Read More

යුක්රේනයේ යුද්ධය මාස හතකට ආසන්න කාලයක් කරා ළඟා වන විට රුසියානු ජනාධිපති ව්ලැඩිමීර් පුටින් රුසියාවේ අර්ධ බලමුලු ගැන්වීමක් නිවේදනය කළේය.

Read More

සති අන්තයේ සිට මහ නුවර හා අනුරාධපුරට නව සුඛෝපභෝගි දුම්රිය ගමන් වාර දෙකක් ආරම්භ කරන බව ප්‍රවාහන අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා පවසයි.

Read More

සමාජ ආරක්ෂණ දායකත්ව බදු පනත් කෙටුම්පතට කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා ඊයේ (20) සිය සහතිකය සටහන් කළ බව අද(21) පාර්ලිමේන්තුවට නිවේදනය කළේය. මෙම පනත් කෙටුම්පත පසුගිය 08 වැනිදා පාර්ලිමේන්තුවේදී වැඩි ඡන්දයෙන් සම්මත විය.

Read More

ශ්‍රී ලංකා වරාය අධිකාරිය ඇතුළු අමාත්‍යාංශය යටතේ පවතින අනෙකුත් ආයතනවල මෙහෙයුම් කටයුතු පුළුල් කරමින් කාර්යක්ෂමතාව වැඩි කරන ලෙස වරාය, නාවික හා ගුවන් සේවා අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා ඊයේ (20) පාර්ලිමේන්තුවේදී අදාළ නිලධාරීන්ට උපදෙස් ලබා දුන්නේය.

Read More

මුදල් ඔට්ටුවට බූරුවා ගැසූ ගැහැණුන් සිව් දෙනෙකු ඊයේ ( 20) රෑ අම්බලන්ගොඩ කුලීගොඩදී සැකපිට ප්‍රශ්න කිරීම සඳහා අත්අඩංගුවට ගත් බව අම්බලන්ගොඩ පොලීසිය කියයි.

Read More

රටින් ගෙන්වන හාල් පරිභෝජනය කරනවාට වඩා ශ්‍රී ලංකාවේ ගොවි ජනතාව නිපදවන හාල් පරිභෝජනය කිරීම සෞඛ්‍යයට හිතකර බව කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා පාර්ලිමේන්තුවේදී පැවැසීය.

Read More

ත්‍රි පෝෂවල පිළිකාකාරක ඇති බවට පළවන වාර්තා අසත්‍ය බව සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා පැවැසිය. පාර්ලිමේන්තුවේදී ප්‍රකාශයක් කරමින් ඔහු මේ බව පැවැසීය.

Read More

දරුවන්ගේ මන්දපෝෂණය සම්බන්ධයෙන් යුනිසෙෆ් ආයතනය මීට පෙර නිකුත් කළ වාර්තා සම්බන්ධයෙන් ඔවුන් කනගාටුව ප්‍රකාශ කළ බව සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා පැවැසීය.

Read More

ජාත්‍යන්තරය තුළ දැඩි අවධානයක් යොමුවූ චීනයේ පර්යේෂණ නෞකාව යළිත් චීනයේ ජියෑන්ෂු වරායට සඳුදා දිනයේදී ළඟා වී තිබේ. මෙම නෞකාව පසුගිය මාසයේදී ශ්‍රි ලංකාවට පැමිණි අතර එය ජාත්‍යන්තර තුළ වඩාත් අවධානය දිනාගත් ප්‍රවෘත්තියක් බවටද පත්විය.

Read More

ජනාධිපතිවරයාගේ මෙම පැමිණීම වෙනුවෙන් කටුනායක ගුවන් තොටුපළ තුළත් ඒ අවට ප්‍රදේශය තුළත් කොළඹ කටුනායක අධිවේගී මාර්ගය දෙපසත් සහ ගුවන් ධාවන පථය අවටත් ආරක්ෂාව දැඩි ලෙස තර කර තිබුණි .

Read More

ගල්ගමුව, ට්‍රැක් 5 ප්‍ර දේශයේදී ්උදැල්ලකින් පහරදී පුද්ගලයන් දෙදෙනෙක් ඝාතනය කර ඇතැයි පොලීසිය කියයි. අවුරුදු 16ක් හා 67ක් වන අඹන්පොල හා ගල්ගමුව පදිංචිකරුවන් දෙදෙනෙක් මෙසේ ජීවිතක්ෂයට පත්ව තිබේ.

Read More

නව විදුලි ගාස්තු සංශෝධනය හේතුවෙන් ආගමික සිද්ධස්ථාන මුහුණදෙන දැඩි දුෂ්කරතාවට පිළිබඳව ජනාධිපතිවරයා දැනුවත් කරමින් ත්‍රෛනිකායික මහ නාහිමිවරුන් විසින් කාබද්ධ ලිපියක් යොමුකොට තිබේ.

Read More

මෙම අවස්ථාව සඳහා ලැබුණු නිල ආරාධනය අනුව ශ්‍රී ලංකා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සමග නිල දූත පිරිසට එක් වූයේ ජනාධිපති පෞද්ගලික ලේකම් සැන්ඩ්‍රා පෙරේරා සහ ජාත්‍යන්තර සබඳතා පිළිබඳ ජනාධිපති අධ්‍යක්ෂ දිනුක් කොළඹගේ යන මහත්ම මහත්මීහු පමණි. ඊට අමතරව ජනාධිපතිතුමාගේ නිල වෛද්‍යවරයා මීට සහභාගී විය. ජනාධිපතිතුමාගේ භාර්යාව මහාචාර්ය මෛත්‍රී වික්‍රමසිංහ මහත්මිය මේ සඳහා එක් වූයේ එතුමියගේ පෞද්ගලික වියදමින් වන අතර, දේශගුණික විපර්යාස පිළිබඳ ජනාධිපති උපදේශක සහ එක්

Read More

අද වන විට පාසල් දැරියන්ගේ සනීපාරක්ෂාව පිළිබඳ ප්‍රශ්නය බරපතළ ලෙස ඉස්මතු වී ඇති බවත්, බොහෝ දැරියන් පාසල් නොඑන තත්ත්වයක් හටගෙන ඇති බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මහතා අද (20) පාර්ලිමේන්තුවේදී පැවසීය.

Read More

ඉදිරි මැතිවරණවලදීත් මෙරට දේශපාලනයේ තීරණාත්මක සාධකය බවට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පත්වන බව නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා පැවසීය.

Read More

යල කන්නයේ වී වගාව අවසන් කළ අම්පාර, මඩකලපුව, මුලතිව්, යාපනය, අනුරාධපුර, හා මොණරාගලට මහ කන්නය සඳහා අවශ්‍ය යුරියා පොහොර කඩිනමින් යැවීමට පියවර ගන්නා ලෙස කෘෂිකර්ම, වනජීවි හා වනසම්පත් සංවර්ධන අමාත්‍ය මහින්ද අමරවීර මහතා අද (20) අමාත්‍යාංශයේ නිලධාරින්ට උපදෙස් දුන්නේය.

Read More

යාපනය දිස්ත්‍රික්කයේ තරුණ සමාජය තුළ මත්ද්‍රව්‍ය භාවිතය දරුණු අයුරින් ඉහල ගොස් ඇති බවත් ගෙවුනු මාස 03 ක කාලය තුලදී පුද්ගලයින් 10 දෙනෙකු මිය ගොස් ඇතැයි රෝහල් වාර්තාවලින් අනාවරණය වන බවත් යාපනය පොලීසිය පවසයි.

Read More

සමෘද්ධිමත් ජාතියක් වීමට එකට එක්ව බංකොලොත්භාවයට එරෙහිව සටන් කළ යුතු බව බ්‍රිතාන්‍යයේ ශ්‍රී ලාංකික ඩයස්පෝරාව සමඟ ඊයේ (19) පැවති හමුවකදී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අවධාරණය කළේය.

Read More

විදුලිබිල සංශෝධනයෙන් පසු මෙරට තිබෙන ආගමික සිද්ධස්ථාන 48,000 අතුරින් සිද්ධස්ථාන 36,000ක් විදුලි බිල ලෙස උපරිම ගෙවනු ලබන්නේ රැපියල් 3990ක් බවත්, කෙසේ වෙතත් ඉහළ විදුලි බිලක් ලැබෙන ආගමික සිද්ධස්ථාන 12,000ක් තිබෙන බවට තමා පිළිගන්නා බවත් විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා පැවසීය.

Read More

2019 නොවැම්බර් සිට වර්ථමානය දක්වා රටේ ආර්ථික පසුබෑම සොයා බලා පාර්ලිමේන්තුවට වාර්තා කිරීම සඳහා පාර්ලිමේන්තු විශේෂ කාරක සභාවක් පිහිටුවන ලෙස ඉල්ලමින් විපක්ෂයේ මන්ත්‍රීවරැන් කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතාට ලිපියක් යොමු කර තිබේ.

Read More

දෙවැනි එළිසබෙත් මහ රැජිණගේ අවමංගල්‍යයට සහභාගිවීම සඳහා ලන්ඩනයට පැමිණි ලෝක නායකයන් සහ තෙවැනි චාල්ස් රජු අතර හමුවක් 18 දා බකිංහැම් මාළිගයේ දී පැවැත්විණි.

Read More

COVID-19 හෝ උණ රෝගයට නිරාවරණය වී ඇත්දැයි පරිශීලකයින්ට දැන ගැනීමට ඉඩ සලසන නව මුව ආවරණයක් චීන පර්යේෂකයන් විසින් නිපදවා තිබේ. මුහුණු ආවරණ භාවිතය පහත වැටෙන විට සහ තවත් රටවල් වෛරස් සීමා ලිහිල් කරන විට පවා අවදානමට ලක්විය හැකි ජනගහනයට උපකාර කිරීම මෙම නව නිර්මාණයේ අපේක්ෂාවයි.

Read More

දේශපාලන මූලෝපායක් වෙනුයට දේශපාලන කූටෝපායක් ලෙස ජාතික සභාව යන සංකල්පය අපයෝජනය කරන බවත්, එමෙන්ම මෙම යෝජනාව තුළ පාර්ලිමේන්තුවේ ස්වාධීන වූ කණ්ඩායම් මගහැරීම සඳහා නිරැවත් කුමන්ත්‍රණයක් ක්‍රියාත්මක වන බවත් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ස්වාධීන වූ කණ්ඩායම නියෝජනය කරන පාර්ලිමේන්තු මන්ත්‍රී ඩලස් අලහප්පෙරැම මහතා පැවසීය.

Read More

ශ්‍රී ලංකා ක්‍රිකට් හි ’’ක්‍රිකට් අධ්‍යක්ෂ’’ ලෙස කටයුතු කළ ටොම් මූඩි මහතා හා පවතිනකොන්ත්‍රාත්තුව වහාම ක්‍රියාත්මක වන පරිදි අවසන් කිරීමට අන්‍යෝන්‍ය වශයෙන් එකඟ විය.

Read More

ඉදිරිපත් කර තිබෙන ජාතික සභාව පිහිටුවීමේ යෝජනාව වර්ථමාන ආණ්ඩුවට එල්ල වී තිබෙන තර්ජනයන් සහ අභියෝගයන් ජාත්‍යන්තර හමුවේ සහ ජාතික වශයෙන් සමනය කර ගැනීම සඳහා අටවන ලද ඇටවිල්ලක් පමණක් බව ජාතික ජන බලවේගයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක මහතා පැවසීය.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.