දරුවෙක්ව ලබා ගැනීමට නොහැකි කෙනෙක් සිටිනවානම් එම දරුවන්නව භාරදීමේ ස්ථාන නිර්මාණය කළ හැකි නම් එය හොඳ දෙයක් බව රාජ්‍ය අමාත්‍ය ගීතා කුමාරසිංහ මහත්මිය පැවැසුවාය.අද කොළඹදී පැවැති මාධ්‍ය හමුවකදී ඇය මේ බව කීවාය.
“තනි මවකට පුළුවන් වෙන්න ඕන දරුවෙක් හදා ගන්න. ලෝකයේ අනෙකුත් රටවල කාන්තාවන්ට දරුවෙක් ලැබෙන් ආවා කියලා ඒ දරුවා අනාථ වෙන්නෙත් නෑ. කාන්තාව දරුවා කිරිදෙන අවධිය තෙක් බලා ගන්නවා.
ඊට පස්සේ ඩේ කෙයා සෙන්ටර්ස් තියෙනවා. ඒවට දරුවා දානවා. රස්සාවට යනවා. ඒ වගෙ ඇති දැඩි වෙච්ච දරුවෝ ඕන තරම් ඉන්නවා. ඒක කිසිම අපහසට කාරණයක් නෙමෙයි. ලංකාවේ වගේ අහන්නේ නෑ, ඔයා බැඳලද? තාත්තගෙ නම උප්පැන්නෙට දාලද කියලා.
ඒ වගේ ජරා ප්‍රහාර නිසා තමයි මේ වගේ දේවල් වෙන්නේ. ගැහැනියකට තමන්ගේ දරුවෙක් හදා ගන්න තනියම පුළුවන්.
අපේ තාම පටු සිතුවිලි, විවාහ වෙන්නම ඕන. සැමියා උප්පැන්නෙට දාන්නම ඕන. නැත්නම් උඹට සමාජ යේ ජීවත් වෙන්න බෑ. කෝච්චියේ සිද්ධියේදී ඒ කාන්තාව ගැහි ගැහී කිව්වේ ඒක තමයි.
තමන්ගේ අසරණභාවය කිව්වාම දරුවාව භාරදීලා යන්න ක්‍රමයක් තිබුණොත් හොඳයි. තමන්ට දරුවෙක් ලැබෙන ආවම තනි මවක් හැටියට කටයුතු කරන්න.”