පේරේට ගන්නා සිසුන්ට මානසික වෛද්‍ය පරීක්ෂණයකට
පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ සියලු පීඨයන්ට ඇතුලත් කරගන්නා නවක සිසුන් මින් ඉදිරියට මානසික වෛද්‍ය පරීක්ෂණයකට ලක් කරන බවඑම විශ්වවිද්‍යාලයේ නියෝජ්‍ය උපකුලපති මහාචාර්ය ටෙරන්ස් මධුජිත් මහතා පවසයි .
මේ වර්ෂය සඳහා පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ වෛද්‍ය පීඨයට සහ කළමනාකරණ පීඨයට සිසුන් ඇතුලත් කරගන ඇති බවත් එම සිසුන්ගෙන් කළ මානසික වෛද්‍ය පරීක්ෂණයේදී ඔවුන් අතරින් 5% ක ප්‍රමාණයක් මානසික ප්‍රතිකාර ලැබිය යුතු මට්ටමේ සිටින බවද මහාචාර්යවරයා පැවැසීය .
මහාචාර්ය වරයා මෙම අදහස් පළ කර සිටියේ ඊයේ (12) හවස පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ උපකුලපති මහාචාර්ය එම්. ඩී. ළමාවංශ මහතාගේ ප්‍රධානත්වයෙන් සනාථන මන්දිරයේදී පැවැති මාධ්‍ය හමුවකදීය.
විශ්ව විද්‍යාලයට ඇතුලත් කරගන්නා සිසුන් සියලු දෙනා මේ වන විට කායික යෝග්‍යතා පරීක්ෂණයකට ලක් කරන බවත් මීට අමතරව සිදුකරන මෙම මානසික වෛද්‍ය පරීක්ෂණය තුළින් සිසුන්ගේ මානසික ප්‍රශ්න හඳුනා ගැනීම සිදුකරන බවද නියෝජ්‍ය උපකුලපතිවරයා පැවසීය.
විශ්ව විද්‍යාලයේ ඉංජිනේරු පීඨයේ සිසුන් කිහිප දෙනකු සිය දිවි නසා ගැනීම සම්බන්ධව විශ්වවිද්‍යාල පාලන අධිකාරිය අවධානය යොමු කිරීමෙන් අනතුරුව මෙම පියවර ගත් බවද නියෝජ්‍ය උපකුලපතිවරයා පැවසීය .
popular news
-
rocky Tuesday, 14 March 2023 06:34 AM
Meya Igena ganna sisunta karana Awamaanayaki. Me Yojanaawa genaa ayage maanasika thathwaya pareekshaa kireema suusuyi!
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

