ශ්රී ලංකා මහ බැංකුව අද (14) දින නිකුත් කළ විනිමය අනුපාත අනුව ඇමෙරිකානු ඩොලරය රුපියලට සාපේක්ෂව ශක්තිමත්වීමක් පෙන්නුම් කළේය.
මහ බැංකුව අද නිකුත් කරන ලද විනිමය අනුපාතිකයට අනුව ඇමරිකානු ඩොලරයක ගැණුම් මිල රුපියල් 319.84ක් ලෙස සටහන් වූ අතර විකුණුම් මිල රුපියල් 335.68 ලෙස සටහන් විය.
ඒ අනුව පෙර දිනට සාපේක්ෂව රුපියලේ අගය අවප්රමාණය වී ඇත. මාසය මුලදී ඇමෙරිකානු ඩොලරයට සාපේක්ෂව රුපියල ශක්තිමත් විය කෙසේ වෙතත පසුගිය සිකුරාදා සිට යළිත් රුපියල අවප්රමාණය වෙමින් පවතී.