saravita-anim2

2025 සැප්තැම්බර් මස 30 වන අඟහරුවාදා

2025 සැප්තැම්බර් මස 30 වන අඟහරුවාදා

Latest News - timelapse 4715 hours ago

LATEST

ලෝක සාගිනි දර්ශකයේදී ශ්‍රී ලංකාවට 64වැනි තැන

calendar_today 2022 ඔක් 15 - 19:43 remove_red_eye - 423  

ගෝලීය සාගිනි දර්ශකයට අනුව රටවල් 121 ක් අතරින් ශ්‍රී ලංකාවට 64 වැනි ස්ථානයට පත්ව ඇත. ශ්‍රී ලංකාවට ලකුණු 13.6 ක් හිමිව ඇති අතර ඒ අනුව ශ්‍රී ලංකාවේ සාගින්න මට්ටම මධ්‍යස්ථ මට්ටමක පවතින බව සැලකෙයි.

දිවයින ආශ්‍රිතව අන්තර් නිවර්තන අභිසාරී කලාපයේ බලපෑම හේතුවෙන් දැනට පවතින තද වැසි සහිත කාලගුණ තත්ත්වය තවදුරටත් අපේක්ෂා කරන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

Read More

ආසියානු කුසලාන විස්සයි20 තරගාවලියේ අවසන් මහ තරගයේදී ශ්‍රී ලංකා කණ්ඩායම පරාජය කරමින් කඩුලු 8ක පහසු ජයක් වාර්තා කිරිමට ඉන්දීය කණ්ඩායම සමත්විය.

Read More

ඉන්දියාව විසින් ශ්‍රී ලංකාවට ලබාදී ඇති ඩොලර් මිලියන 100ක වහල මත සූර්ය විදුලි පද්ධති සකස් කිරීමේ ව්‍යාපෘතිය යටතේ පාසල්, විශ්වවිද්‍යාල, අධ්‍යාපන ආයතන, ආගමික ස්ථාන, රජයේ ගොඩනැගිලි, රෝහල්, දිස්ත්‍රික් හා ප්‍රා දේශීය ලේකම් කාර්යාල වල වහල මත සූර්ය විදුලි පද්ධති සවි කරන බව විදුලි බල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා පවසයි.

Read More

“කිසිවෙක් අතහැරෙන්න දෙන්න එපාﹸﹸ තේමාව යටතේ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ උපදෙස් මත ක්‍රියාත්මක සුබසාධක ප්‍රතිලාභ ගෙවීම් සඳහා සුදුස්සන් හඳුනා ගැනීමේ වැඩසටහනේ අයදුම්පත් කැඳවීම ඔක්තෝබර් මස 28 දක්වා දීර්ඝ කර ඇත.

Read More

මුදල් ගෙවා ප්‍රතිකාර ලබා ගැනීමට සූදානම් පිරිසක් සමාජයේ සිටින බවත් එවැනි අවස්ථාවලදී පෞද්ගලික රෝහල් වලින් අයකරනු ලබන ඉහළ ගාස්තු ගෙවීමට නොහැකි ජනතාව වෙනුවෙන් මුදල් ගෙවා රජයේ රෝහල්වල නේවාසික ප්‍රතිකාර ලබා ගැනීමට හැකි ක්‍රමවේදයක් සකස් කරන බව සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා පවසයි .

Read More

චීනයේ කොවිඩ්-19 පොදු ප්‍රතිපත්තිය අනුව චීන සංචාරකයින් ඉක්මනින් ශ්‍රී ලංකාවට පැමිණීම ආරම්භ කරනු ඇතැයි ශ්‍රී ලංකාවේ චීන තානාපති චී ෂෙන්හොන් මහතා පැවැසීය.

Read More

බමුණුකන්ද කලු දොර පිටාර ගලා තිබියදි යතුරු පැදියකින් එයින් ‌එගොඩවීමට ගිය පුද්ගලයෙක් දියේ ගිලී ජීවිතක්ෂයට පත්ව ඇතැයි පොලීසිය කියයි.

Read More

මහියංගන, මාපකඩවැවේ දිය නෑමට ගිය වෛද්‍යවරු දෙදෙනෙක් අතරින් එක් වෛද්‍යවරයෙක් දියේ ගිලී ජීවිතක්ෂයට පත්ව ඇතැයි පොලීසිය කියයි.

Read More

වරකාපොල, මායින්නොලුව ප්‍ර දේශයේ නිවසක් මතට පස් කන්දක් කඩා වැටීමෙන් සිදුවූ අනතුරින් එම නිවසේ සිටි මව හා පුතා ජීවිතක්ෂයට පත්ව තිබේ. මෙම අනතුරින් සුන්බුන් අතර සිරවි සිටි පියා ඊයේ සවස බේරා ගැණින.

Read More

වගා කළ හැකි සියලු ඉඩම් වගා කරමින් රටේ ආහාර සුරක්ෂිතතාව තහවුරු කිරීමේ වැදගත්කම ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අවධාරණය කළේය.

Read More

දින කිහිපයක් තිස්සේ අයහපත් කාලගුණය හේතුවෙන් දිස්ත්‍රික්ක 11 ක පවුල් 5,212කට අයත්, 21,888 දෙනකු පීඩාවට පත්ව ඇති අකර මරණ 2ක් වාර්තා වී තිබේ.

Read More

අපි එදා තෙල් ටැංකි ලබා දුන්නා නම් අද තෙලුත් තිබෙනවා, අපිට පෝළිංවල ඉන්න වෙන්නෙත් නැහැ, කෝළහාල කරන්න වෙන්නෙත් නැහැ. තෙල් නැති නිසයි මේ ප්‍රශ්න ඇති වුණේ. රටේ ආර්ථිකය වැටුණත් තෙල් ටැංකිවල තෙල් තිබෙන්න තිබුණා. ඒත් තෙල් ටැංකි හිස්. ඒ නිසා අපේ වාහනවල තෙල් ටැංකිත් හිස්, අපි එදා මේක කළා නම් අද අපිට කිසිම ප්‍රශ්නයක් ඇති වෙන්නේ නැහැ.

Read More

ආනයනික තිරිඟු පිටි තොග මිල රුපියල් 375 සිට රුපියල් 290ක් දක්වා රුපියල් 85 කින් අඩු කරන බව අත්‍යවශ්‍ය ද්‍රව්‍ය ආනයනකරුවෝ පවසති.

Read More

මුහුදුබඩ දුම්රිය මාර්ගයේ උදෑසන කාර්යාල දුම්රිය ධාවනය කරන කාලසටහන වෙනස් කර තිබේ. ඒ අනුව සියලුම දුම්රියන් කලින් ධාවනය කරන වේලාවට වඩා විනාඩි 10-20ත් අතර කාලයක් කලින් ධාවනය කරයි. නව කාලසටහන මේ මස 20 වැනිදා සිට ක්‍රියාත්මක කිරීමට නියමිතය.

Read More

දුම්රියක් දුම්රිය ස්ථානයක නවතා තබන්නේ විනාඩියක කාලයක් වුවත් මේ වන විට දුම්රිය භාවිත කරන මගීන්ගේ සංඛ්‍යාව දෙගුණ වීම මත එම කාලය ප්‍රමාණවත් නොවිම හේතුවෙන් සියලු කාර්යාල දුම්රියන් ප්‍රමාද වී ධාවනය වන බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසයි.

Read More

ජාවාරම් කිරීමේ අරමුණින් නීතිවිරෝධී ලෙස සීමාව ඉක්මවා රන් ආභරණ රැගෙන විදේශගතව සිට මෙරටට පැමිණෙන පුද්ගලයින්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කිරීමට කඩිනමින් කටයුතු කරන බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා පැවසීය.

Read More

දිවයින ආශ්‍රිතව පහළ වායුගෝලයේ පවතින කැළඹිලි ස්වාභාවය හේතුවෙන් දිවයිනේ බොහෝ ප්‍ර දේශවල අහස වළාකුලින් බරව පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

Read More

වරකාපොල, මායින්නොලුව ප්‍ර දේශයේ දෙමහල් නිවසක් නාය යෑමෙන් සිදුවූ අනතුරකින් පියා බේරාගෙන ඇති අතර මව හා පුතා සුන්බුන් අතර සිරවී තිබේ. ඔවුන් දෙදෙනා බේරා ගැනීම වෙනුවෙන් මෙහෙයුම් ආරම්භ කර තිබේ. අද පෙරවරුවේ පටන් වරකාපොලට දැඩි වර්ෂාවක් පතිත වෙමින් පවතී.

Read More

ජල පෝෂක ප්‍රදේශවලට වර්ෂාව දිගටම පැවතුනහොත් ලය විදුලි කප්පාදුව අවම මට්ටමක තබා ගැනීමට ලංවිම කටයුතු කරන බවද අමාත්‍යවරයා පවසයි.

Read More

ශ්‍රී ලංකාවේ ණය සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහා පැරිස් ක්ලබ් ණයහිමි රටවල් පසුගිය මාසයේ චීනය හා ඉන්දියාව සමග සාකච්ඡා පවත්වා ඇතත් ඒහ රටවලින් තවමත් නිශ්චිත පිළිතුරක් ලැබී නොමැති බව රොයිටර් පුවත් සේවය වාර්තා කරයි.

Read More

ජාතික හැඳුනුම්පතක් ලබාගැනීම සම්බන්ධයෙන් වන ගාස්තු සංශෝධනය කිරීමට රජය පියවර ගෙන තිබේ. මේ අනුව ජාතික හැඳුනුම්පතක් පළමුවරට ලබාගැනීමේ දි රුපියල් 200ක ගාස්තුවක් ගෙවිය යුතුවෙයි.

Read More

පාස්කු ප්‍රහාරය වළක්වා ගැනීමට පියවර නොගැනීම සම්බන්ධයෙන් හි‌ටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට එරෙහිව කොටුව මහේස්ත්‍රාත් අධිකරණයේ ගොනුකර ඇති අපරාධ පැමිණිල්ල අද (14දා) දින සිට සති 10ක් දක්වා විභාගයට ගැනීමට කල්තබන ලෙසට අභියාචනාධිකරණය නියෝග කළේය.

Read More

විද්‍යාත්මක සොයා බැලීමකින් තොරව සිදු කරන බදු වැඩිකිරීම් තුළින් ව්‍යාපාර වැසී ගොස්, බදු ඔරොත්තු දිය නොහැකි සමාජ කණ්ඩායම් අතර බරපතල සමාජ අසහනයන් වර්ධනය කළ හැකි බව 43 සේනාංක නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතා පවසයි. ඇති හැකි සියළු දෙනා රටෙන් පලාගොස් ශ්‍රී ලංකාව මානව කාන්තාරයක් බවට පත් විය හැකි බව ද හෙතෙම අනතුරු අඟවයි.

Read More

පාර්ලිමේන්තුවේ පක්ෂ 16ක මන්ත්‍රීවරු 99ක් නියෝජනය කරමින් පක්ෂ නායකයන් හා මන්ත්‍රීවරු පිරිසක් වට ‌‌මේස සාකච්ඡාවකට ඒක්ව තිබේ. ආණ්ඩුවේ සිට විපක්ෂයට ගිය ඩලස් අලහප්පෙරුම මහතාගේ නායකත්වයෙන් යුත් කණ්ඩායම විසින් මෙම වට මේස සාකච්ඡාව සංවිධානය කර තිබුණි.

Read More

වැල්ලවාය පොලිස් වලට අයත් ආනපල්ලම අඩි 100 පාර 05 කණුව අසල පිහිටි නිවසකින් දේපළ සොරකම්කිරීම පිළිබඳව පරීක්ෂණ පැවැත්වූ වැල්ලවාය පොලීසිය පැමිණිලිකරුගේ පුතා වන 24 හැවිරිදි තරුණයෙකු අත්අඩංගුවටගෙන ඇත.

Read More

ඊජිප්තුවේ දී ලබන නොවැම්බර් 06 වනදා සිට 18 වැනිදා දක්වා පැවැත්වෙන COP 27 සමුළුවට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඒක්වීමට නියමිතව තිබේ.

Read More

x-press pearl නෙෘකාවේ හානියට පත් ධිවරයන්ට තෙවන අදියරේ වන්දි ගෙවිම ආරම්භ වී ඇති බවත් ඒ සදහා වැයකරන මුදල රුපියල් මිලියන 782ක් බවත් ධීවර අමාත්‍යාංශය පවසයි.

Read More

ශ්‍රම බලකායේ ඩිජිටල් දත්ත පද්ධතියක් පිහිටුවීමට රජය ගෙන යන වැඩපිළිවෙළට සහය වන ලෙස අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා අන්තර්ජාතික කම්කරු සංවිධානයෙන් ඉල්ලා සිටි.

Read More

බලපිටිය බණ්ඩාරවත්ත පරදේශයේදී අද (13දා) රාත්‍රියේදී පොලිස් විශේෂ කාර්ය බලකාය තැබූ වෙඩි පහරකින් පුද්ගලයෙකු ජිවිතක්ෂයට පත්වී ඇති බව අහුන්ගල්ල පොලිසිය කියයි.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.