මාර්ග නඩත්තුව වෙනුවෙන් අරමුදලක් ඇතිකිරීම සඳහා යෝජනා වී ඇති බවත් එයට රජයෙන් රුපියල් කෝටි 10ක් දෙන බවත්, මාර්ග භාවිතා කරන්නන්ගෙන් ඉන්ධන හරහා හෝ යම් මුදලක් ලබාගෙන එම අරමුදලට බැර කිරීමට පියවර ගන්නා බවත් කැබිනට් ප්‍රකාශක, ප්‍රවාහන, මහාමාර්ග සහ ජනමාධ්‍ය අමාත්‍ය, ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා පවසයි.
රජයේ ප්රවෘත්ති දෙපාර්තමේන්තුවේ දී අද (7දා) පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවේදී මාධ්‍යවේදියෙකු නැගූ පැනයකට පිළිතුරු ලෙස අමාත්‍යවරයා මේ බව පැවසීය.
මුදල් අච්චුගැසීම හා ණයට ගැනීම සිදුකළ නොහැකි බැවින් මාර්ග නඩත්තුව සඳහා මෙවැනි ක්‍රියාමාර්ගයක් ගැනීමට සිදුව ඇති බව ඇමතිවරයා සඳහන් කළේය.