saravita-anim2

2025 ඔක්තෝබර් මස 01 වන බදාදා

2025 ඔක්තෝබර් මස 01 වන බදාදා

Latest News - timelapse 4710 hours ago

LATEST

ආපදා සහන ලබාදීමේදී QR ක්‍රමයෙන් බැහැරව ඉන්ධන

calendar_today 2022 ඔක් 17 - 18:10 remove_red_eye - 210  

ඇදහැළෙන අධික වර්ෂාව හේතුවෙන් ආපදාවන්ට ලක්වූවන්ට සහන සැලසීමේදී QR ක්‍රමයට ඉන්ධන ලබාගැනීම බාධාවක්ව ඇති බැවින් අවශ්‍යතාව අනුව QR ක්‍රමයෙන් බැහැරව ඉන්ධන නිකුත් කිරීමට පියවර ගන්නා ලෙස ගම්පහ දිස්ත්‍රික් ලේකම් එස්.සත්‍යානන්ද මහතා සියලුම ප්‍රාදේශීය ලේකම්වරුන්ට උපදෙස් දී තිබේ.

ඩීසල් හා පෙට්‍රල් මිල අද සිට අඩු වුවද එම අඩු කළ ප්‍රමාණය බස් ගාස්තු හා ත්‍රීරෝද රථ ගාස්තු අඩු කිරීමට ප්‍රමාණවත් නොමැති නිසා අදාළ මිල ගණන්වල වෙනසක් සිදුනොවන බව බස් සංගම් හා ත්‍රීරෝද රථ සංගම් සඳහන් කරයි.

Read More

කොළඹ නෙලුම් කුලුන විවෘතව තබන කාලසීමාවන් සංශෝධනය කර තිබේ. ඒ් අනුව සඳුුුදා සිට සිකුරාදා දක්වා පෙ.ව. 9.00 සිට රාත්‍රී 10.00 තෙක් ප්‍ර වේශපත්‍ර නිකුත් කරන අතර රාත්‍රි 10.00 තෙක් නැරඹීමේ අවස්ථාව පවතී.

Read More

මේ වන විට ක්‍රියාත්මක පැය 2යි විනාඩි 20ක විදුලි කප්පාදුව තවත් දින 4ක් ක්‍රියාත්මක කරන බව මහජන උපයෝගීතා කොමිෂන් සභාව පවසයි. ඒ අනුව හෙට (18දා) සිට 21 දා දක්වා මෙම විදුලි කප්පාදුව ක්‍රියාත්මක කිරීමට නියමිතය.

Read More

2023 වසර සදහා වන විසර්ජන පනත් කෙටුම්පත (අයවැය) පාර්ලිමේන්තුවට හෙට (18දා) ඉදිරිපත් කිරීමට නියමිත බව පාර්ලිමේන්තු මහලේකම් ධම්මික දසනායක මහතා පවසයි.

Read More

කාන්තාවක් පැදවූ මෝටර් රථයක් කුරුණෑගල මාර්ගයේ ඇල්ල ප්‍රදේශයේදී අද (17) පෙරවරු 11.30 ට පමණ මාර්ගයෙන් ඉවතට පැන ගසක වැදීමෙන් සිදුවූ අනතුරකින් එකම පවුලේ තිදෙනෙකු මිය ගොස් ඇති බව නාගොල්ලාගම පොලීසිය පවසයි.

Read More

වවුනියාව බෝගස්වැව මධ්‍යමහ විද්‍යාලයේ සිසුන් 45ක් හා ගුරුවරුන් තිදෙනකු බඹරුන් දෂ්ඨ කිරීමෙන් අද (17දා) රෝහල් ගත කළ බවට බෝගස්වැව පොලිසිය පවසයි.

Read More

විස්සයි20 ලෝක කුසලාන තරගාවලිය යටතේ ස්කොට්ලන්ත කණ්ඩායම හා බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම අතර මූලික වටයේ පැවැති තරගයකින් කොදෙව් කණ්ඩායම පරාජය කරමින් ලකුණු 42ක පෙරළිකාර ජයක් වාර්තා කිරීමට ස්කොට්ලන්තය සමත්විය.

Read More

පාසල් සිසුන්ගේ මුදල් සහ වෙනත් වටිනා ද්‍රව්‍ය පැහැරගන්නා කණ්ඩායමක් මහනුවර නගරයේ ක්‍රියාත්මක බව දෙමව්පියෝ පවසති .

Read More

ශ්‍රී ලංකාවේ ආර්ථීක අර්බුදය විසඳා ගැනීම සඳහා කඩිනම් පියවරක් වශයෙන් ත්‍රෛපාර්ශයික සහයෝගීතාවයක් ඔස්සේ රටට අවශ්‍ය ආයෝජන ලබා ගත හැකිබව ඉන්දියාවේ ශ්‍රී ලංකා මහ කොමසාරිස් මිලින්ද මොරගොඩ මහතා යෝජනා කරයි.

Read More

කොත්මලේ කෝවිලකින් දේව ප්‍රතිමාවක් සොරා ගෙන බස් රථයකින් ගමන් ගනිමින් සිටි කාන්තාවක් ඊයේ (16) රාත්‍රීයේදී අත්අඩංගුවට ගත් බව යක්කල පොලීසිය සඳහන් කරයි.

Read More

ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව විසින් ඉන්ධන මිල අඩු කිරීමට සාපේක්ෂව ලංකා ඉන්දීය තෙල් සමාගමද සිය ඉන්ධන මිල අඩු කිරීමට කටයුතු කර තිබේ. ඒ් අනුව පෙට්‍රල් ඔක්ටේන් 92 ලීටරයක් රුපියල් 370ක් දක්වාත් ඔටෝ ඩීසල් ලීටරයක් රුපියල් 415ක් දක්වාත් පහළ දැමීමට ඔවුන් කටයුතු කර තිබේ.

Read More

ඔක්ටේන් 92 පෙට්‍රල් ලීටරයක මිල රුපියල් 40කින් හා ඔටෝ ඩීසල් ලීටරයක මිල රුපියල් 15කින් අද රාත්‍රී 9.00 සිට අඩු කරන බව විදුලි බල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා පවසයි. ඒ් අනුව ඔක්ටේන් 92 පෙට්‍රල් ලීටරයක මිල රුපියල් 370ක් දක්වාත් ලංකා ඔටෝ ඩීසල් ලීටරයක මිල රුපියල් 415ක් දක්වාත් පහළ යනු ඇත. අනෙකුත් ඉන්ධන මිල ගණන් ‌වෙනස් නොවන බවද අමාත්‍යවරයා සඳහන් කරයි.

Read More

මහනුවර දිස්ත්‍රික්කයේ උඩ පළාත ප්‍රාදේශිය ලේඛම් කොඨඨාශයේ එගොඩ කළුගමුව ග්‍රාම නිලධාරි වසමේ නැකත්තාවත්ත ප්‍රෙද්ශයේ මහවැලි ගං රක්ෂිතයේ ඉවුර කිසියම් පිරිසක් විසින් එහි ඇල්ල කපා ගොඩ කර ඇති බව ප්‍රෙද්ශවාසින් පවසයි.

Read More

නැමීබියාව හමුවේ ශ්‍රී ලංකාව අනපේක්ෂිත පරාජයක් ලැබුවත් විස්සයි20 ලෝක කුසලාන තරගාවලියේ අවසන් මහ තරගය සඳහා ශ්‍රී ලංකාව සුදුසුකම් ලබනු ඇතැයි යන මතයේ තමන් තවමත් සිටින බව ශ්‍රී ලංකා හිටපු පුහුණුකරු මිකී ආතර් පවසයි.

Read More

බෙදුම්වාදින්ගේ ඩොලර් වුවත් අපේ රටේ ආයෝජනය කරනවාට අපි විරුද්ධ නෑ. නමුත් බෙදුම්වාදී ඉල්ලීම් ඉටුකරලා අපේ රට අසරණ කරන්න එපා කියලා අපි ආණ්ඩුවට කියනවා. මේ මොහොතේ බඩගින්න නිවන්න අපේ රට නැවතත් යුධ ගින්නකට ඇදලා දැම්මොත් ඒක බලවත් අපරාධයක්.

Read More

ණය අර්බුදයෙන් ගොඩ ඒ්ම සඳහා ශ්‍රී ලංකාව ගන්නා ක්‍රියාමර්ග සඳහා පූර්ණ සහාය දෙන බව පැරිස් සමාජය පවසයි.

Read More

නාවලපිටිය රොජසංගම සිට මහනුවර දක්වා ධාවනය වු ලංගම බස් රථයක් අනතුරට පත්විමෙන් බස් රථයේ ගමන් ගත් පාසල් සිසුන් තිදෙනෙක් තුවාල ලබා නාවලපිටිය දිස්ත්‍රික් මහ රෝහලට ඇතුලත් කර ඇති බව නාවලපිටිය පොලිසිය පැවසිය.

Read More

ඉහළ පොලියක් ලබා දෙන බව පවසා විවිධ පුද්ගලයින් රවටා මුදල් වංචා කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් පොල්ගස්ඕවිට පාලගම ප්‍රදේශයේ පුද්ගලයකුට එරෙහිව මේ වනවිට පැමිණිලි දොළහක් ලැබී ඇතැයි කහතුඩුව පොලිසිය පවසයි .

Read More

වනාතවිල්ලුව තිරික්කපල්ලම කලපුවේ මසුන් මරමින් සිටි ධිවරයකුගෙ දැලක පැටලි කලපු තිරයට පැමිනි එකම පවුලක ඩෝල්ෆින් මත්සයින් සිව් දෙනෙකුගෙන් දෙදෙනෙකු බේරා ගැනිමට හැකි වී තිබේ.

Read More

“පහුගිය කාලයේ අරගලයට මුවා වෙලා රාජපක්ෂලාට කලු සල්ලි තියෙනවා කියපු ගොඩක් අය අද අර කොළඹ ඉන්න අක්කා කෙනෙක්ට සල්ලි දීලා. අපි ගාව තමයි කලු සල්ලි තියෙනවා කිව්වේ. හැබැයි සල්ලි දීපු ලැයිස්තුව අරන් බැලුවාම අපි හැර හැම කෙනාම ඉන්නවා.අපිට හොරා කිව්වා අපි ළඟ කලු සල්ලි තියෙනවා කිව්වා. ”

Read More

හැටන් නගරයේ ගැට කැපිමට පැමිණ සිටි කාන්තාවන් පස්දෙනෙකු හැටන් පොලිසිය මගින් අද (17දා) සැකපිට අත්අඩංගුවට ගෙන තිබේ.

Read More

ලෝකයේ ඉහළම උද්ධමනයක් ඇති රට ලෙස සිම්බාබ්වේ සැලෙකයි. ඉන් අනතුරුව කියුබාව, වෙනිසියුලාව, තුර්කිය හා ශ්‍රී ලංකාව පසුවෙයි.

Read More

අහුන්ගල්ල වෙඩි තැබීමේ සිද්ධියට කිලිනොච්චි කඳවුරේ තිබූ ගිනි අවියක් ලබාදී ආධාර අනුබල දුන් යුද්ධ හමුදා මාණ්ඩලික සැරයන්වරයකු සහ ආධාර අනුබල දුන් පුද්ගලයෙකු අත්අඩංගුවට ගත් බව පොලිස් විශේෂ කාර්ය බළකාය කියයි.

Read More

ආණ්ඩුවේ මන්ත්‍රීවරුන් 40ක් පමණ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණෙන් (SLPP) ස්වාධීනව නව දේශපාලන කණ්ඩායමක් වශෙයන් කටයුතු කිරීමට නියමිත බව වාර්තා වෙයි.

Read More

මෙරට ණය ප්‍රතිව්‍යුහගතකරණය සම්බන්ධයෙන් පසුගියදා තමන් චීන මුදල් අමාත්‍යවරයා සමඟ සාකච්ඡා කළ බවත් ඒ වෙනුවෙන් පැවැත්වෙන සාකච්ඡා සාර්ථකව අවසන් වනු ඇති බව තම අපේක්ෂාව බවත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සඳහන් කළේය.

Read More

ජනතාව මත පැටවෙන ජීවන බර අඩු කිරීම සඳහා හැකි සෑම පියවරක්ම ගැනීමට දැනටමත් සාකච්ඡා කරමින් පවතින බවත්, පක්ෂයක් විදිහට ඒ වෙනුවෙන් මැදිහත්ව තිබෙන බවත් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පැවැසීය.

Read More

2023 වර්ෂය සඳහා වන විසර්ජන පනත් කෙටුම්පත (අයවැය) 18දා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට (පළමු වර කියවීම) නියමිත බව පාර්ලිමේන්තුවේ මහලේකම් ධම්මික දසනායක මහතා පැවසීය.

Read More

මේ වසරේ ගෙවීගිය කාලය තුළදී මෙරටින් නව මදුරු විශේෂ දෙකක් සොයාගැනීමට වෛද්‍ය පර්යේෂණ ආයතනයේ කීට විද්‍යා කණ්ඩායම සමත්ව තිබෙන බවත්, එම මදුරු විශේෂ මීරිගම සහ කළුතර ප්‍රදේශවලින් දැනට වාර්තා වී තිබෙන බවත් සෞඛ්‍ය කීට විද්‍ යානිලධාරීන්ගේ සංගමය සඳහන් කරයි.

Read More

දිස්ත්‍රික්ක 11කට ඇති වී තිබෙන අයහපත් කාලගුණ තත්ත්වය නිසා පවුල් 15,404කට අයත් පුද්ගලයන් 61,467ක් පීඩාවට පත්ව සිටින බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සඳහන් කරයි.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.