පොළොන්නරුවට ඇද හැලුන අධික වර්ෂාව හේතුවෙන් පොලොන්නරුව පරාක්‍රම සමුද්‍රය වාන් දොරටු දහයම විවෘත කිරීමට අද පියවර ගැනිණි.
මේ අනුව පරාක්‍රම සමුද්‍රයේ වාන් දොරටු දහයම අඩිය බැගින් විවෘත කිරීමට කටයුතු කල බව පොළොන්නරුව කලාපය බාර වාරිමාර්ග කාර්යාලය පවසයි.
අනුව පරාක්‍රම සමුද්‍රයෙන් තත්පරයට ඝන අඩි 1400ක ජල ප්‍රමාණයක් අඹන් ගඟ ඔස්සේ මහවැලි ගඟට මුදා හැරේ.
පත්බිම් වල ජීවත් වන්නන් විමසිල්මත්ව කටයුතු කරන ලෙස පොළොන්නරුව ආපදා කළමනාකරණ ඒකකය සඳහන් කරයි.
