මාදම්පේ පනිරෙන්ඩාව රක්ෂීතයෙ වැටලීමකට ගිය වන සංරක්ෂණ නිළධාරින් පිරිසකට පහර දී රාජකාරියට බාධා කිරීමක් සම්බන්ධව බිංගිරිය ප්රාදේශීය සභාවට තරග වදින ස්වාධින කණ්ඩායමක කණ්ඩායම් නායකයා හා ඔහුගේ සොහොයුරා මාදම්පේ පොලිසිය මගින් 5 දින දහවල් අත් අඩංගුවට ගත් බව කියයි.
මෙසේ පහර කෑමට ලක්ව ඇත්තේ හලාවත අඩවි වනන නිළධාරි කාර්යාලයට අයත් බිට්ටු වන නිළධාරියකු හා වන කේෂත්ර සහකාර වරුන් දෙදෙනෙකු බව මාදම්පේ පොලිසිය කියයි.
හලාවත අඩවි වන නිළධාරි ආර්.ඒ.එස්.ඩි. රණසිංහ මහතාගේ උපදෙස් මත 5 දින උදෑසන මෙම වන සංරක්ෂණ නිළධාරින් පිරිස පනිරෙන්ඩාව රක්ෂීතයෙ සිදුවන වල්ලාපට්ටා ජාවාරම සම්බන්ධයෙන් ලැබුන තොරතුරක් සදහා වැටලීමකට ගොස් තිබියදී මෙම පහර දීම සිදුව ඇති බව කියයි.
එසේ වැටලීම ගිය වන සංරක්ෂණ නිළධාරින් පනිරෙන්ඩාව රක්ෂීතය ආසන්නයෙ නවතා තිබු සැක සහිත ත්රි රෝද රථයක් පරික්ෂා කිරීමට යාමේදි එහි බීමතින් සිටි දෙදෙනෙකු විසින් පරික්ෂා කිරීම වලකමින් වන සංරක්ෂණ නිළධාරින්ට පහර දී ගමන් කල යතුරු පැදි වලටද හානි කර ඇති බව වන සංරක්ෂණ නිලධාරින් මාදම්පේ පොලිසියට පැමිනිලි කර ඇත.
වහාම ක්රීයාත්මක වු මාදම්පේ පොලිසියෙ ස්ථානාධිපති ප්රධාන පොලිස් පරික්ෂක සමන් එකනායක මහතා ඇතුළු නිළධාරින් පිරිසක් අදාල පහර දීමට සම්බන්ධ සැකකරුවන් දෙදෙනෙකු ත්රී රෝද රථයද සමග අත් අඩංගුවට ගෙන තිබුනී.
සැකකරුවන් පරික්ෂා කිරීමේදි හෙළීව ඇත්තේ මෙම සැකකරුවන් ගෙන් පහර දීමට සම්බන්ධ ප්රධාන සැකකරු වන චන්දිම ජගත් අමරසිංහ නැමැත්තා මෙවර පළාත් පාලන මැතිවර්ණයෙදී බිංගිරිය ප්රාදේශීය සභාවට කාර් රථය ලකුණීන් තරග වදින ස්වාධින කණ්ඩායමක නායකයා බවයි.
ඒ සමග අත් අඩංගුවට ගත් අනෙක් සැකකරු ප්රධාන සැකකරුගේ සොහොයුරා බවද පොලිසිය අනාවර්ණය කර ගෙන තිබේ.
සැකකරුවන්ගේ පහර කෑමට ලක්වු වන සංරක්ෂණ නිළධාරියකු හලාවත රෝහලට ඇතුලත් කර ඇති අතර මේ වන විට ප්රතිකාර ලබමින් සිටින බව කියයි.
පහර දීමට සම්බන්ධ සැකකරුවන් හලාවත අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමතිව තිබුනී.