යාපනය, තාවඩි ප්‍රදේශයේ ඊයේ (05) රාත්‍රියේ සිදුවු යතුරුපැදි වෑන්රථ අනතුරකින් තරුණයෙකු ජිවිතක්ෂයට පත්ව තවත් අයෙකු බරපතල තුවාල ලුබූ බව යාපනය පොලීසිය පැවසීය.
පොලීසිය පැවසූවේ මරුදනා මඩම් සිට කොකුවිල් දක්වා යතුරුපැදි 03 ක් අධික වේගයෙන් ගමන් කොට ඇති යතුරුපැදියක් වේගය පාලනය කරගැනීමට නොහැකිව ප්‍රතිවිරුද්ධ දිසාවෙන් පැමිණි වෑන් රථයක මුහුණට මුහුණ ගැටීමෙන් මෙම අනතුර සිදුව ඇති බවයි.
එහිදී යතුරුපැදියේ ගමන්ගත් තරුණයින් දෙදෙනා බරපතල තත්වයෙන් රෝහල්ගත කිරීමෙන් පසුව එක් අයෙකු මිය ගොස් ඇති අතර අනෙක් තරුණයාගේ තත්වයද බරපතල බවට රෝහල් වෛද්‍යවරුන් පැවසීය.
මෙලෙස අනතුරින් මියගොස් ඇත්තේ යාපනය ඔට්ටුමඩම් ප්‍රදේශයේ පදිංචි 19 හැවිරිදි අනූජන් නැමති තරුණයෙකු වන අතර 17 හැවිරිදි තරුණයා බරපතල තුවාල ලබා ඇත.
අනතුරින් යතුරුපැදියට සහ වෑන් රථයට හානි සිදුව ඇති අතරම යාපනය පොලීසිය වැඩිදුර පරීක්ෂණ මෙහෙයවයි.



