ආර්ථිකය කළමණාකරනය කරගෙන යන මොහොතකදී මැතිවරණයක් වෙනුවෙන් රුපියල් බිලියන 10 ක මුදලක් වෙන්කිරීම ලේසි පහසු දෙයක් නොවන බව නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා පවසයි.
එබැවින් මේ මොහොතේ මැතිවරණය පැවැත්විය හැකිද? නැද්ද? යන්න සම්බන්ධයෙන් අධිකරණය තීන්දු කළ යුතු යැයිද ඔහු සඳහන් කරයි.
පුද්ගලික විශ්වවිද්‍යාලවලට විරුද්ධව ගමේදී කෑ ගහන ජනතා විමුක්ති පෙරමුණ ව්‍යාපාරිකයන් ඉදිරියේ පුද්ගලික විශ්ව විද්‍යාලවලට එකඟයි යනුවෙන් සඳහන් කරන බවද ඇමතිවරයා පවසයි.
ඇමති ප්‍රසන්න රණතුංග මහතා මේ බව සඳහන් කළේ කුරුණෑගල හා හලාවත ප්‍රදේශවලදී ඊයේ (5දා) පැවැති දිස්ත්‍රික් පළාත් අපේක්ෂක හමුවලට සහභාගී වෙමිනි.
ජනතා විමුක්ති පෙරමුණ මේ ආර්ථික අර්බුදය විසදන්න තුන්වැනි පාර්ශවයක් සම්බන්ධ කරගන්නා බවත් ඔවුන් කරුවුන්ද යන්න කිසිවක් නොකියන බවත් ඇමතිවරයා මෙහිදී වැඩිදුරටත් සඳහන් කළේය.