හඟුරන්කෙත කලාප අධ්‍යාපන කාර්යාලයේ ගිණුම් අංශයේ සේවය කරමින් රුපියල් එක් කෝටි හතළිස්පන් ලක්ෂයක මූල්‍ය වංචාවක්සිදු කළ බව කියන නිලධාරියකු සම්බන්ධයෙන් මධ්‍යම පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂක අමරසිරි පියදාස මහතා විසින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිල්ලක් සිදු කොට තිබේ.
ශ්‍රී ලංකාව බංග්ලාදේශයෙන් ලබාගත් ඩොලර් මිලියන 200ක ණය මුදල ලබන මාර්තු මාසය වන විට ගෙවා දමනු ඇතැයි බංග්ලාදේශය විශ්වාස කරයි. බංග්ලාදේශ බැංකුවේ අධිපති අබ්දුර් රූෆ් තලුක්දර් ශ්‍රී ලංකාවේ මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා සමඟ වොෂිංන්ටයේ පැවැති සාකච්ඡාවකදී මේ පිළිබඳව අවධානය යොමුව ඇති බව බංග්ලාදේශ මාධ්‍ය වාර්තා කරයි.
Read Moreතිරිඟු පිටි තොග මිල අඩු කිරීමත් සමඟ කොත්තුවක මිල රු.50 කින් අඩු කිරීමට කටයුතු කරන බව සමස්ත ලංකා ආපනශාලා හිමියන්ගේ සංගමය පැවැසීය. රුපියල් 500 සිට රු.1000 දක්වා විවිධ මිල ගණන් යටතේ මේ වන විට කොත්තුවක් අලෙවි වෙයි.
Read Moreදකුණු ආසියාවේ උසම ගොඩනැගිල්ල ලෙස සැලකෙන නෙළුම් කුළුණ ජනතා අයිතියට පත් කර ගත වූ මාසය තුළදී රුපියල් ලක්ෂ 900 ක ආදායමක් හිමිවී ඇතැයි නෙළුම් කුළුණ පෞද්ගලික සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී විශ්‍රාමික මේජර් ජෙනරාල් ජෙනරාල් ප්‍රසාද් සමරසිංහ මහතා පැවසීය
Read Moreපසුගියදා ගිනි ගැනීමට ලක්වූ මෝදර, මාදම්පිටිය, කජීමා වත්තෙහි පදිංචිකරුවන් අතරින් 214 දෙනෙකු නිවසක් ලබාගැනීමට අවශ්‍ය අවම සුදුසුකම්වත් සපුරා නොමැති බවට හඳුනාගැනේ.
Read Moreවෙළඳ පොලෙහි තිරිඟු පිටි මිල අඩු වීමක් සිදු වී ඇතැයි පැවසුවද බේකරි නිශ්පාදන මිලෙහි කිසිදු සංශෝධනයක් කල නොහැකි බව සමස්ථ ලංකා බේකරි හිමියන්ගේ සංගමයේ සභාපති එන්.කේ.ජයවර්ධන මහතා ප්‍රකාශ කළේය.
Read Moreඅයහපත් කාලගුණ තත්ත්වයෙන් විපතට පත්වූවන් සඳහා ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ සහාය ඇතිව සහන කටයුතු කඩිනමින් සම්බන්ධීකරණය කරන ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සියලු දිස්ත්‍රික් ලේකම්වරුන්ට උපදෙස් දුන්නේය.
Read Moreමුල්‍ය අපරාධ චෝදනා සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන, මහබාගේ වැලිසර රැදවුම් මධ්‍යස්ථානයේ රදවා සිටි නයිජීරියානු ජාතිකයින් තිදෙනෙකු ඉන් පලා ගොස් ඇති බවත් පලා යමින් සිටි එක් නයිජීරියානු ජාතිකයකු පොලිස් අත් අඩංගුවට ගැනීමට හැකි වු බවත් මහබාගේ පොලිස් ස්ථානයේ වැඩ බලන ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක අනුර ගුණතුංග මහතා ප්‍රකාශ කලහ.
Read Moreහිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් නාවලපිටිය නගරයේ ජනහමුවක් පැවැත්වෙමින් තිබියදී රජයට එරෙහිව සමගි ජන බලවේගයේ පිරිසක් නාවලපිටිය නගරයේ අද (16) විරෝධතාවයක් පැවැත් වු අතර, එහෙදී සමගි ජන බලවේගයේ නාවලපිටිය ආසන සංවිධායක සසංක සම්පත් මහතා අතුළු පිරිසක් පොලීසිය විසින් අත්අඩංගුවට ගනු ලැබීය.
Read Moreකොළඹ ප්‍රදේශයේ දී පුද්ගලයන් තිදෙනකුට වෙඩි තබා බරපතළ තුවාල සිදුකිරීම සම්බන්ධයෙන් අවශ්‍යව සිටි පුද්ගලයකු විදේශ රටක නිෂ්පාදිත ගිනි අවියක් සහ හොරයින් මත්කුඩු සමග රාජගිරිය ප්‍රදේශයේදී අත්අඩංගුවට ගත් බව කොළඹ අපරාධ කොට්ඨාසය කියයි.
Read More’’මම බෙහෙත් පෙති කුඩු කරනවිට මේසේ උඩ තිබුණු බේත් පෙත්තක් අරගෙන පුතා එකපාරටම කටේ දා ගත්තා. ඒක පුතාගේ උගුරේ හිරවුණා. පුතා එයාගේ අත කටට දාලා බේත් පෙත්ත ගන්න එදන කොට එයාට වමනෙත් ගියා,ඒත් බේත් පෙත්ත එළියට ආවේ නැහැ,”
Read Moreතරුණයන් පස් දෙනකු ගමන්ගත් සුඛෝපභෝගී වෑන් රථයක් කලවාන ප්‍රොජට් පාර ගෙවල් 10 ප්‍රදේශයේදී හෙළකට පෙරළීමෙන් තරුණයෙක් මියගොස් අනෙක් තරුණයන් සිව් දෙනා සුළු තුවාල ලැබූ කලවාන පොලිසිය කියයි.
Read Moreරුසියාවේ නිල සංචාරයක නිරත අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය සුසිල් ප්‍රේමජයන්ත මහතා එම සංචාරය අතරතුර රුසියාවේ නියෝජ්‍ය අග්‍රාමාත්‍ය ඇලෙක්සැන්ඩර් නොවැක් මහතා මුණගැසිණි.
Read Moreබහුතර ඡන්දයෙන් ජනාධිපතිවරයකු පත්වීම තුළින් වත්මන් ආණ්ඩුවේ ස්ථාවර භාවය පැහැදිලි වන බව අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා පවසයි.
Read Moreමම බලාපොරොත්තු වෙනවා අම්පාර දිස්ත්‍රික්කයෙන් රටට වුවමනා ආහාරවලින් වැඩි ප්‍රමාණයක් ලබා දෙයි කියල. මේ කටයුත්තේ දී දේශපාලන බේදයක් නැතිව සියලු මන්ත්‍රීවරු, සංවිධායකවරු එකතුවෙලා මේ වැඩසටහන කරන්න. කෘෂිකර්ම අමාත්‍යවරයා සහ අග්‍රාමාත්‍යවරයා ඉදිරියේදී මේ ප්‍රදේශයට පැමිණෙයි මේ වැඩසටහනේ ප්‍රගතිය ගැන බලන්න.
Read Moreගෝලීය සාගිනි දර්ශකයට අනුව රටවල් 121 ක් අතරින් ශ්‍රී ලංකාවට 64 වැනි ස්ථානයට පත්ව ඇත. ශ්‍රී ලංකාවට ලකුණු 13.6 ක් හිමිව ඇති අතර ඒ අනුව ශ්‍රී ලංකාවේ සාගින්න මට්ටම මධ්‍යස්ථ මට්ටමක පවතින බව සැලකෙයි.
Read Moreදිවයින ආශ්‍රිතව අන්තර් නිවර්තන අභිසාරී කලාපයේ බලපෑම හේතුවෙන් දැනට පවතින තද වැසි සහිත කාලගුණ තත්ත්වය තවදුරටත් අපේක්ෂා කරන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.
Read Moreආසියානු කුසලාන විස්සයි20 තරගාවලියේ අවසන් මහ තරගයේදී ශ්‍රී ලංකා කණ්ඩායම පරාජය කරමින් කඩුලු 8ක පහසු ජයක් වාර්තා කිරිමට ඉන්දීය කණ්ඩායම සමත්විය.
Read Moreඉන්දියාව විසින් ශ්‍රී ලංකාවට ලබාදී ඇති ඩොලර් මිලියන 100ක වහල මත සූර්ය විදුලි පද්ධති සකස් කිරීමේ ව්‍යාපෘතිය යටතේ පාසල්, විශ්වවිද්‍යාල, අධ්‍යාපන ආයතන, ආගමික ස්ථාන, රජයේ ගොඩනැගිලි, රෝහල්, දිස්ත්‍රික් හා ප්‍රා දේශීය ලේකම් කාර්යාල වල වහල මත සූර්ය විදුලි පද්ධති සවි කරන බව විදුලි බල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා පවසයි.
Read More“කිසිවෙක් අතහැරෙන්න දෙන්න එපාﹸﹸ තේමාව යටතේ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ උපදෙස් මත ක්‍රියාත්මක සුබසාධක ප්‍රතිලාභ ගෙවීම් සඳහා සුදුස්සන් හඳුනා ගැනීමේ වැඩසටහනේ අයදුම්පත් කැඳවීම ඔක්තෝබර් මස 28 දක්වා දීර්ඝ කර ඇත.
Read Moreමුදල් ගෙවා ප්‍රතිකාර ලබා ගැනීමට සූදානම් පිරිසක් සමාජයේ සිටින බවත් එවැනි අවස්ථාවලදී පෞද්ගලික රෝහල් වලින් අයකරනු ලබන ඉහළ ගාස්තු ගෙවීමට නොහැකි ජනතාව වෙනුවෙන් මුදල් ගෙවා රජයේ රෝහල්වල නේවාසික ප්‍රතිකාර ලබා ගැනීමට හැකි ක්‍රමවේදයක් සකස් කරන බව සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා පවසයි .
Read Moreචීනයේ කොවිඩ්-19 පොදු ප්‍රතිපත්තිය අනුව චීන සංචාරකයින් ඉක්මනින් ශ්‍රී ලංකාවට පැමිණීම ආරම්භ කරනු ඇතැයි ශ්‍රී ලංකාවේ චීන තානාපති චී ෂෙන්හොන් මහතා පැවැසීය.
Read Moreබමුණුකන්ද කලු දොර පිටාර ගලා තිබියදි යතුරු පැදියකින් එයින් එගොඩවීමට ගිය පුද්ගලයෙක් දියේ ගිලී ජීවිතක්ෂයට පත්ව ඇතැයි පොලීසිය කියයි.
Read Moreමහියංගන, මාපකඩවැවේ දිය නෑමට ගිය වෛද්‍යවරු දෙදෙනෙක් අතරින් එක් වෛද්‍යවරයෙක් දියේ ගිලී ජීවිතක්ෂයට පත්ව ඇතැයි පොලීසිය කියයි.
Read Moreවරකාපොල, මායින්නොලුව ප්‍ර දේශයේ නිවසක් මතට පස් කන්දක් කඩා වැටීමෙන් සිදුවූ අනතුරින් එම නිවසේ සිටි මව හා පුතා ජීවිතක්ෂයට පත්ව තිබේ. මෙම අනතුරින් සුන්බුන් අතර සිරවි සිටි පියා ඊයේ සවස බේරා ගැණින.
Read Moreවගා කළ හැකි සියලු ඉඩම් වගා කරමින් රටේ ආහාර සුරක්ෂිතතාව තහවුරු කිරීමේ වැදගත්කම ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අවධාරණය කළේය.
Read Moreදින කිහිපයක් තිස්සේ අයහපත් කාලගුණය හේතුවෙන් දිස්ත්‍රික්ක 11 ක පවුල් 5,212කට අයත්, 21,888 දෙනකු පීඩාවට පත්ව ඇති අකර මරණ 2ක් වාර්තා වී තිබේ.
Read Moreඅපි එදා තෙල් ටැංකි ලබා දුන්නා නම් අද තෙලුත් තිබෙනවා, අපිට පෝළිංවල ඉන්න වෙන්නෙත් නැහැ, කෝළහාල කරන්න වෙන්නෙත් නැහැ. තෙල් නැති නිසයි මේ ප්‍රශ්න ඇති වුණේ. රටේ ආර්ථිකය වැටුණත් තෙල් ටැංකිවල තෙල් තිබෙන්න තිබුණා. ඒත් තෙල් ටැංකි හිස්. ඒ නිසා අපේ වාහනවල තෙල් ටැංකිත් හිස්, අපි එදා මේක කළා නම් අද අපිට කිසිම ප්‍රශ්නයක් ඇති වෙන්නේ නැහැ.
Read Moreආනයනික තිරිඟු පිටි තොග මිල රුපියල් 375 සිට රුපියල් 290ක් දක්වා රුපියල් 85 කින් අඩු කරන බව අත්‍යවශ්‍ය ද්‍රව්‍ය ආනයනකරුවෝ පවසති.
Read Moreමුහුදුබඩ දුම්රිය මාර්ගයේ උදෑසන කාර්යාල දුම්රිය ධාවනය කරන කාලසටහන වෙනස් කර තිබේ. ඒ අනුව සියලුම දුම්රියන් කලින් ධාවනය කරන වේලාවට වඩා විනාඩි 10-20ත් අතර කාලයක් කලින් ධාවනය කරයි. නව කාලසටහන මේ මස 20 වැනිදා සිට ක්‍රියාත්මක කිරීමට නියමිතය.
Read More