saravita-anim2

2025 ඔක්තෝබර් මස 01 වන බදාදා

2025 ඔක්තෝබර් මස 01 වන බදාදා

Latest News - timelapse 4701 hours ago

LATEST

රුසියාවෙන් ඉන්ධන ණයට ගන්න සාකච්ඡා

calendar_today 2022 ඔක් 19 - 17:01 remove_red_eye - 356  

ණය පහසුකමක් යටතේ මෙරටට ඉන්ධන ලබා ගැනීම සඳහා රුසියානු මුදල් අමාත්‍යංශය සමග සාකච්ඡාවක් පැවැති බව රුසියාවේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළේය.

මෙරට සිටින බහුතර දේශපාලනඥයන් වංචාව, දූෂණයට එරෙහි නොවන බවත් වංචනිකයන් හා දුෂිතයන්හට දේශපාලන රැකවරණය ලබාදෙන බවත් මේ සම්බන්ධයෙන් රටේ පාලකයන් හා දේශපාලකයන් කොතෙක් දැනුවත් කළ ද අනුශාසනා කළ ද ඵලක් නොවන බව අස්ගිරි පාර්ශවයේ මහනායක අති පූජ්‍ය වරකාගොඩ ශ්‍රී ඥානරතන නාහිමි පැවසීය .

Read More

පිලියන්දල කැස්බෑව ප්‍රාදේශීය මහ ලේකම් කාර්‍යාලයට අද (19දා) අලුයම ඇතුළු වූ පුද්ගලයෙක් සේප්පුව කැඩීමට උත්සාහ දරා ඇතැයි පිළියන්දල පොලිසිය පවසයි.

Read More

රුපියල් බිලියන ගණනක මුදල් වංචාවක් සම්බන්ධයෙන් අත්අඩංගුවට පත්ව සිටින තිළිණි ප්‍රියමාලි හා තවත් පුද්ගලයෙක් නිදහස් කරන ලෙස තමන් පොලීසියට දුරකතන ඇමතුම් නොදුන් බවත් තම පවුලේ කිසිවෙකුත් ඇය හා සම්බන්ධයක් නොමැති බවත් පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා පැවැසීය. අද පාර්ලිමේන්තුවේදී ප්‍රකාශයක් කරමින් ඔහු මේ බව පැවැසීය.

Read More

භාණ්ඩ හයක මිල අද (19දා) සිට ක්‍රියාත්මක වන පිරිදි පහළ දැමීමට ලංකා සතොස කටයුතු කර තිබේ. මේ අනුව සුදු ළුණු, පාන් පිටි, හාල්මැස්සන්, කඩල පරිප්පු, සුදු සීනි, ආනයනික සුදු කැකුළු යන භාණ්ඩ හයක මිල මෙසේ අඩු කර තිබේ.

Read More

විදේශිය රටක නිෂ්පාදිත අර්ධ ස්වංක්‍රීය බ්‍රවුන් වර්ගයේ ගිනි අවි දෙකක් හා ජීව උන්ඩ 17 ක් මිදිගම ඉබ්බාවල මස්හේන ප්‍රදේශයේ නිවසක මුළුතැන්ගෙයි වල දමා තිබිය දී ඊයේ (18දා) සවස පොලිස් භාරයට ගත් බව මිදිගම පොලීසිය පවසයි.

Read More

වව්නියාව නෙඩුන්කේනි ශිවානගර් ප්‍රදේශයේදී ඊයේ (18දා) රාත්‍රියේ නිවසක් ඉදිරිපිටදී සිදු වූ වෙඩිතැබීමකින් තරුණියක් එම ස්ථානයේදීම මිය ගිය බවට නෙඩුන්කේනි පොලීසිය පවසයි.

Read More

හෝර්ටන්තැන්න ජාතික වන උද්‍යානය යටතේ පාලනය වන නන්පේරියල් ලෝකාන්තය ප්‍රදේශයේ බලපත්‍රයක් නොමැතිව විශාල පරිසර හානියක් කරමින් අනවසරෙන් මැණික් ගැරු සැකකරුවන් හත්දෙනෙකු හොර්ටන්තැන්න ජාතික වන උද්‍යානයේ නිලධාරින් විසින් ඊයේ (18දා) අත්අඩංගුවට ගෙන සැකකරුවන් නුවරඑලිය මහෙස්ත්‍රාත් තිළිණ එන් පිරිස් මහතා වෙත ඉදිරිපත් කිරිමෙන් අනතුරුව සැකකරුවන් ලබන මස (02දා) දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරිමට මහෙස්ත්‍රාත්වරයා නියෝග කලහ.

Read More

රාජ්‍ය මුදල් අවභාවිත කළ නිලධාරීන්ගෙන්, එසේ කිරීමට තීරණ ගන්නා ලද නිලධාරින් හා දේශපාලඥයින්ගෙන් රජයට අහිමි වූ මුදල් ආපසු අය කරගැනීමේ බලතල රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාවට සහ පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාවට ලබා දෙන්නැයි ශ්‍රී ලංකා පරිපාලන සේවා සංගමයෙන් යෝජනා...

Read More

වර්ථමානයේ බන්ධනාගාර දූෂිත මෙන්ම සිරකරැවන්ට නිසි පරිදි සැලකීම් නොකරන තැනක් බවට පත්ව තිබෙන බව සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී තලතා අතුකෝරල මහත්මිය පැවසීය.

Read More

යක්කලමුල්ල ප්‍රදේශයේ සිදුවූ වෙඩි තැබීමකින් එක් අයකු මියගොස් සිව් හැවිරිදි දරුවකු හා තවත් අයකු තුවාල ලබා ගාල්ල කරාපිටිය ශික්ෂණ රෝහලට ඇතුළත්කොට තිබේ.

Read More

මූල්‍ය වංචාවක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන තිබෙන තිළිණි ප්‍රියමාලිව තවදුරටත් ලබන නොවැම්බර් 02දා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට කොටුව මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කර තිබේ.

Read More

මඩකලපුව කල්ලඩි ආරයම්පති වැනි ප්‍රදේශවල මහා පරිමාණ මංකොල්ලකෑම්වලට සම්බන්ධයි. සැකකරුවන් තිදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ. සොරකම් කරන ලද යතුරුපැදි, ගෘහස්ථ ගෑස් සිලින්ඩර් බෝතල් සහ රන් ආභරණ ද සොයා ගත් බව කාත්තාන්කුකුඩි පොලිසිය පවසයි.

Read More

මඩකලපුව තාලංකුඩා ප්‍රදේශයේ නිතර ගැවසෙන වඳුරෙකුට ආහාර දුන් පුද්ගලයා ජීවිතක්ෂයට පත්වීමෙන් පසුව ඔහුගේ දේහය මත නැඟ ඔහුට ගෞරවය පුද කරන සිදුවීමක් වාර්තා වෙයි.

Read More

එදාට තේ රට යවන සමාගම් වලට වගේ, පැලවත්තට අමුද්‍රව්‍යය දෙයි, ඔයගොල්ල නිෂ්පාදන අරගෙන දරුවට පිරිසිදු කිරි පිටි ටිකක් දෙයි. අපි ගාව ටොන් 12 -15 ක් වගේ අතිරික්තයක් බටර් තියෙනවා.හරි නම් අපි ඒක පිටරට යවන්න ඔ්න, එහෙම කෙරුවා නම් අපිට විදේශ විනිමය හම්බෙනවා.ඒ හරහා අපිට තෙල් ගන්න පුලුවන්.

Read More

ආබාධයක් හේතුවෙන් විස්සයි20 ලෝක කුසලාන තරගාවලිය අහිමි වූ දුෂ්මන්ත චමීර වෙනුවට වේග පන්දු යවන ක්‍රීඩක කසුන් රාජිත ශ්‍රී ලංකා කණ්ඩායමට කැඳවීමට ශ්‍රී ලංකා ක්‍රිකට් තේරීම් කමිටුව තීරණය කර තිබේ.

Read More

අපවත් වී වදාළ අටමස්ථානාධිපති පූජ්‍ය පල්ලේගම සිරිනිවාස හිමියන්ගේ අදාහන පූජෝත්සවය පූර්ණ රාජ්‍ය අනුග්‍රහයෙන් සිදුකරන ලෙස ජනපති රනිල් වික්‍රමසිංහ මහතා උපදෙස් දී තිබේ.

Read More

ආරච්චිකට්ටුව බුරුත කැලේ ප්‍රදේශයේ ස්ථාන දෙකක කලක සිට පවත්වාගෙන ගිය නීතිවිරෝධි මත්පැන් පෙරීමේ ස්ථාන දෙකක් වටලා ලක්ෂ තිහකට ආසන්න මත්පැන්, ගෝඩා ඇතුළු පෙරිමේ උපකරන රැසක් සමග සැකකරුවන් දෙදෙනෙකු පුත්තලම පොලිස් විශේෂ කාර්ය බලකා නිළධාරින් විසින් ඊයේ (18දා) සවස අත්අඩංගුවට ගත් බව පවසයි.

Read More

ප්‍රබල මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙක් වන ප්‍රංශයේ සැඟව සිටින රූබන් නැමැති මත්ද්‍රව්‍ය ජාවාරම්කරු සහ ලාල් පීරිස් නොහොත් කුඩු ලාල්ගේ මෙරට මත්ද්‍රව්‍ය බෙදාහරින ප්‍රධාන ගෝලයන් දෙදෙනෙක් රුපියල් ලක්ෂ 12කට ආසන්න වටිනා අයිස් මත්ද්‍රව්‍ය සමඟ අත්අඩංගුවට ගත් බව පොලිස් විශේෂ කාර්ය බළකාය පවසයි.

Read More

දරුවන්ට ඉංග්‍රීසි අධ්‍යාපනය ලබාදීම වෙනුවෙන් හිටපු ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතා සාධනීය පියවර ගත්තත් ඔහුගේම කැබිනට් මණ්ඩලයේ ඇතැම් අමාත්‍යවරුන් එයට එරෙහිව කටයුතු කළ බව විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතා පැවැසීය.

Read More

නීති අධ්‍යාපනය හැදෑරීම වෙනුවෙන් ප්‍රවේශ විභාගය සිංහල හා දෙමළ යන භාෂාවෙන් සිදුකළ හැකි නමුත් අධ්‍යන කටයුතු සිදුකළ යුතු වන්නේ ඉංග්‍රීසියෙන් බව නීති අධ්‍යාපන කොමිෂම සඳහන් කර ඇතැයි අධිකරණ අමාත්‍ය විජයදාස රාජපක්ෂ මහතා පැවැසීය.

Read More

නිසි පෝෂණය සහිත ආහාර වේලක් ලැබෙන ප්‍රමාණය රටේ ජනතාවගෙන් 1/5ක් පමණක් බවත් රටේ ජනතාවගේ අදායමෙන් 75%ක්ම ආහාර සඳහා වියදම් වන බවත් ආර්ථිකය ස්ථායීකරණයට අදාළ කෙටි සහ මධ්‍ය කාලීන වැඩසටහන් හඳුනා ගැනීම සඳහා වන ජාතික සභා අනු කමිටුවේදි අද අනාවරණය විය.

Read More

ශ්‍රී ලංකා කණ්ඩායමේ වේග පන්දු යවන ක්‍රීඩක දුෂ්මන්ත චමීරට ලෝක කුසලාන තරගාවලිය අහිමි වී තිබේ. ඒ ඊයේ එක්සත් අරාබි එමීර් රාජ්‍ය කණ්ඩායම හා පැවැති තරගයේදී ඔහු ආබාධයකට ලක්වීම හේතුවෙනි.

Read More

අනුරාධපුර අටමස්ථානාධිපති, උතුරු මධ්‍ය දිසාවේ ප්‍රධාන සංඝනායක ආචාර්ය පල්ලේගම සිරිනිවාස නාහිමියෝ අපවත්වූහ. අසනීප තත්ත්වයක් හේතුවෙන් කොළඹ පෞද්ගලික රෝහලක ප්‍රතිකාර ලබමින් සිටියදි උන්වහන්සේ මෙසේ අපවත්වූහ.

Read More

“මම ජාතික අවශ්‍යතා වෙනුවෙන් ක්‍රියා නොකළේ නම් එය සම්පූර්ණයෙන්ම වගකීම් විරහිත ක්‍රියාවක් වනු ඇති” බ්‍රිතාන්‍ය අගමැතිනිය පවසයි.

Read More

ඛණිජ තෙල් සංශෝධන පනතින් පිටරට සමාගම් කිහිපයකට මෙරට තෙල් වෙළඳපොළට ඇතුල් වීමට ඉඩ දීම හරහා සිදුවන්නේ මෙරට තිබෙන ඩොලර් අර්බුදය අඩු වීම වෙනුවට තවදුරටත් ඩොලර් අර්බුදය උත්සන්න වීම බව ස්වාධීන වූ කණ්ඩායම නියෝජනය කරන පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා පැවසීය.

Read More

කොළඹ, රාගම හා පේරාදෙණිය රෝහල්වලදි පැය 24 ක් තුළ සාර්ථක අක්මා සැත්කම් 3 ක් කිරිමට හැකි වූ බව පේරාදෙණිය ශික්ෂණ රෝහලේ අධ්‍යක්ෂ වෛද්‍ය අර්ජුණ තිලකරත්න මහතා පවසයි.

Read More

ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් සත්කාරකත්වය සපයන ලද කම්පාලා හි ඉබෝලා රෝග පැතිරීම සඳහා සූදානම් වීම සහ ප්‍රතිචාර දැක්වීම සඳහා දේශසීමා සහයෝගිතාව පිළිබඳ ඉහළ මට්ටමේ හදිසි අමාත්‍ය රැස්වීමකදී නිලධාරීන් හමුවිය.

Read More

නිවසේ ඇති කරන සුනඛයකු විසින් මහමග වැටී තිබූ මුදල් පසුම්බියක් නිවසට ගෙන ඒමෙන් පසු එය පරික්ෂා කිරීමේදී එහි මුදලින් රුපියල් 7000 ක් රුපියල් ලක්ෂයකට අධික වටිනාකමකින් යුතු රන් මාලයක් තිබී හමුවී එය නැවතත් හිමිකරුට ලබාදීමේ සිද්ධියක් මහනුවර අලදෙනිය පොලිස් වසමෙන් වාර්තා වේ.

Read More

අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බල මණ්ඩලය සංවිධාන කර ඇති විරෝධතා පා ගමනක් හේතුවෙන් කැළණිය සරසවිය අසළින් අවහිර වී තිබූ කොළඹ - නුවර මාර්ගයේ මංතීරු දෙකක් මේ වනවිට ගමනාගමනයට විවෘත කර ඇතැයි වාර්තා වෙයි.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.