saravita-anim2

2025 සැප්තැම්බර් මස 23 වන අඟහරුවාදා

2025 සැප්තැම්බර් මස 23 වන අඟහරුවාදා

Latest News - timelapse 4700 hours ago

LATEST

දරුවන් පළිහක් ලෙස පෙළපාළිවලට ගෙනයාම නීතිය අනුව බරපතල වරදක්

calendar_today 2022 ඔක් 12 - 20:01 remove_red_eye - 430  

දරුවන් පළිහක් ලෙස යොදා ගනිමින් පෙළපාළිවලට ගෙනයාම රටේ නීතිය අනුව ද බරපතල වරදක් බව පෙන්වා දෙන ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා කුඩා දරුවන් පෙළපාළිවලට රැගෙන යාම වැළැක්වීම සඳහා කඩිනම් පියවර ගන්නැයි ශ්‍රී ලංකා පොලීසියට උපදෙස් දුන්නේය.

“එක්ව නැගිටිමු ” තේමාව යටතේ 75 වන නිදහස් දින සමරු උළෙල 2023 පෙබරවාරි 04 වන දින ගාලු මුවදොර පිටියේදී උත්කර්ෂවත්ව පැවැත්වීමට කටයුතු සූදානම් කර තිබේ.

Read More

සෞඛ්‍ය සහ අධ්‍යාපන ක්ෂේත්‍රයේ කාර්ය මණ්ඩල විශාල වශයෙන් විදෙස් ගතවීමේ ප්‍රවණතාවයක් දැකිය හැකි බැවින් ඒ පිළිබදව කඩිනමින් අවධනය යොමු කළ යුතු බව සබරගමු පළාත් ආණ්ඩුකාර ටිකිරි කොබ්බෑකඩුව මහතා පැවසීය.

Read More

ශ්‍රී ලංකාවේ ජාතික ගුවන් සේවය වන ශ්‍රී ලන්කන් ගුවන් සේවය ශ්‍රී ලංකා ගුවන් සේවා ඉතිහාසයේ පළමු වරට ශ්‍රී ලංකාවේ භූමි මෙහෙයුම් කටයුතු සදහා බලපත්‍රය ලබා ගැනීමට සමත් වූ අතර , ඒ සදහා වූ මෙහෙයුම් බලපත්‍රය ලබා දීම ශ්‍රී ලංකා සිවිල් ගුවන් සේවා අධිකාරිය විසින් අද (12දා) කටුනායක සිවිල් ගුවන් සේවා අධිකාරියේ ප්‍රධාන කාර්යාලයේ ශ්‍රවණාගාරයේ දී සිදු කෙරුණි .

Read More

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් ඔහුගේ උපදේශකයෙකු ලෙස එක්සත් ජාතීන්ගේ පරිසර වැඩසටහනේ විධායක අධ්‍යක්ෂ එරික් සෝල්හයිම් මහතාව පත් කර තිබේ.

Read More

නිති විරෝධි අන්දමින් ජපානයේ සිට මෙරටට ගෙනවිත් වයික්කාල ප්‍රදේශයේ වාහන අමතර කොටස් අලෙවි කිරිමේ ස්ථානයක සගවා තිබු මිල අධික විවිධ වර්ගයේ ලිටරයේ ප්‍රමාණයේ විස්කි බෝතල් 126 ක් සමග ව්‍යාපාරිකයෙකු ඊයේ (11දා) රාත්‍රි අත් අඩංගුවට ගත් බව වෙන්නප්පුව මුලස්ථාන පොලිසිය පවසයි.

Read More

කෝප් කමිටුවේ හිටපු සභාපති මහාචාර්ය චරිත හේරත් මහතා දූෂණ වංචා සම්බන්ධයෙන් තොරතුරු රැසක් පසුගිය කාලයේ දී අනාවරණය කළ බැවින් ඔහුට එම කමිටුව ඉදිරියට පැමිණ ඒ සම්බන්ධයෙන් කරුණු පැහැදිලි කිරීමට අවස්ථාව සලසා දෙන බව කෝප් කමිටුවේ සභාපති මහාචාර්ය රංජිත් බණ්ඩාර මහතා පවසයි.

Read More

මාසික ආදායම රුපියල් ලක්ෂයේ සීමාව ඉක්මන සියලු දෙනාට ආදයම් බද්දක් අය කිරීමට අදාළ ගැසට් නිවේදනය නිකුත් කර තිබේ. ඒසේම මාසික ආදායම රුපියල් ලක්ෂ 25 ඉක්මන අය වෙනුවෙන් සියයට 36ක ආදායම් බද්දක් අය කිරීමට නියමිතය.

Read More

ත්‍රිකුණාමල දිස්ත්‍රික්කයේ ඊච්චන්තිව් ගම්මානයේ ජනතාව 1969 වසරේ සිට ඉඩම් අක්කර177ක් වගා කටයුතු සදහා යොදාගත් අතර උතුරු නැගෙනහිර පළාත්වල පැවති යුධමය වතාවරණය හමුවේ 1983 සිට වගා කටයුතු අතහැර දමා තිබුණද යුද්ධය අවසන්විමෙන් පසු එම ජනතාව තම ඉඩම්වල පදිංචි සදහා පැමිණියද එහි වගා කටයුතුවලට තහංචි පැනවිනි.

Read More

අහුන්ගල්ල ගාලු පාරේ දී අද (12දා) දහවල් සිදුවූ වෙඩි තැබීමකින් පුද්ගලයෙක් තුවාල ලබා බලපිටිය රෝහලට ඇතුලත් කල බව අහුන්ගල්ල පොලිසිය පවසයි.

Read More

රුපියල් කෝටි 5 කට අධික වටිනා අයිස් මත්ද්‍රව්‍ය තොගයක් සහ කේරළ ගංජා තොගයක් සමඟ පුද්ගලයෙක් රාජගිරිය ඔබේසේකරපුර ප්‍රදේශයේදී අත්අඩංගුවට ගත් බව වැලිකඩ පොලිසිය පවසයි.

Read More

ඔස්ට්‍රේලියාවේ ක්‍රීඩාංගණ 08ක් කේන්ද්‍ර කර ගනිමින් මෙම මස 16වැනිදා ආරම්භ වන විස්සයි20 ලෝක කුසලාන තරගාවලියේ මෙරට නිල රූපවාහිනී තරග විකාශන අයිතිය සිරස ටීවී නාළිකාව හිමිකරගෙන තිබේ. ඒ අනුව මෙවර තරගාවලියේ සියලු තරග අඛණ්ඩව මෙරට ප්‍රේක්ෂකයන්ට නැරඹීමේ අවස්ථාව සිරස ටීවී උදාකර දී ඇත.

Read More

මල් වට්ටියක් රුපියල් ලක්ෂ එකොළහකට ගීතයත් රුපියල් 5000 කට පොල් ගෙඩි හාරදහසක් රුපියල් ලක්ෂ දෙකකට වෙන්දේසියේ අලවි වූ ඉතා දුර්ලබ අවස්ථාවක් දඹුල්ල කිරලැස්ස ග්‍රාමයෙන් 12 දින අලුයම් කාලය වන විට වාර්තා විය.

Read More

මුහුදුබඩ දුම්රිය මාර්ගයේ දුම්රිය ධාවන කාලසටහන හෙට (13දා) සිට වෙනස් වන බව දුම්රිය දෙපාර්තමේන්තුවෙන් වාර්තා වේ.

Read More

මේ වන විට රාජ්‍ය සේවයේ පමණටත් වඩා පිරිස සිටින බැවින් ඔවුන් සියලුදෙනා මෙම වැඩසටහනට දායක කර ගැනීමේ හැකියාව පෙන්වා දුන් ජනාධිපතිවරයා ත්‍රිවිධ හමුදාව, සිවිල් ආරක්ෂක බලකාය, රාජ්‍ය හා රාජ්‍ය නොවන සංවිධානවල සහය ද ඊට ලබා ගැනීමේ වැදගත්කම පෙන්වා දුන්නේය.

Read More

යල කන්නයේ ඉන්දීය ණය යෝජනා ක්‍රමයක් යටතේ ලැබුනු යුරියා පොහොර මෙට්‍රික් ටොන් 65,000න් බෙදා හැර ඉතිරිව ඇති ප්‍රමාණය මෙට්‍රික් ටොන් 34,000කි. එම ප්‍රමාණයත් , තවත් සති දෙකකින් මහ කන්නයේ දී පොහොර ටෙන්ඩරය යටතේ මිල දී ගන්නා ලද මෙට්‍රික් ටොන් 12750ක යුරියා පොහොර ප්‍රමාණයත් නිසා වගාවේ පළමු යුරියා පොහොර යෙදුම සඳහා කිසිදු බාධාවකින් හා අඩුපාඩුවකින් තොරව ගොවීන්ට පොහොර ලබා දිය හැකි යැයි කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා මෙහිදී පැවැ

Read More

මෙහිදී ශ්‍රී ලංකා පො.ජ.පෙ.05, එ.ජා.ප. 02 ශ්‍රී .ල.නි. 2 ලෙස පක්ෂව ඡන්ද ලැබුණු අතර ස.ජ.බ. 06 ,ජ.වි.පෙ.02 ,පො.ජ.පෙ.09 ශ්‍රී.ල.නි.ප.01ලෙස විපක්ෂව ඡන්දය ලබා දී ඇත.ඒ අනුව වැඩි ඡන්ද 09කින් අද අලව්ව ප්‍රාදේශීය සභාවේ 2023 වර්ෂය සදහා වු අයවැය පරාජයට පත්විය.

Read More

දැඩි නීතිරීති පනවා හෝ වැඩබිමේ කම්කරුවාගේ සෞඛ්‍ය සහ සුරක්ෂිතතාව තහවුරු කරන බවත්, අනතුරක දී රක්ෂණ අරමුදලක් හරහා නඩු නොමැතිව වන්දි ලබා දීමේ ක්‍රමවේදයක් නිර්මාණය කරන බවත්, කම්කරු හා විදේශ රැකියා අමාත්‍ය මනුෂ නානායක්කාර මහතා පැවැසීය. ඒ ඊයේ (11) උදෑසන කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේ දී සමාරම්භ වූ ජාතික වෘත්තීය සුරක්ෂිතතා හා සෞඛ්‍ය සතියේ සමාරම්භක සැසිය අමතමිනි.

Read More

2023 සඳහා ගෝලීය වර්ධන පුරෝකථනය 2.7% දක්වා අඩු කළ අතර, එය ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ පසුගිය ජූලි මස පුරෝකථනයට වඩා 0.2% ප්‍රතිශතයක් පහත දමා ඇත.

Read More

ලාෆ් ගෑස් කිලෝග්‍රෑම් 12.5 ගෘහස්ත ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 500 කින් අඩු කළ බවත් නව මිල අද මාධ්‍යම රාත්‍රීයේ සිට ක්‍රියාත්මක වන බවත් ලාෆ් සමාගම පවසයි.

Read More

තුන් වැනි චාල්ස් රජුගේ රාජාභිෂේකය වෙස්ට්මින්ස්ටර් ඇබේ හිදී ලබන වසරේ මැයි 06දා පැවැත්වීමට නියමිත බව බකිංහැම් මාලිගය නිවේදනය කරයි.

Read More

ආණ්ඩු වහාම කුමන හෝ මැතිවරණයක් පැවැත්විය යුතු බවත්, එසේ මැතිවරණ ලබා නොදීමට කටයුතු කරන්නේ නම් ජනතාව සමග මහපාරට බැස මැතිවරණයක් ලබාගැනීමට කටයුතු කරන බවත් සමගි ජන බලවේගයේ නායක, විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.

Read More

රුසියානු මිසයිල ප්‍රහාරවලින් සඳුදා පුද්ගලයින් 19දෙනෙකු මිය ගොස් 105දෙනෙකු තුවාල ලබා ඇති බව යුක්රේනයේ රාජ්‍ය හදිසි සේවය ප්‍රකාශ කළේය.

Read More

ඉන්දුනීසියාවෙන් පොල් මද ආනයනය කිරීමට වැවිලි කර්මාන්ත අමාත්‍යාංශයේ අවධානය යොමුව තිබේ.

Read More

දකුණු කොරියාවේ මහ බැංකුව වන කොරියා බැංකුව සිය ප්‍රධාන පොලී අනුපාතය පදනම් අංක 50 කින් 3%ක් දක්වා ඉහළ දමා තිබේ.

Read More

ඇතැම් ඉන්ධන පිරහුම් හල් වලින් ඔක්ටෙන් 95 බව කියමින් ඔක්ටේන් 92 ඉන්ධන නිකුත් කරන බවට ලද පැමිණිල්ලකට අනුව ඉන්ධන වල ප්‍රමිතිය සොයා බැලීම සඳහා ඉන්ධන සාම්පල තාක්ෂණික ආයතනයට යොමු කළ බවත් අදාළ චෝදනා වල සත්‍ය අසත්‍යතාව පිළිබඳ වාර්තාව හෙට (12) ලැබෙනු ඇති බවත් මහජන උපයෝගීතා උපයෝගිතා කොමිසමේ සභාපති ජනක රත්නායක මහතා පවසයි .

Read More

ශ්‍රී ලංකාව තව දුරටත් ආර්ථිකමය වශයෙන් කඩා වැටෙමින් පවතින අතර එහි ගැඹුර සහ හානිය අවම කිරීමේ උත්සහයක රජය නිරත වෙමින් සිටින බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා පවසයි. අමාත්‍යවරයා සඳහන් කරන්නේ මෙවැනි අවස්ථාවක රට හැරයාම වෙනුවට එක්ව රට ගොඩනැංවීමට කැපවීම සමස්ත ශ්‍රී ලාංකිකයන්ගේ ම වගකීම බවයි.

Read More

වනාතවිල්ලුවේ ගම්මාන රැසක ගොවින් ඒකාබද්ධ කරමින් ආරම්භ කල ලොකු ළුණූ වගාවේ සාර්ථක අස්වැන්නක් මෙවර ලැබෙමින් පවතින බව පුත්තලම නියෝජ්‍ය කෘෂීකර්ම අධ්‍යක්ෂ තරංගීකා ශාමලී මහත්මිය පවසයි.

Read More

ඩුබායි රාජ්‍යයේ සැඟව සිටින මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු වන ශිරාන් බාසික් නමැත්තාට අයත් අතිසුඛෝපභෝගී මෝටර් රථ දෙකක් ඊයේ (10දා) රාත්‍රියේ සිය භාරයට ගත් බව අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවේ නීති විරෝධී වත්කම් විමර්ශන කොට්ඨාසය පවසයි.

Read More

මහජන උපයෝගීතා කොමිෂමේ සභාපතිවරයා කරන ප්‍රකාශ සම්බන්ධයෙන් රජය තුළත් පාර්ලිමේන්තුව තුළත් විශාල කථාවක් නිර්මාණය වී ඇතැයි සම කැබිනට් ප්‍රකාශක අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා පැවැසීය. ඒ අනුව ඒ සම්බන්ධයෙන් විෂයභාර අමාත්‍යවරුන් ඉදිරියේදී ප්‍රකාශයක් කරනු ඇති බවද අමාත්‍යවරයා වැඩිදුරටත් පැවැසීය.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.