කෘෂිකර්ම අමාත්‍යවරයාට හා අමාත්‍යාංශයේ නිලධාරින් කාබනික පොහොර බෙදාහැරීමේ දී රජයේ මුදල් අයථා ලෙස පරිහරණය කළ බවට ජාතික ගොවිජන එකමුතුවේ සභාපති අනුරාධ තෙන්නකෝන් නැමැත්තෙක් විසින් පුද්ගලික යූ ටියුබ් නාලිකාවක් ඔස්සේ හා ඇතැම් මාධ්‍ය ඔස්සේ සිදු කර ඇති අපහාසාත්මක හා පදනම් විරහිත චෝදනා සම්බන්ධව නීතිමය පියවර ගැනීමට කෘෂිකර්ම අමාත්‍යාංශය තීරණය කර තිබේ.
ඒ අනුව පසුගිය සතියේ දී මෙම චෝදනා සම්බන්ධව වහාම විමර්ශනයක් සිදු කරන ලෙස ඉල්ලා කෘෂිකර්ම අමාත්‍යාංශය විසින් පොලිස්පතිවරයාට හා අපරාධ විමර්ශන දෙපාර්තමේන්තුවට ලිඛිතව පැමිණිලි කරනු ලැබීය.
මීට අමතරව කෘෂිකර්ම අමාත්‍යවරයාට, කෘෂිකර්ම අමාත්‍යාංශයේ නිලධාරින්ට අදාල පුද්ගලයා විසින් එල්ල කරන ලද අසත්‍ය හා පදනම් විරහිත චෝදනා හා ප්‍රකාශ සම්බන්ධව දින 14ක් තුළ වන්දි මුදලක් ඉල්ලමින් හා එම මුදල නොගෙවන්නේ නම් නඩු පැවරීමට පියවර ගන්නා බව දන්වමින් එන්තරවාසියක් යැවීමට ද කෘෂිකර්ම අමාත්‍යාංශය කටයුතු යොදා ඇත.