බිත්තර සඳහා නව පාලන මිලක් නියම කරමින් නව ගැසට් නිවේදනයක් නිකුත් කර ඇති බව පාරිභෝගික සේවා අධිකාරිය අද (06දා) අධිකරණයට දැනුම් දුන්නේය.
බිත්තර සඳහා පාලන මිලක් නියම කරමින් ඉකුත් අගෝස්තු මස නිකුත් කළ ගැසට් නිවේදනය බලරහිත කරන ලෙස ඉල්ලා බිත්තර නිෂ්පාදකයින්ගේ සංගමය විසින් ගොනුකළ පෙත්සම කැඳවූ අවස්ථාවේදී මේ බව අධිකරණයට දැනුම් දුන්නේය.
සුදු බිත්තරයක් සඳහා රුපියල් 44ක් ද රතු බිත්තරයක් සඳහා රුපියල් 46ක්ද වශයෙන් පාලන මිල නියම කර තිබෙන බව අධිකරණයට දැනුම් දුන්නේය.
මෙම ඉල්ලීම සම්බන්ධයෙන් සෑහීමකට පත්වන පෙත්සම්කාර පාර්ශවය අධිකරණයට දැනුම් දුන්නේය.