මෙරට ක්‍රියාත්මක කරන මහා පරිමාණ ව්‍යාපෘතිවලට අදාළව පිහිටුවා ඇති මහා පරිමණ ව්‍යාපෘති කාර්යාල 55ක් වසා දැමිය යුතු බවට ඒ පිළිබඳව සොයා බැලීමට පත්කළ හිටපු අමාත්‍යාංශ ලේකම්වරයෙක් වෙන එච්.ඊ. කමල් පද්මසිරි මහතාගේ ප්‍රධානත්වයෙන්යුත් කමිටුව යෝජනා කර තිබේ.
මෙම වාර්තාව ජනපති රනිල් වික්‍රමසිංහ මහතා ඊයේ පැවැති කැබිනට් මණ්ඩල රැස්වීමට ඉදිරිපත් කර තිබේ. මහා පරිමාණ ව්‍යාපෘති කාර්යාල 32ක් අත්හිටුවීමටත්, 46ක් අවම වශයෙන් පවත්වාගෙන යාමටත් මෙහිදි යෝජනා කර තිබේ.
කෙසේ වෙතත් මේ පිළිබඳව තවදුරටත් සොයා බැලීමට කැබිනට් මණ්ඩලයේ එකඟතාව හිමිව තිබේ. මෙම කාර්යාලවලට ඉහළ වැටුප් ගෙවා සේවකයන් බඳවාගෙන ඇති බව සම කැබිනට් ප්‍රකාශක අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා පැවැසීය.