saravita-anim2

2025 සැප්තැම්බර් මස 24 වන බදාදා

2025 සැප්තැම්බර් මස 24 වන බදාදා

Latest News - timelapse 4611 hours ago

LATEST

අධික වැසි සමග දියලුම හැඩවෙයි

calendar_today 2022 නොවැ 02 - 15:02 remove_red_eye - 462  

බණ්ඩාරවෙල පූනාගලට ලැබෙන අධික වැසි සමග අද (2දා) පස්වරුවේ කොස්ලන්ද දියලුම දියඇල්ලෙන් විශාල ජල කඳක් ඇදහැලෙන අයුරු දක්නට ලැබිණි.

කැබිතිගොල්ලෑව ප්‍රදේශයේදී සිදු වූ ප්‍රචණ්ඩකාරි සිදුවීමේදී මියගිය පොලිස් සැරයන් අංගම්පොඩිගේ සුනිල් මහතා උප පොලිස් පරීක්ෂක තනතුරට උසස් කර ඇති බව පොලිස් මුලස්ථානය පවසයි.

Read More

හෙරොයින් මත්කුඩු වලට ඇබ්බැහි වූ පියෙකු සහ ඔහුගේ පුතා යැයි කියන සරසවි සිසුවෙකු තිප්පොළකින් මත්කුඩු ලබාගෙන යමින් සිටියදී මහනුවර මූලස්ථාන පොලීසියේ දූෂණ මර්දන අංශය මගින් අත්අඩංගුවට ගෙන තිබේ .

Read More

සිම්බාබ්වේ කණ්ඩායම පරාජයට පත් කරමින් විස්සයි විස්ස ලෝක කුසලානයේ පළමු වටයේ පැවති තරගයෙන් කඩුලු 5 ක ජයක් වාර්තා කිරීමට නෙදර්ලන්ත කණ්ඩායම සමත්විය.

Read More

විෂ දුමක් ආග්‍රහණය වීමෙන් පානදුර ප්‍රධාන ප්‍රාථමික පාසලක සිසුන් හතලිහකට ආසන්න පිරිසක් අද (02දා) රෝහල් ගතකර ඇතැයි පානදුර දකුණ පොලිසිය පවසයි.

Read More

බොරැල්ලේ සිරිසුමන හිමියන්ව ලබන 16 වනදා තෙක් රක්ෂිත බන්ධනාගාර ​ ගත කරන ලෙස කොළඹ කොටුව මහේස්ත්‍රාත් තිලිණ ගමගේ මහතා අද (02දා) නියෝග කළේය .

Read More

කොරියානු රැකියා අවස්ථා ප්‍රමාණය ඉහළ නංවා ගැනීමටත්, නව රැකියා ලබාගැනීම සදහා අවශ්‍ය පියවර ගැනීමටත් කම්කරු සහ විදේශ රැකියා අමාත්‍ය මනුෂ නානායක්කාර මහතා ඊයේ රාත්‍රියේදී කොරියාව බලා පිටත්ව ගියේය.

Read More

උතුරු පළාතට අක්කර 1000කින් සමන්විත සෆාරි අභයභූමියක් සැකසීම සඳහා සුදුසු ඉඩම් පිළිබදව සොයා බලන්නැයි ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා කෘෂිකර්ම වනජීවි හා වනසම්පත් සංරක්ෂණ අමාත්‍ය මහින්ද අමරවීර මහතාට උපදෙස් දී තිබේ.

Read More

පාස්කු ප්‍රහාරයට අදාළව ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ තමන්ට ගොනු කර තිබූ සියලු චෝදනාවලින් තමන්ව නිදොස් කොට නිදහස් කිරීමට කොටුව මහේස්ත්‍රාත් අධිකරණය කටයුතු කළ බව පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාඩ් බද්යුදින් මහතා පවසයි.

Read More

රසකැවිලි, චොකලට්, බිස්කට්, කේක්, සුවද සබන් යන කලින් ඇසුරුම් කළ භාණ්ඩ, අයිතමයන් හා නිෂ්පාදන සම්බන්ධ සියලුම තොරතුරු ආනයනකරුවන විසින් ඒම භාණ්ඩ නිෂ්පාදන දිවයිනට ඇතුළුවන ස්ථානයේදීම ඒම භාණ්ඩයට අදාළව උපරිම සිල්ලර මිල ඇතුළු තොරතුරු ඒම භාණ්ඩවල සඳහන් කළ යුතු යැයි නියම කරමින් අතිවිශෙෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ.

Read More

සමගි ජන බලවේගය ඇතුළු දේශපාලන පක්ෂ සිවිල් සංවිධානය සහ වාත්තීය සමිති සහභාගීත්වයෙන් අද (02දා) පැවැත්වීමට නියමිත විරෝධතා රැළිය සහ පෙළපාලිය සඳහා අවසර ලබා නොදෙන බව පොලිසිය සියලු දේශපාලන පක්ෂ සහ සංවිධානයන්ට ලිපියක් මගින් දන්වා තිබේ.

Read More

හැටන් නගරයේ පිහිටි සිපෙට්කෝ සහ අයි.ඕ.සි ඉන්ධන පිරවුම්හල් වල (31) දින සිට පෙට්‍රල් ඉන්ධන හිගයක් පවතින පෙට්‍රල් වාහන හිමියන් පවසයි.

Read More

අධික වේගයෙන් ධාවනය වු පෞද්ගලික බස් රථ දෙකක් මුහුණට මුහුණලා ගැටිමෙන් සිදු වු අනතුරකින් එම බස් රථ දෙකේ ගමන් ගත් දස දෙනෙකු තුවාල ලබා නාවලපිටිය දිස්ත්‍රික් මහ රෝහල වෙත ඇතුලත් කර ඇති බව නාවලපිටිය පොලිසිය පැවසිය.

Read More

රුපියල බාල්දු වී ජීවන වියදම දරාගත නොහැකි ලෙස ඉහළ ගොස් ඇතැයි සියලු දෙනා පිළිගත යුතු බවත් කුමන තනතුරක් දැරුවත් ජනතාවට යථාර්ථය පැවසිය යුතු බවත් අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා පවසයි.

Read More

තමන් ද්විත්ව පුරවැසිභාවය ඇති මන්ත්‍රීවරියක් බවට පළවන වාර්තා අසත්‍ය බවත් එසේ පවසන අය එය සාක්ෂි සහිතව ඔප්පු කළ යුතු බවත් රාජ්‍ය අමාත්‍ය ඩයනා ගමගේ මහත්මිය ප්‍රකාශ කරයි.

Read More

ශ්‍රී ලංකාවේ බලපෑමට ලක්ව ඇති ප්‍ර දේශවල ගොවීන්ට හා ධීවරයින්ට ලබාදීම වෙනුවෙන් ඩීසල් ලිටර් මිලියන 10.6ක් පරිත්‍යාග කිරීමට චිනය කටයුතු කරන බව ශ්‍රී ලංකාවේ චීන තානාපති කාර්යාලය පවසයි.

Read More

පාර්ලිමේන්තුවේ රැස්වීම් පවත්වන දිනලවලදි හා අයවැය විවාදය පවත්වනු ලබන කාලසීමාව තුළද අමාත්‍යවරුන්, රාජ්‍ය අමාත්‍යවරුන් හා රජයේ පාර්ශ්වයේ මන්ත්‍රීවරුන් විදේශගත වීම සීමා කළ යුතු බවට අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා ඉදිරිපත් කළ යෝජනාවට කැබිනට් මණ්ඩලයෙ අනුමැතිය ලැබී තිබේ.

Read More

නාගරික සංවර්ධන අධිකාරියට අයත් නිවාස ඩොලර් වලට අලෙවි කිරිමේ රජයේ වැඩපිළිවෙල යටතේ තවත් නිවාස තුනක් අළවිවේ... නිවාස තුන විකිණීමේ ආදායම ඇමරිකානු ඩොලර් 143,700 යි... තවත් නිවාස 10ක් මිලදී ගැනීමට ඉල්ලුම්පත්... වසර අවසන්වන විට ඉලක්කය ඩොලර් ලක්ෂ 5යි...

Read More

ශ්‍රී ලංකාවට අවශ්‍ය ඩීසල් තොග චීනයෙන් ලබා ගැනීම පිළිබඳව අවධානය යොමුව ඇතැයි විදුලි බල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා කියයි.

Read More

තම ගනුදෙනු කාලය දීර්ඝ කිරීමට කොළඹ කොටස් හුවමාරුව කටයුතු කර තිබේ. ශ්‍රී ලංකා විනිමය හා සුරකුම්පත් කොමිෂන් සභාව සමග කළ සාකච්ඡාවක් අනුව මෙම තීරණය ගෙන තිබේ. ඒ අනුව අද දිනයේ පටන් කොටස් හුවමාරුව පෙරවරු 10 සිට සවස 1 දක්වා පැය තුනක කාලයක් ක්‍රියාත්මක වෙයි.

Read More

2022 වර්ෂයට අදාළව පැවති කොරියානු භාෂා විශේෂ පරීක්ෂණයෙන් අයදුම්කරුවන් 1398 දෙනෙකු සමත් වී ඇති බව ශ්‍රි ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය පවසයි. දකුණු කොරියාවේ රැකියා සඳහා ගොස් සාර්ථකව රැකියාව කර යළි පැමිණි ශ්‍රි ලාංකිකයින් සඳහා මෙම විභාගය පැවැත්වෙන අතර, ඒ අනුව අයදුම්කරුවන් 1652 දෙනෙකු මෙම විභාගය සඳහා ඉදිරිපත් වී තිබේ.

Read More

ලෝක කුසලාන විස්සයි 20 ක්‍රිකට් තරගාවලියේ නවසීලන්තය පරදා ලකුණු 20 ක ජයක් වාර්තා කිරීමට එංගලන්තය සමත්විය.

Read More

ආණ්ඩුව කුමන බාධක දැමුවද හෙට (02දා) සාමකාමී පාගමන පවත්වන බවත්, ඒ සඳහා සමගි ජන බලවේගය පූර්ණ සහයෝගය ලබා දෙන බවත් එම පක්ෂයේ නායක, විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.

Read More

රටේ තීන්දු තීරණ ගැනීමේ ක්‍රියාවලියේ දී තරුණ ප්‍රජාවට වැඩි අවස්ථාවක් ලබාදීමේ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රතිපත්තිය ශක්තිමත් කෙරෙන, පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රේමනාත් සී. දොලවත්ත මහතා විසින් ඉදිරිපත් කළ පෞද්ගලික මන්ත්‍රී යෝජනාව පිළිබඳ ජනාධිපතිවරයා දැනුවත් කිරීමේ හමුවක් ඊයේ (31) ජනාධිපති කාර්යාලයේදී පැවැත්විණි.

Read More

’IMF මපට්ලා’ මේ රට රැගෙන යන්නේ 80 සිට පස් වතාවක් ආර්ථිකය බංකොලොත් වූ ආජන්ටිනාව ගිය පාරේ බවත් අලි- පොහොට්ටු ආණ්ඩුව දිනෙන් දින ශ්‍රී ලංකා රාජ්‍යයේ ස්වාධිපත්‍ය බලය හීන කරන බවත් උත්තර ලංකා සභාගයේ සභාපති, හිටපු අමාත්‍ය විමල් වීරවංශ මහතා පැවැසිය. මීට එරෙහිව විපක්ෂයේ පුළුල් සටන් පෙරමුණක් ගොඩනැගීමට කටයුතු කරන බවද ඔහු අවධාරණය කළේය.

Read More

කොළඹ කොටුව සහ මරදාන දුම්රිය ස්ථාන අතර දී තවත් දුම්රියක් පීලි පැනීමකට ලක්ව තිබේ.

Read More

එංගලන්තය වෙනුවෙන් විස්සයි විස්ස තරග ඉතිහාසයේ වැඩිම ලකුණු ලාභියා බවට පත්වීමට ජොස් බට්ලර් සමත්විය

Read More

ශ්‍රී ලංකාව සඳහා අවශ්‍ය වන වෛද්‍ය සැපයුම් ලබාගැනීමට සහය වන ලෙස ශ්‍රී ලංකාවේ සෞඛ්‍ය අමාත්‍යංශය විසින් යොමු කරන ලද ඉල්ලීමකට අනුව, ක්වාලාලම්පූර් හි ශ්‍රී ලංකා මහ කොමසාරිස් කාර්යාලය මැලේසියාවේ රජයේ සහය පතා ඉල්ලීමක් යොමු කළේ ය

Read More

හිටපු ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතා කටයුතු කළේ නාමල් රාජපක්ෂ මහතා ඇතුළු පවු‍ලේ සුලු පිරිසකගේ උපදෙස් අනුව බවත් අවම වශයෙන් මහින්ද රාජපක්ෂ මහතාගේ උපදෙස් පවා ඔහු නොපිළිගත් බවත් පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය චන්න ජයසමුන මහතා පවසයි.

Read More

විදෙස් ගත ශ්‍රමිකයන් ශ්‍රී ලංකාවට නීත්‍යානුකූල මාර්ගයෙන් ප්‍රේෂණ එවීම මේ වන විට වර්ධනය වී ඇති බව විදේශ රැකියා හා කම්කරු අමාත්‍ය මනූෂ නානායක්කාර මහතා පැවැසීය.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.