තලවකැලේ ලිදුල නගර සභාවේ කැලි කසල අංගණයට විනාශ කිරිමට නුවරඑලිය දිස්ත්‍රික් මහ රෝහලේ ලය චිකිත්සාගාරය විසින් භාර දි තිබු කල් ඉකුත් වු ඖෂධ තොගය අද (03දා) එම රෝහලේම වාහනයකින් යලිත් රෝහල වෙත රැගෙන ගිය බව තලවකැලේ ලිදුල නගර සභාවේ මහජන සෞඛ්‍ය පරික්ෂක රුවන් ප්‍රනාන්දු මහතා පැවසිය.
ගම්පහ දුම්රිය ස්ථානයේ නව වැසිකිළික් ඉදිකිරීම සඳහා පෞද්ගලික සමාගමකට කොන්ත්‍රාත්තුවක් භාරදී ඇති අතර, ඒ සඳහා රුපියල් එක්කෝටි අසූ ලක්ෂ අසු එක් දහස් හයසිය පහලොවයි ශත හතරක (18081615.04) මුදලක් වැය කිරීමට නියමිතය. සැලසුමට අනුව, කාන්තා හා පිරිමි වැසිකිළි දෙකකින් සමන්විත තනි තට්ටුවේ ගොඩනැගිල්ලක් වන මෙහි, වර්ග ප්‍රමාණය වර්ග අඩි 594 කි. ඒ අනුව එක් වර්ග අඩියක් සඳහා රුපියල් 30440ක මුදලක් වැය කිරිමට නියමිතය.
Read Moreපිටි, සීනී, පරිප්පු ඇතුළු අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය පහක මිල ලංකා සතොස ආයතනය මගින් යළිත් පහළ දමා තිබේ.
Read Moreඅභියෝග හමුවේ වුවද 21 වැනි ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සම්මත කිරීම පිළිබදව ප්‍රසාදය පළ කරන බවත් සංහිදියාව ගොඩ නැංවීම සදහා රජය විසින් උතුරු නැගෙනහිර සිදු කරනු ලබන කාර්ය භාරයන් විශිෂ්ට බවත් ශ්‍රී ලංකාවේ ඇමෙරිකානු තානාපති ජූලි චන්ග් මහත්මිය පවසයි.
Read Moreමාධ්‍ය මගින් පෙන්වන තරම් අයහපත් වාතාවරණයක් ශ්‍රී ලංකාවේ නොමැති බැවින් ලෝකයේ පවතින තත්වය අනුව සංචාරය කලයුතු පළමු රට ශ්‍රී ලංකාව බව ආසියානු මාධ්‍ය හා සංස්කෘතික සංගමය අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා හමුවෙමින් පවසයි.
Read Moreමහජන ඡන්දයෙන් බලය ලබාගත නොහැකි කුමන්ත්රණකරුවන් පිරිසක් ජනතාව පාරට බස්සවා රට නැවත ආපස්සට හැරවීමට උත්සාහ ගන්නා බව නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා පැවසීය.
Read Moreවිස්සයි විස්ස ලෝක කුසලානයේදී බංග්ලාදේශය සමගින් පැවති තරගයේදී ඉන්දීය කණ්ඩායමේ සුපිරි ක්‍රීඩක විරාත් කෝලි විසින් ප්‍රතිවාදී ක්‍රීඩකයින් රැවටීමට කළ පන්දු රැකීමක් ගැන බංග්ලාදේශයෙන් දෝෂාරෝපණ එල්ල වී ඇත.
Read Moreපාපුවරුවේ ගමන් කල මගියෙකුට උඩට එන්න කියූ කොන්දොස්තරවරයාට පහරදුන් පුද්ගලයකු අත්අඩංගුවට ගන්නා තෙක් පානදුර- වේරගම ශ්‍රීලංගම බස් රථ රියදුරන් සහ කොන්දොස්තර වරුන් අද (03දා) ආරම්භ කළ වර්ජනය හේතුවෙන් මගින් විශාල පිරිසක් අපහසුතාවයකට පත්ව සිටියහ.
Read Moreමේ සතියේදි ඉන්ධන මිල අඩුවිමක් නොමැති බව විදලි බල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා සිය ට්විටර් ගිණුමන් පවසයි. මේ වන විට ඉන්ධන හල් වල ඉන්ධන නොමැති වි ඇත්තේ ඉන්ධන මිල අඩුවෙතැයි අපේක්ෂාවෙන ඉන්ධන හල් විසින් ඉන්ධන සඳහා ඇණවුම් ඉදිරිපත් නොකිරීම බවද අමාත්‍යවරයා පවසයි.
Read Moreපිලියන්දල සමුපකාර ඉන්ධන පිරවුම් හලේ කිව්.ආර් කේතය පරික්ෂා කිරීම සඳහා යොදා ගන්නා ස්මාර්ට් වර්ගයේ ජංගම දුරකථන දෙකක් සොරාගත් බව කියන යුද හමුදාවෙ හිටපු කපිතාන්වරයෙකු සහ මූල්‍ය සමාගමක කළමනාකරුවෙකු අත්අඩංගුවට ගත් බව පිලියන්දල පොලිසිය පවසයි.
Read Moreපාර්ලිමේන්තුවේ පක්ෂ නායකයන් සමඟ සාකච්ඡා කිරීමෙන් අනතුරුව මෙරට දිගුකාලීන ක්රමික වෙනස්කම් (Far Reaching Systematic Changes) ඇති කිරීමේ අරමුණින් ඉදිරිපත් කළ යෝජනා ක්‍රියාත්මක කිරීමේදී සතුටුදායක ප්‍රගතියක් ලබා ගැනීමට නොහැකිවී ඇති බව පෙන්වාදෙමින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා වෙත ලිඛිත දැනුම් දීමක් සිදුකර ඇත.
Read Moreරැසියාවේ සිට එහි තවත් විශාල ගුවන් සේවයක් වන අසූර් එයා (Azur Air) ගුවන් සේවයේ පළමු ගුවන් යානය 11/03 දින උදෑසන කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණියේය.
Read Moreඅභිනව අටමස්ථානාධිපති ලෙස නුවරකලාවියේ ප්‍රධාන සංඝනායක පූජ්‍ය පල්ලේගම හේමරතන නාහිමියන් ලබන 11දා නිලවශයෙන් වැඩ භාරගැනීමට නියමිතය.
Read Moreආර්ථික අර්බුදයට මුහුණ දී සිටින ශ්‍රී ලංකාව වෙනුවෙන් පසුගිය මාස පහක කාලය දුන් සහාය පිළිබඳව චීනයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලය පැහැදිලි කිරිමක් කර තිබේ. මේ අනුව පාසල් සිසුන්ගේ දිවා ආහාරය වෙනුවෙන් සහල් මෙට්‍රික් ටොන් 5500ක් හා රුපියල් බිලියන 3ක් වටිනා ඖෂධ තොගයක් ශ්‍රී ලංකාව වෙනුවෙන් පරිත්‍යාග කළ බව චීන තානාපති කාර්යාලය පවසයි.
Read Moreජනපතිවරු දෙදෙනෙක් කතා කළත් තනතුරු බාර නොගත් විපක්ෂ නායකවරයා කියන චරිතය අද පාරට ඇවිත් ජනතාව පෙළ ගස්සනවා, මොනවද මේ කරන විහිළු යැයි මිහින්තලා රජමහා විහාරාධිපති පූජ්‍ය වලවාහැංගුණවැවේ ධම්මරතන හිමියෝ පවසති.
Read Moreත්‍රස්තවාදය වැළැක්වීමේ පනත (PTA) ප්‍රතිසංස්කරණය කිරීම සඳහා 2022 වර්ෂයේ මාර්තු මාසයේ දී ශ්‍රී ලංකාව ගත් පියවර යුරෝපා සංගමයේ ඇගයුමට ලක් වූ අතර, එහි බැඳීම්වලට අනුකූලව ඉදිරි ක්‍රියාමාර්ග ගැනීමේ අවශ්‍යතාව ද පෙන්වා දෙන ලදී. මෑතක දී ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත භාවිතයට ගැනීම සම්බන්ධයෙන් යුරෝපා සංගමය සිය කනස්සල්ල පළ කළේ ය.
Read Moreශ්‍රී ලංකාවට අවශ්‍ය නාන කාමර කට්ටල ආනයනය කිරීම තාවකාලිකව තහනම් කරන ලෙසට පාර්ලිමේන්තුවේ මුදල් කාරක සභාවට ඉදිරපත් වූ යෝජනාවකට අනුමැතිය ලබාදිම කරුණු කිහිපයක් හෙතුවෙන් පසුවට කල් දැමිමට මුදල් කාරක සභාව තීරණය කළේය.
Read Moreනියෝනා නම් වූ නොමිලේ හෘද සැත්කම් වැඩසටහනක් යටතේ සංජානනීය හෘද දෝෂ සහිතව උපත ලැබූ ශ්‍රී ලංකාවේ දරුවන් පස් දෙනෙකුට කෝචිහිදී සාර්ථක හදවත් සැත්කම් සිදුකර තිබේ.
Read Moreපළාත් පාලන මැතිවරණය පැවැත්වීම සඳහා සැප්තැම්බර් මස 20 වන දිනෙන් පසුව මැතිවරණ කොමිසම් සභාවට නීතිමය බලතල හිමිවන බව මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති නීතිඥ නිමල් පුංචිහේවා මහතා පවසයි.
Read Moreකැබිතිගොල්ලෑව රඹකැපූවැව ප්‍රදේශයේ දී පෙරේදා (31 දා) රාත්‍රියේ සිදු වූ වන අලි ප්‍රහාරයකට ලක්ව පුද්ගලයෙකු මිය යෑමේ සිද්ධිය හේතුවෙන් කුපිත වූ ප්‍රදේශවාසීන් මාර්ගය අවහිර කරමින් විරෝධතාවක නිරතව සිටියදී, එම ස්ථානයේ ඇති වූ නොසන්සුන්කාරී තත්ත්වය පාලනය කිරීමට එහි ගිය පොලිස් කණ්ඩායමක සිටි සැරයන්වරයෙකු හට පහර දී ඝාතනය කිරීම සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කළ සැකකරුවන් 14 දෙනා අතුරින් 13 දෙනෙකු මේ මස 10 දා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන
Read Moreබහුජන සංවිධාන විසින් රජයට එරෙහිව පැවැත්වූ විරෝධතාව සාමකාමීව අවසන් විය. මේ වන විට කොළඹ කොටුවේ සිට ටෙක්නිකල් හංදිය දක්වා වූ මාර්ගය යළිත් විවෘත කර තිබේ.
Read Moreසංවිධාන රාශයක් ඒක්ව කොළඹ පැවැත්වූ විරෝධතාවට ඒක්වූ විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතා ඇතුළු දේශපාලඥයින් පිරිසකට විරෝධතාකරුවන් සිය විරෝධය එල්ල කළේය.
Read Moreලෝක කුසලාන විස්සයි විස්ස ක්‍රිකට් තරගාවලියේ බංග්ලාදේශය පරදා ලකුණු 5 ක තියුණු ජයක් වාර්තා කිරිමට ඉන්දියාව සමත්විය.
Read Moreවෘත්තීය සමිති, සිවිල් සංවිධාන ඇතුළු සංවිධාන රාශියක් රජයට එරෙහිව ඒකාබද්ධව පවත්වන විරෝධතාව සඳහා පොලීසියෙන් බාධාවක් එල්ල වී තිබේ. මෙම විරෝධතා පාගමන ටෙක්නිකල් හංදිය හරහා කොළඹ කොටුවට පැමිණෙමින් සිටින විට එය නැවැත්වීම වෙනුවෙන් පොලිසිය බාධාක දමා තිබුණි.
Read Moreඇමෙරිකා එක්සත් ජනපදයේ සියැටෙල් වරායේ සිට කොළඹ වරාය බලා ගමන් ආරම්භ කල ඇමෙරිකානු වෙරළාරක්ෂක දෙපාර්තමේන්තුව මඟින් ශ්‍රී ලංකා නාවික හමුදාව වෙත ලබාගත් පී 627 ගැඹුරු මුහුදු ආවේක්ෂණ නෞකාව, ශාන්තිකර සාගරය සහ ඉන්දියානු සාගරය ඔස්සේ නාවික සැතපුම් 10656 ක් පමණ වූ (කිලෝමීටර් 19734 ක් පමණ) දීර්ඝ මුහුදු ගමනකින් අනතුරුව අද (02දා) උදෑසන කොළඹ වරාය වෙත සේන්දු විය.
Read Moreඉන්දීය ප්‍රහාරාත්මක මැදපෙළ පිතිකරු සූර්යකුමාර් යදාව්, නවතම විස්සයි විස්ස පිතිකරුවන් ශ්‍රේණිගත කිරීමේ අංක එකේ ස්ථානයට පත්වී ඇත
Read Moreසෞඛ්‍ය අමාත්‍යංශය යටතේ පාලනය වන නුවරඑලිය දිස්ත්‍රික් මහ රෝහලේ කල්ඉකුත් වු රුපියල් ලක්ෂ පනහක් පමණ වටිනා ඖෂධ තොගයක් විනාශ කිරිම සදහා තලවකැලේ ලිදුල නගර සභාව වෙත භාර දි ඇති බව තලවකැලේ ලිදුල නගර සභාවේ සභාපති චන්දන ප්‍රදිප් ගුණතිලක මහතා පැවසිය.
Read Moreඕමාන් රජය විසින් ශ්‍රී ලංකාව වෙත රුපියල් මිලියන 191 ක් වටිනා ඖෂධ ආධාර තොගයක් පසුගියදා සෞඛ්‍ය අමාත්‍යාංශයේදී සෞඛ්‍ය අමාත්‍ය ආචාර්ය කෙහෙලිය රඹුක්වැල්ල මහතා වෙත නිල වශයෙන් ප්රදානය කෙරිණි.
Read Moreලෝක කුසලාන විස්සයි විස්ස ක්‍රිකට් තරගවලදී වැඩිම ලකුනු ලාභියාගේ වාර්තාව තමන් සතු කර ගැනීමට ඉන්දීය සුපිරි පිතිකරු විරාත් කෝලි සමත්විය.
Read Moreකොළඹ කොටුව සහ මරදාන දුම්රිය ස්ථාන අතර අද (2දා) තවත් දුම්රියක් පීලි පැනීමකට ලක්ව තිබේ.
Read More