ශ්‍රී ලංකා රේගුව රඳවාගෙන තිබෙන භාණ්ඩ සඳහා පවත්වන පරීක්ෂණ විධිමත් කිරීමට කැබිනට් අනුකාරක සභාවක් කැඳවීමට ජනාධිපතිවරයා තීරණය කර ඇතැයි සම කැබිනට් මාධ්‍ය ප්‍රකාශක බන්ධුල ගුණවර්ධන මහතා පැවසීය.
හෙතෙම වැඩිදුරත් පැවසුවේ සමහර අසම්පූර්ණ ක්‍රියාවලීන් හා රේගු ආඥාපනත අනුව ආනයන කරන ලද භාණ්ඩ වැරදිසහගත භාණ්ඩ ලෙස සලකා ගබඩා කිරීම නිසා වරායේ විශාල ගුදම් ප්‍රමාණයක් මෙන්ම ඉඩ ප්‍රමාණයක් මේ සඳහා වැය වන බවයි.
මෙවැනි ද්‍රව්‍ය නඩු කටයුතු අවසන්වන තෙක් දිගුකාලීනව තබාගැනීම නිසා කල් ඉකුත්වීම හෝ දිරාපත්වීම ද සිදුවී වෙළඳපළ වටිනාකම නොමැති වීමක් සිදුවන බවද හෙතෙම පැවසීය.
එම නිසා මේ සම්බන්ධයෙන් සොයාබලා මේවා මුදල් කර ගැනීම පිළීබඳ තීරණ ගැනීමට නිමල් සිරිපාල, රමේෂ් පතිරණ, රංජිත් සියඹලාපිටිය, දිලුම් අමුණුගම, ෂෙහාන් සේමසිංහ යන අමාත්‍යවරුන්ගෙන් සැදුම්ලත් කමිටුවක් පත් කර ඇති බවයි