අයි.එෆ්.සී. ලංකාවට ඩොලර් මිලියන 400ක් දෙයි
අත්‍යවශ්‍ය ආනයන සඳහා අරමුදල් සැපයීම සඳහා ශ්‍රී ලංකාවට ඩොලර් මිලියන 400 ක මුදල් හුවමාරු පහසුකමක් ලබා දෙන බව ලෝක බැංකුවේ ආයෝජන අංශය වන ජාත්‍යන්තර මූල්‍ය කෝපරේෂණය පවසයි.
ශ්‍රී ලංකාවේ ප්‍රේෂණ සහ අපනයනවලින් 30% කට වැඩි ප්‍රමාණයක් සමඟ කටයුතු කරන පුද්ගලික බැංකු තුනකට බෙහෙත්, ආහාර සහ පොහොර ඇතුළු අත්‍යවශ්‍ය ආනයන සඳහා අවශ්‍ය අරමුදල් සැපයීම මේ හරහා අපේක්ෂා කරයි.
දැඩි ඩොලර් හිඟයක් හේතුවෙන් දශක හතකට වැඩි කාලයක් තුළ ඇති වූ දරුණුතම මූල්‍ය අර්බුදය සමඟ පොරබදමින් සිටින ශ්‍රී ලංකාවට මෙම අරමුදල් බෙහෙවින් අවශ්‍ය විදේශ විනිමය පහසුකම් ලබාදෙනු ඇත.
"මෙම මූල්‍යකරණය ආයෝජක ප්‍රජාව තුළ විශ්වාසය ඉහළ නංවා ගැනීමටත්, ශ්‍රී ලංකා ආර්ථිකයට සහාය වීම සඳහා නැවුම් ප්‍රාග්ධන ගලා ඒම ආකර්ෂණය කර ගැනීමටත් අපි අපේක්ෂා කරමු" යනුවෙන් දකුණු ආසියාවේ ජාත්‍යන් මූල්‍ය කෝපරේෂණයේ ආයෝජන කළඹ කළමණාකාර ජූන් යන්ග් පාර්ක් පැවසීය.
අනාගතයේදී වෙනත් දිගු කාලීන අරමුදල් සහ උපදේශන සේවා සමඟ ගනුදෙනුකාර බැංකුවලට සහාය වීමට ආයතනය තවදුරටත් සැලසුම් කරමින් සිටී.
popular news
-
Kapila Gabadage Tuesday, 28 February 2023 04:00 AM
Of course Private bank can get the sort of SWAP like facility from IFC bur how they going to pay it back after spending money on consumption related activities
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

