අධිවේගියේ මුදල් අයකැමි ඔරුව පෙරලි මියයයි
ගලේවෙල දේවහුව ජලාශයේ විනෝදයට ඔරු පැදීමට ගොස් ඔරුව පෙරළී යාමෙන් එක් අයෙකු මිය ගොස් තවත් දෙදෙනෙකුගේ ජීවිතය බේරී ඇතැයි මකුලුගස්වැව පොලීසිය කියයි.
මෙසේ මිය ගොස් ඇත්තේ මාර් ග සංවර්ධන අධිකාරියේ අධිවේගී මාර්ගයේ මුදල් අයකැමියෙකු ලෙස සේවය කරන මාතර මිද්දෙනිය ප්රදේශයේ පදිංචි හරිදු පබසර ජයවර්ධන (32) හැවිරිදි එක්දරු පියෙකු බව පොලීසිය කියයි.
මාර්ග ග සංවර්ධන අධිකාරියට අයත් සුඛෝපභෝගී වෑන් රථයකින් අධිවේගී මාර්ගයේ සේවය කරන සේවකයන් පස් දෙනෙකු විනෝද වීම සඳහා දේවහුව ජලාශයට 26 දින පැමිණ ඇති බව පොලීසිය කියයි.
පසුව මිතුරන් පස්දෙනා දේව්හුව ජලාශය ඉස්මත්තේ සාදයක් පවත්වා එම ස්ථානයේ මසුන් මැරීම සඳහා යොදාගන්නා ඔරුවක ධීවරයා සමග දෙදෙනෙකු ඔරුවේ නැග ඔරු පැදීම සිදුකර ඇති බව පොලිසිය කියයි.
ඔරු පදිමින් සිටියදී වෙනත් පුද්ගලයෙකු පිහිනා පැමිණ ඔරුවේ කොල්ලෑවේ එල්ලෙනවාත් සමග ඔරු කඳ පෙරළී ගොස් ඇති බව ධීවරයා සහ ජිවිත බේරාගත් මාර් ග සංවර්ධන අධිකාරියේ පිරිස පොලිසියට පවසා තිබේ.

popular news
-
Kumar Monday, 27 February 2023 04:08 PM
peenana bari aya maywani vinodayata orupadinna yanawanam jeewitha arakshawa sundaha life Jachket ehkak andinna oney.
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.

