කුරුල්ලකුගේ පියාසර අත්දැකීම් ක්‍රීඩාව හඳුන්වාදෙමින් මහනුවර- මහියංගණය මාර්ගයේ 18 වංගුව නැරඹුම් මධ්‍යස්ථානයේදී පැරග්ලයිඩින් ක්‍රීඩා වැඩසටහනක් ඊයේ (26දා) දවස පුරා පැවැත්විණි.
දෙස් විදෙස් සංචාරකයන්ට විශ්මිත අත්දැකීමක් ලබා ගත හැකි පැරග්ලයිඩින් ක්‍රීඩාව විදෙස් රටවල් රැසක ප්‍රචලිතව වී ඇති නමුත් මෙරට ප්‍රචලිත ක්‍රීඩාවක් බවට මෙතෙක් පත්ව නොමැත.
විදේශීය ක්‍රීඩකයන්ගේ සහභාගීත්වයෙන් මෙම ක්‍රීඩාව ප්‍රචලිත කිරීමට කැන්ඩි පැරග්ලයිඩින් හා රාවණා පැරග්ලයිඩින් ක්‍රීඩා සමාජ එක්ව මෙම වැඩසටහන සංවිධාන කොට තිබු අතර, ඒ අනුව ඉන්දියාව, දකුණු කොරියාව, නේපාලය, ස්විට්සර්ලන්තය සහ ශ්‍රී ලංකාවේ පුහුණු ක්‍රීඩකයන් රැසකගේ සහභාගීත්වයෙන් මෙම වැඩසටහන සංවිධානය කොට තිබිණි.
සංචාරක කර්මාන්තයේ ප්‍රවර්ධනය සහ සංචාරකයන්ට මෙරට ස්වාභාව සෞන්දර්ය සියසින් නැරඹීමේ අවස්ථාව මෙම ක්‍රීඩාව තුළින් හිමිවේ.
ශ්‍රී ලංකාව හරහා ගමන් කරන නිරත දිග හා ඊසාන දිග සුළං ආධාරයෙන් මෙම ක්‍රීඩාව ක්‍රියාත්මක කළ හැකි අතර, එම සුළං උපයෝගි කොට ගෙන මහනුවර- මහියංගණය මාර්ගයේ 18 වංගුව නැරඹුමේ මෙම ක්‍රීඩාව දියත් කොට තිබිණි.
කුරුණෑගල හුණුපොල කන්ද, දෙල්තොට ලුල්කඳුර කඳු මුදුන සහ මාරස්න කන්ද යන ප්රදේශවලද මෙම ක්‍රීඩාව ක්‍රියාත්මක කිරීමට සැළැසුම් කොට තිබේ.
මෙම ක්‍රීඩාව නැරඹීම සඳහා දෙස් විදෙස් සංචාරකයන් විශාල පිරිසක් එක්ව සිටියහ.
ශාන් හුලංනුගේ







