ජාජබ විරෝධතාවට බැටන් ප්‍රහාර එල්ල කළේ නෑ
ජාතික ජනබලවේගය මගින් ඊයේ කොළඹදී පැවැත්වූ විරෝධතාව විසුරුවා හැරීම වෙනුවෙන් පොලීසිය ජල හා කඳුළු ගෑස් ප්‍රහාර පමණක් එල්ල කළ බවත් බැටන් ප්‍රහාර එල්ල නොකළ බවත් පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නිහාල් තල්දූව මහතා පවසයි.
“ඊයේ දිනය තුළ කොළඹ නගරයට ජාතික ජන බලවේගයේන පිරිසක් පැමිණෙන බවට හා උද්ඝෝෂණයක් පවත්වන බවට තොරතුරු තිබුණා. ඒ අනුව කොටුව මහේස්ත්‍රාත් අධිකරණයෙන් කොටුව පොලිස් ස්ථානාධිපතිවරයා අධිකරණ නියෝගයක් ලබාගත්තා. ඒ වගේම මාලිගා කන්ද මහේස්ත්‍රාත් අධිකරණයෙනුත් අධිකරණ නියෝගයක් ලබා ගත්තා.
ඒ තත්ත්වය යටතේ විහාර මහා දේවි උද්‍යානය අසල හා ලිප්ටන් වටරවුමේ රැස්වී තිබුණා. ඒ අය යූනියන් පෙදෙසට ගමන් කරමින් සිටියා. පොලීසිය කිව්වා පෙළපාළියක් යන්න දෙන්න බෑ කියලා. පොලීසියට බාධා කරමින් පෙළපාලියක් යන්න හදපු නිසා ජල හා කඳුළු ගෑස් ප්‍රහාරයක් එල්ල කළා. ඒ අනුව එම පෙළපාලිය පාලනය කළා.
බැටන් ප්‍රහාර එල්ල කලේ නෑ. ජල හා කඳුළු ගෑස් ප්‍රහාර එල්ල කළා. පුද්ගලයන් 29ක් ජාතික රෝහලෙන් ප්‍රතිකාර ලබාගෙන තිබුණා. තුවාල ලැබූ පොලිස් නිලධාරීන් 5ක් නාරාහේන්පිට පොලිස් රෝහලේ ප්‍රතිකාර ගන්නවා”
popular news
-
Deepal Nirosh Tuesday, 28 February 2023 05:03 AM
බැටන් ප්‍රහාර විතරක් නොවෙයි සර්, පුළුවන්නම් වෙඩි ප්‍රහාර හරි එල්ල කරල ඔය බොරු කලබල කාරයො ටික විසුරුවා හරින්න. දැන් ඕවට විරුද්ධ වෙන්න සංවිධානවත් මානව හිමිකම් හිමිකරුවන්වත් පැත්ත පළාතෙ එන්නෙ නෑ. ඒ එදා. එදා වගේද අද? බය නැතුව කරගෙන යන්න.
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

