අවේලාවේ නේවාසිකාගාරයෙන් පිටතට යාමට නොදීමේ සිද්ධියක් මුල්කරගෙන රුහුණ විශ්වවිද්‍යාලයේ තාක්ෂණ පීඨයේ සිසුන් පිරිසක් එහි උපශාලාධිපතිවරයාට, ඔහුගේ බිරිදට හා නැන්දම්මාට පහරදීමේ සිද්ධියක් හේතුවෙන් එම පීඨය අද (27) දහවල් 12.00 සිට තාවකාලිකව වසා දැමීමට තීරණය කල බව පීඨාධිපති මහාචාර්ය සුභාෂ් ජයසිංහ මහතා පැවසීය.
සිසුන්ගෙන් පහර කෑමට ලක්වු බව කියන උපශාලාධිපති කුසල් ගුණවර්ධන, එමවිශ්වවිද්යාලයේ කලා පීඨයේ ආචාර්යවරියක වු ඔහුගේ බිරිද හා නැන්දම්මා වෛද්‍ය ප්‍රතිකාර සදහා කඹුරු පිටිය ආදපාන රජයේ රෝහල වෙත ඇතුළත් කර සිටී.
පහර දීමට සම්බන්ධ සැකකාර සිසුන් අත්අඩංගුවට ගැනීම සදහා විශේෂ පරීක්ෂණයක් ආරම්භ කර තිබෙන බව කඹුරුපිටිය පොලීසිය පවසයි.
රුහුණ විශ්වවිද්‍යාලයේ තාක්ෂණ පීඨය කඹුරු පිටිය ගම් උදාව ප්‍රදේශයේ ස්ථාපිත කර තිබෙන අතර එහි දුරබැහැර තත්වය සැලකිල්ලට ගෙන සිසුසිසුවියන් 800 කට පමණ වෙන වෙනම නේවාසිකාගාර පහසුකම් ලබාදී තිබේ.
අත්‍යාවශ්‍ය හෝ අසනීප තත්වයකට හැර රාත්‍රි 8.00 න් පසු සිසුවියන්ටත් රාත්‍රි 9.00 න් පසු සිසුන්ටත් නේවාසිකාගාර වලින් පිටතට යාම තහනම් කර තිබෙන බව කියති.
කෙසේ වෙතත් රාත්‍රි 10.30 ට පමණ පිරිමි නේවාසිකාගාරයෙන් සිසුන් පිරිසක් පිටතට යාමට උත්සාහ කල අවස්ථාවේදී ආරක්ෂක නිලධාරීන් එය දැක නතර කර ඇති බවත් ඉන් අනතුරුව එම සිසුන් පිරිස ඉහල මහලට දුවගොස් අනෙකුත් සිසුන් සමග එක්වී ඝෝෂාකාරී ලෙස හැසිරී ඇති බවත් පීඨාධිපති ජයසිංහ මහතා කීවේය.
එම ඝෝෂාව ඇසී උපශාලාධිපතීවරයා එම ස්ථානයට පැමිණ ඇති බවද එවිට සිසුන් නේවාසිකාගාරයට විදුලිය සැපයෙන ප්‍රධාන ස්වීචය විසන්ධි කර ඔහුට පහරදීමට උත්සාහකර ඇතැයිද ඔහු කීය.
ඒ සමගම සිසුන්ගේ ග්රහණයෙන් මිදී උපශාලාධිපතිවරයා තම නිල නිවසට දුව ගෙන ගිය අවස්ථාවේදී කලහකාරී සිසුන් ඔහු පසුපස ලුහු බැද ගොස් පහරදී ඇතැයිද ඔහු බේරාගැනීමට මැදිහත්වු බිරිදට හා නැන්දම්මාටද පහරදී ඇතැයිද ජයසිංහ මහතා සදහන් කලේය.
ක්‍රිෂාන් ජීවක ජයරුක්