පොලීසිය විශ්වවිද්‍යාල තුළට පැමිණ ශිෂ්‍යන්ට පහරදුන් බව කියන සිදුවීම පිළිබඳ පියවරක් ගන්නා ලෙස අභ්‍යන්තර කටයුතු පිළිබඳ අමාත්‍යාංශයෙන්, විශයභාර ඇමතිවරයාගෙන් සහ පොලිස් දෙපාර්තමේන්තුවෙන් ඉල්ලීමක් කළ බව සභානායක, අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත් මහතා පැවසීය.
සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී බුද්ධික පතිරණ මහතා වාචික පිළිතුරැ අපේක්ෂාවෙන් අද 09දා) පාර්ලිමේන්තුවේදී යොමු කළ ප්‍රශ්නයකට පිළිතුරු ලබා දෙමින් හෙතෙම මේ බව සඳහන් කළේය.
මෙවැනි ක්‍රියාමාර්ග හේතුවෙන් ඊලඟ මිනිස් බිල්ලක් විශ්වවිද්‍යාල පරිශ්‍රය තුළින් ගැනීමට කටයුතු කළොත් එය එක් පක්ෂයකට පමණක් නොව රටේම ඛේදවාචකයක් බවට පත්වන බව බුද්ධික පතිරණ මන්ත්‍රීවරයා එහිදී පැවසීය.
සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී බුද්ධික පතිරණ - කොළඹ විශ්ව විද්‍යාලයේ ඇතිවූ ගැටුමත් එක්ක විශ්වවිද්‍යාලයට පොලීසිය පැන්නා කියලා කියනවා. විශ්වවිද්‍යාලය ඇතුලට ඇවිත් ඇදගෙන ගියා කියනවා. විශ්වවිද්‍යාල අනද්‍යන සේවකයෙක් මිය ගිහින් තියෙනවා. ඒක කඳුලු ගෑස් ප්‍රහාරය නිසා ඇති වූ මරණයක් කියල සැක කරනවා. ඊයේ තර්ස්ටන් විද්‍යාලය අවට මුළු විශ්වවිද්‍යාලයම පිරුණා.
මේක ජනාධිපතිතුමා ඉගෙනගත්ත විශ්වවිද්‍යාලය, කථානායකතුමා ඉගෙන ගත්ත විශ්වවිද්යාපය. ඒ වගේම ඔබතුමා ඉගෙන ගත්ත විශ්වවිද්‍යාලය. එතකොට විශ්වවිද්‍යාල පද්දතිය තුලට පොලීසිය ඇතුළු වීම සිදු වනවා. ඒ වගේම ඊයේ රෑ කැළණිය විශ්වවිද්‍යාලය පාරේ නෙවෙයි, විශ්වවිද්‍යාලයට ඇතුළු වන පරිශ්‍රයට ඇවිල්ලා ඉස්සරහින් සහ පිටුපසින් හිර කරලා පහර දුන්නා. ඊලඟ බිල්ලක් විශ්වවිද්‍යාල පරිශ්‍රය තුළින් ගත්තොත් ඒක එක පක්ෂයක නෙවෙයි රටේම ඛේදවාචකයක් බවට පත්වෙනවා. ඒ නිසා මේ ඇතිවෙන්න යන ඛේදනීය තත්ත්වයෙන් විශ්වවිද්‍යාල පද්දතිය ගලවා ගන්න ඔබතුමාට මැදිහත්වීමක් කරන්න පුළුවන්ද?
සභානායක, අධ්‍යපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත් - දැන් මේ සිදුවන ප්‍රශ්න සිදුවන්නේ විශ්වවිද්‍යාලයේ අභ්‍යන්තර ප්‍රශ්න වලට වඩා රටේ තිබෙන පොදු ප්‍රශ්න මූලික කරගෙන ඇතිවෙන්නේ. ඒක නිසා සෑම විටම අපි විවෘත්තයි උසස් අධ්‍යාපන අමාත්‍යාංශය සාකච්ඡා කරන්න ශිෂ්‍යන් සම්බන්ධයෙන් තිබෙන ප්‍රශ්න. මම මේ විශ්වවිද්‍යාල පරිශ්‍ර තුලට පොලීසිය ඇතුළු වීම සම්බන්ධයෙන් අභ්‍යන්තර කටයුතු පිළිබඳ අමාත්‍යාංශයටත්, අමාත්‍යවරයාටත්, පොලිස් දෙපාර්තමේන්තුවටත් ඒ අවශ්‍ය පියවර ගන්න කියලා මම ඉල්ලීමක් ඉදිරිපත් කරලා තිබෙනවා.