saravita-anim2

2025 ඔක්තෝබර් මස 01 වන බදාදා

2025 ඔක්තෝබර් මස 01 වන බදාදා

Latest News - timelapse 4575 hours ago

LATEST

වැසි රහිත කාලගුණ තත්ත්වයක්

calendar_today 2022 නොවැ 18 - 08:13 remove_red_eye - 250  

දිවයිනේ බොහෝ ප්‍ර දේශවලට අද දිනයේදි වැසි රහිත කාලගුණ තත්ත්වයක් අපේක්ෂා කරන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තව පවසයි. කෙසේ වෙතත් උතුරු හා නැගෙනහිර පළාත්වල වැසි ස්වල්පයක් ඇතිවිය හැකි බවද එම දෙපාර්තමේන්තුව වැඩිදුරටත් දන්වා සිටියි.

ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක ධනුෂ්ක ගුණතිලකට එරෙහිව ඔස්ට්‍රේලියාවේදී ක්‍රියාත්මක නඩු විභාගය වෙනුවෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය මේ වන වට ඔස්ට්‍රේලියානු ඩොලර් 380000ක් (ශ්‍රි ලංකා රුපියල් ලක්ෂ 96ක්) පමණ ගෙවා ඇතැයි ඩේලි මිරර් පුවත් සේවය පවසයි.

Read More

නොවැම්බර් මාසයේ මුල් දින 15 තුළ සංචාරක පැමිණීම් 27,213 ක් වූ අතර, වසර සඳහා සංචාරක පැමිණීම් ලක්ෂ 6 ඉක්මවා යාමට ආසන්න දුරකින් ශ්‍රී ලංකාව පසුවෙයි. ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය විසින් නිකුත් කරන ලද තාවකාලික දත්ත වලට අනුව ජනවාරි 01 සිට නොවැම්බර් 15 දක්වා කාලය තුළ ශ්‍රී ලංකාවට සංචාරකයන් 595,471 ක් පැමිණ තිබේ.

Read More

ශ්‍රී ලංකාවේ සියලු ශිෂ්‍ය ශිෂ්‍යාවන්ට අවශ්‍ය පොත් පත් මුද්‍රණය කර ලබා දෙන බව ද අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා අවධාරණ කළේය. පොත් පත් සඳහා අවශ්‍ය කඩදාසි එම මුද්‍රණ ආයතකන විසින් ආනයනය කරමින් සිටින බවද අග්‍රාමාත්‍යවරයා ප්‍රකාශ කළේය.

Read More

ශ්‍රී ලංකාවේ කෘෂිකර්මාන්තය නවීකරණය කිරීමට සහ නව කෘෂි තාක්ෂණ විශ්වවිද්‍යාලයක් පිහිටුවීම සඳහා රජය කැලිෆෝනියා විශ්වවිද්‍යාල පද්ධතිය සමඟ සහයෝගයෙන් කටයුතු කරමින් සිටින බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.

Read More

ශ්‍රී ලංකා ක්‍රිකට් හි හිටපු සභාපති තිලංග සුමතිපාල මහතාට රුපියල් මිලියන විසිපහක වන්දියක් ගෙවන ලෙසට අර්ජුන රණතුංග මහතා ට ගල්කිස්ස සිවිල් අභියාචනා මහාධිකරණය අද (17දා) නියෝග කලේය.

Read More

දේශගුණික විපර්යාස පිළිබඳ ජනපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ජාත්‍යන්තර උපදේශක ලෙස පත්කර ඇති මාලදිවයිනේ කථානායක මොහොඩම් නෂීඩ් මහතාට ඊජිප්තුවට යෑමට රජයේ මුදල් වැය නොකළ බව මුදල් අමාත්‍යාංශය දැනුම් දුන්නේ යැයි අමාත්‍ය රමේෂ් පතිරණ මහතා පාර්ලිමේන්තුවට දැනුම් දුන්නේය.

Read More

පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග අනුව විසර්ජන පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව රජයේ මුදල් පිළිබඳ කාරක සභාව විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ යුතු වාර්තා දෙක පිළිබඳව එම කාරක සභාවේදී සාකච්ඡා කෙරිණි.

Read More

දේශීය ණය ප්‍රතිව්‍යුහගත කිරීමට රජය කිසිදු තීරණයක් ගෙන නොමැති බව මුදල් රාජ්‍ය අමාත්‍ය ෂෙහාන් සේමසිංහ මහතා පවසයි.

Read More

චීනය සැමවිටම මිත්‍රයෙකු සහ හවුල්කරුවෙකු ලෙස ශ්‍රී ලංකාවට සංවර්ධනය කිරීමට සහාය දෙන බව චීනයේ විදේශ රටවල් සමඟ මිත්‍රත්වය සඳහා වූ චීන ජනතා සංගමයේ සභාපති ලින් සොංග්ටියන් මහතා පවසයි.

Read More

වායු රයිෆලයකින් හිසට වෙඩි වැදීම හේතුවෙන් තුවාල ලබා කරාපිටිය ශික්ෂණ රෝහලට ඇතුලත්කර සිටි පස් හැවිරිදි පිරිමි දරුවා අද (17) උදෑසන මියගොස් ඇතැයි රෝහල් පොලිසිය පවසයි.

Read More

මුහුදුබඩ මාර්ගයේ කොම්පඤ්ඤවීදිය හා කොල්ලුපිටිය දුම්රිය ස්ථාන අතර දුම්රිය පාලමක් අබලන් වීම හේතුවෙන් මුහුදුබඩ මාර්ගයේ ගමනාගමනයට බාධා එල්ල වී ඇත.

Read More

ජනපති රනිල් වික්‍රමසිංහ මහතාටත් මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතාටත් කියන දේ කියන කරන දේ කියන ගුණය නොමැති බව පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල මහතා පවසයි.

Read More

මෙරට කාන්තාවන් 12දෙනෙකු සංචාරක වීසා මත ගෙන ගොස් ගණිකා වෘත්තිය සඳහා ඕමානයේ පැවති උත්සවයකදී ප්‍රසිද්දියේ වෙන්දේසි කර තිබෙන බවත්, මේ පිළිබඳව ආණ්ඩුව අවධානය යොමු කර ක්‍රියාමාර්ගයක් ගත යුතු බවත් සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී වෛද්‍ය කාවින්ද ජයවර්ධන මහතා පැවසීය.

Read More

ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් ණය අඩුකිරීමක් කිරීමට චීනය සූදානම් නොමැති බවට ප්‍රකාශ කර ඇතැයි පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබර් රහුමාන් පැවැසීය. අයවැය විවාදයට එක්මෙින් ඔහු මේ බව පැවැසීය.

Read More

පෞද්ගලිකව කළ සාකච්ඡාවක තොරතුරු මාධ්‍යවල පළවීම සම්බන්ධයෙන් චීන ජනපති ෂී ජින්පින් මහතා විසින් කැනඩා අග්‍රාමාත්‍ය ජස්ටින් ටෘඩෝ වෙත සිය විරෝධය ප්‍රකාශ කර තිබේ.

Read More

එල්.ටී.ටී.ඊ. සංවිධානයේ හිටපු නායක වේලුපිල්ලේ ප්‍රභාකරන්ට සිය ජීවිත කාලයට කිරිමට නොහැකිවූ දෙයක් 2023 අයවැයේ එක වාක්‍යයකින් කර ඇති බව හිටපු අමාත්‍ය, ආචාර්ය සරත් වීරසේකර මහතා කියයි.

Read More

ත්‍රිකුණාමලය ප්‍රදේශයේ බෙදාහැරීමට තිබූ ඩීසල් ලීටර් 13200 ක් ව්‍යාජ බලපත්‍රයක් සකසා බණ්ඩාරගම ප්‍රදේශයේ පෞද්ගලික කර්මාන්තශාලාවකට අධික මිළකට අලෙවි කිරීමට රැගෙන යමින් තිබූ බව්සරයක් සමග රියදුරු සහ සහයකයා අද (17) අලුයම අත්අඩංගුවට ගත්බව පානදුර කොට්ඨාස අපරාධ විමර්ශන ඒකකය පවසයි .

Read More

රාජ්‍ය අමාත්‍ය ඩයනා ගමගේ මහත්මියට එරෙහිව පනවා ඇති විදේශ ගමන් තහනම දෙසැම්බර් මස 15 දා තෙක් දීර්ඝ කිරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය අද නියෝග කළේය.

Read More

ඔහුගේ ඇප කොන්දේසිවල කොටසක් ලෙස ධනුෂ්කට දිනපතා ඊස්ට්වුඩ් පොලිසියට වාර්තා කිරීමට සිදුවන අතර ඔහුගේ විදේශ ගමන් බලපත්‍රය භාරදීමට සිදුවෙනු ඇත. එදේම ඔහුට ටින්ඩර් හෝ වෙනත් ආලය (Dating) යෙදුමක් භාවිත කිරීමට අවසර නැති අතර, සමාජ මාධ්‍ය වෙත ප්‍රවේශ විය හැක්කේ නීතිමය නියෝජිතයකු ඉදිරියේ පමණි.

Read More

’’මේ රටේ නිෂ්පාදනය කරන්න පුළුවන් ඒක්සයිස් පොත වෙන්න පුළුවන්, පැන්සල වෙන්න පුළුවන්, අපිට තිබෙන විනිමය ‌හිඟය හේතුවෙන් භාණ්ඩ 2000ක් අපිට නවත්වනන් වුණා. මේ රටේ නිෂ්පාදනය කරන්න පුළුවන් ඒවට සෙස් බද්දක් දාලා ඒකෙන් අපි මේ රටේ නිෂ්පාදකයාට උදව් කරනවා. සෙස් බද්දක් දාන්නේ මේ රටේ නිෂ්පාදන ආරක්ෂා කරන ගන්න.’’

Read More

මුහුදු බඩ දුම්රිය මාර්ගයේ බලපිටිය දුම්රිය ස්ථානය ඉදිරිපිටදී අද (17) අලුයම් කාලයේදී වසා තිබූ දුම්රිය ගේට්ටුවත් කඩාගෙන ගිය ත්‍රීරෝද රථයක් ධාවනය වෙමින් තිබූ දුම්රියක හැපී තීරෝද රථ රියදුරු මියගොස් ඇති බව අහුන්ගල්ල පොලීසිය කියයි.

Read More

2016 වර්ෂයේදී ශ්‍රි ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය විසින් ලබාදුන් බලපත්‍රය අවභාවිතා කරමින් සංචාරක වීසා මගින් කතුන් රැකියා සඳහා යැවීමේ ජාවාරමක නිරත වූ රැකියා නියෝජිතායතනයක් වැටලීම් කර එහි සේවය කළ කාන්තාවක් අත්අඩංගුවට ගැනීමට කාර්යාංශයේ විමර්ශන ඒකකයේ නිළධාරීන් සමත් වී තිබේ.

Read More

දේශීය ආදායම් පනතට ඒරෙහිව ‌ගොනුකළ මූලික අයිතිවාසිකම් පෙත්සම සම්බන්ධයෙන් වන ශ්‍රේෂ්ඨාධිකරණයේ මතය පාර්ලිමේන්තුවට දැනුම් දී තිබේ.

Read More

කාන්තාවකට අතවර කිරිම ඇතුළු චෝදනා 4ක් යටතේ ඔස්ට්‍රේලියානු පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන රඳවාගෙන සිටි ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක ධනුෂ්ක ගුණතලිකට ඇප ලැබී තිබේ. ඒ ඔහු වෙනුවෙන් ඔහුගේ නීතිඥයින් ඉදිරිපත් කළ දෙවැනි ඇප අයදුම අනුවය.

Read More

මෝටර් රථ ලියාපදිංචි කිරීමේ ගාස්තු ඉහළ නංවමින් ප්‍රවාහන අමාත්‍යවරයා ලෙස ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා අතිවිශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ.

Read More

කෘෂිකර්ම අමාත්‍යාංශයේ ලේකම්වරයා ලෙස ගුණදාස සමරසිංහ මහතා පත්කර තිබේ. ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් මෙම පත්කිරිම සිදුකර තිබේ.

Read More

ගමන් බලපත්‍ර ගාස්තු අද සිට ඉහළ නැංවෙන බව ආගමන හා විගමන දෙපාර්තමේන්තුව පවසයි. ඒ අනුව එක්දින සේවාව යටතේ ගමන් බලපත්‍රයක් ලබාගැනීමේදී අයකරන රුපියල් 15000ක ගාස්තුව රුපියල් 20000ක් දක්වා වැඩිවෙයි.

Read More

එක්සත් ජාතීන්ගේ ආහාර හා කෘෂිකර්ම සංවිධානය විසින් යාපනය, මුලතිව්, කිළිනොච්චි හා බදුල්ල යන දිස්ත්‍රික්කවල අඩු ආදායම්ලාභී ගොවි පවුල් 15,619කට වී වගාවට අවශ්‍ය යුරියා පොහොර නොමිලයේ ලබා දීම සඳහා මෙ. ටො. 780.1ක් ඊයේ (15) පස්වරුවේ කෘෂිකර්ම අමාත්‍යාංශයට බාර දෙනු ලැබීය.

Read More

ආණ්ඩුව එක් දිශාවක් දෙස පමණක් බලා වැඩ කටයුතු කිරීමෙන් දැවැන්ත පිපිරීම් වලට ඉඩකඩ ලැබෙන බව ස්වාධීන වූ පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතා පැවසීය.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.