saravita-anim2

2025 ඔක්තෝබර් මස 01 වන බදාදා

2025 ඔක්තෝබර් මස 01 වන බදාදා

Latest News - timelapse 4568 hours ago

LATEST

ඉන්ධන මිල සංශෝධනය මසකට එක් වරයි

calendar_today 2022 නොවැ 19 - 21:14 remove_red_eye - 289  

මේ වන විට මසකට දෙවරක් වශයෙන් සිදුකරන ඉන්ධන මිල සංශෝධනය ඉදිරියේදි මසකට එක්වරක් පමණක් සිදුකිරීමට කටයුතු කරන බව විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා පවසයි. ඒ සම්බන්ධයෙන් වන යෝජනාව කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කරන බවද අමාත්‍යරය කීවේය.

පානීය ජල බෝතල් වලින් රජයට බදු මුදලක් අයකිරීම පිළිබඳව සහ දිවයිනේ විවිධ ප්‍රදේශවල පවතින ජල ව්‍යාපෘතිවල වර්තමාන ප්‍රගතිය පිළිබඳව ද මෙහිදී සාකච්ඡා විය.

Read More

ශ්‍රී ලාංකික ළාබාල තරුණියන් සංචාරක වීසා මත ඕමානය වෙත රැගෙන විත් එරට කෝටිපති ව්‍යාපාරිකයන්ට අලෙවි කළ මිනිස් ජාවාරමේ මහ මොළකරුඅද අලුයම කටුනායක ගුවන් තොටුපළ පැමිණීමේ පර්යන්තයේ දී මීගමුව මහේස්ත්‍රාත් අධිකරණය ලබා දී තිබූ නියෝගයක් මත ආගමන විගමන දෙපාර්තමේන්තු නිලධාරීන් විසින් අත් අඩංගුවට ගෙන තිබේ.

Read More

මෙරට බැංකු, රක්ෂණ සහ ව්‍යාපාරික ක්ෂේත්‍රවල අභිවෘද්ධිය සඳහා වන නව යෝජනා ලබන දෙසැම්බර් මාසයේදී ඉදිරිපත් කිරීමට පියවර ගන්නා බව ආර්ථිකය ස්ථායීකරණයට අදාළ කෙටි සහ මධ්‍ය කාලීන වැඩසටහන් හඳුනා ගැනීම සඳහා වන ජාතික සභා අනු කමිටුවේ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතා පැවසීය.

Read More

පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාව (කෝප්), රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාව (කෝපා) සහ රජයේ මුදල් පිළිබඳ කාරක සභාව යන කාරක සභා වල සේවය කිරීම සඳහා තේරීම් කාරක සභාව විසින් නම්කරන ලද නව සාමාජික මන්ත්‍රීවරුන් කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා විසින් අද (19) පාර්ලිමේන්තුවට නිවේදනය කරන ලදි.

Read More

චීනය විසින් ශ්‍රී ලංකාවට පරිත්‍යාග කරන සහල් මෙට්‍රික් ටොන් 10000 යටතේ තවත් සහල් මෙට්‍රික් ටොන් 1000ක තොගයක් ශ්‍රී ලංකාවට ගෙන ආ බව ශ්‍රී ලංකාවේ චීන තානාපති කාර්යාලය පවසයි.

Read More

විදේශ රැකියා ලබාගැනීමට අපේක්ෂාවෙන් අබුඩාබියට පැමිණි ශ්‍රී ලාංකිකයින් 17 දෙනෙකුගේ සිද්ධිය සම්බන්ධයෙන් අබුඩාබි ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේ අවධානය යොමුව ඇතැයි අබුඩාබියේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලය පවසයි.

Read More

දුර්ලභව දැක ගැනීමට හැකිවන උනහපුලුවෙක් කැකිරාව කිතුල්හිටියාව නිවසක දැලක පැටලී සිටියදී තරුණයකු විසින් බේරාගෙන මාධ්‍යවේදීන් හරහා සීගිරිය වනජීවී නිලධාරීන්ට බාර දීමේ සිද්ධියක් ඊයේ (18දා) පස්වරුවේ වාර්තා විය.

Read More

පාපන්දු ලෝක කුසලානය පැවැත්වෙන කිසිදු ක්‍රීඩාංගණයක මත්පැන් අලෙවි කිරිමට අවසර ලබා නොදෙන බව සංවිධානයකින් තහවුරු කර ඇත.ඒ මෙවර ලෝක කුසලායට ආරම්භ වීමට දින දෙකක් පමණක් ඉතිරිව තිබියදීය.

Read More

නයිජීරියානු සමුද්‍ර පරිසරයට අවසරයකික් ඇතුළුවීම හෙතුවෙන් නයිජීරියානු බලධාරීන් විසින් රඳවාගෙන සිටින M/T Heroic IDUN නෞකාවේ සිටින ශ්‍රී ලාංකික කාර්ය මණ්ඩල සාමාජිකයින් අට දෙනාගේ සුබසාධනය ගැන රජයේ අවධානය යොමුව තිබේ.

Read More

හදිසි නීති රීති පනවා වගා කිරීම සඳහා ආණ්ඩුව ජනතාවට බලපෑම් නෙකරන බවත් අර්බුදයෙන් ගොඩඒම සඳහා සියලු දෙනා සාමූහිකව වගා කිරීමට එකතුවන ලෙස ඉල්ලන බවත් අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා පවසයි.

Read More

මෙය එක්සත් ජනපද රාජ්‍ය දෙපාර්තමේන්තුවේ ගණනය කිරීම් මත පදනම්ව, මෙම වසරේදී උතුරු කොරියාව විසින් සිදුකළ 8 වැනි අන්තර් මහද්වීපික බැලස්ටික් මිසයිල පරීක්ෂණය වනු ඇත.

Read More

ජනාධිපතිතුමාගේ යෝජනාවක් පරිදි ස්ථාපිත කිරීමට නියමිත කාරක සභා ද්විත්වයකට අදාළ ස්ථාවර නියෝග පිළිබද කාරක සභාවේ වාර්තාව කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතා විසින් අද (18) පාර්ලිමේන්තුවට ඉදරිපත් කරන ලදී.

Read More

ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ බන්ධනාගාරගතව සිටින සිරකරුවන් සම්බන්ධයෙන් වු විශේෂ සාකච්ඡාවක් අධිකරණ, බන්ධනාගාර කටයුතු හා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ අමාත්‍ය ජනාධිපති නීතිඥ, ආචාර්ය විජයදාස රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් හා විදේශ කටයුතු අමාත්‍ය ජනාධිපති නීතිඥ අලි සබ්රි, මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් යන මහත්වරුන්ගේ සහභාගිත්වයෙන් අද (18) අධිකරණ අමාත්‍යාංශයේදී පවත්වා තිබේ.

Read More

කොරියානු අර්ධද්වීපයේ උණුසුම ආසන්න කාලසීමාව තුළ තීව්‍ර වී තිබුණේ, උතුරු කොරියාව දිගින් දිගටම මිසයිල අත්හදා බැලීම් සිදුකිරීම නිසාය.

Read More

මෙරට අධ්‍යාපන ක්ෂේත්‍රයේ නව පෙරලියක් සනිටුහන් කරමින් ලබන වසරේ පළමු පාසල් වාරය ආරම්භ වන මාර්තු 26 වනදා සිට දිවයිනේ සියලුම පාසල්වල ප්‍රාථමික අංශයේ 01 ශ්‍රේණියේ සිට ඉංග්‍රීසි භාෂාව ඉගැන්වීමට සියලු පියවර ගෙන ඇතැයි අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත මහතා පැවසීය .

Read More

ලාභ ලබන රාජ්‍ය ආයතන විකිණීමට යෝජනා කරන,මෙවර ’’අය - වැයට’’ විරුද්ධව ඡන්දය ප්‍රකාශ කිරීමට උත්තර ලංකා සභාගය නියෝජනය කරන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් තීරණය කර ඇතැයි එම සභාගයේ සභාපති, හිටපු අමාත්‍ය විමල් වීරවංශ මහතා පවසයි.

Read More

ලෝකයේ තුන්වැනි විශාලතම ආර්ථිකයේ උද්ධමන අනුපාතය ජපාන බැංකුවේ (BOJ) 2%ක උද්ධමන ඉලක්කයට වඩා අඛණ්ඩව හත්වැනි මාසය සඳහා ඉහළ මට්ටමක පැවතුණි.

Read More

ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ දැනට රඳවාගෙන සිටි අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලයේ කැඳවුම්කරු වසන්ත මුදලිගේ හා ගල්වැව සිරිධම්ම හිමියන් නිදහස් කරන ලෙස ඉල්ලමින් අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලය පැවැත්වූ විරෝධතාවට අග්‍රාමාත්‍ය කාර්ලායලය අසළදී ජල හා කඳුළු ගෑස් ප්‍රහාරයක් එල්ල කිරිමට පොලිසිය පියවර ගත්තේය.

Read More

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 79 ව්‍යවස්ථාවේ විධිවිධාන අනුව පනත් කෙටුම්ප‍ත් 8 ට ඊයේ (17) සිය සහතිකය සටහන් කරන ලද බව කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා අද (18) පාර්ලිමේන්තුවට නිවේදනය කළේය.

Read More

බැංකු මගින් ඩොලර් රුපියල්වලට මාරු කිරීමේදී ප්‍රමාදයන් වීමට හේතුවන කිසිදු උපදෙසක් මහබැංකුව ලබා දී නොමැති බව මහබැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ හහතා පැවැසිය.

Read More

මෙම පාලම නිසා දැන් වෙන්ටියැන් මොඩියුලයේ සිට ටියාන්හේ මූලික හෝ මෙන්ටියැන්ග් මොඩියුලය වෙත පහසුවෙන් එහා මෙහා යාමට හැකි වනු ඇති අතර, ඔවුන්ට අභ්‍යවකාශ මධ්‍යස්ථානය තුළ ගමන් කළ හැකි දුර දෙගුණ වී තිබේ.

Read More

විශ්‍රාමික පොලිස් පරීක්ෂකවරයෙක්ගේ සිරුරක් කළුතර නිවසක විදුලි පංකාවක එල්ලෙමින් තිබියදී අද (18දා) උදෑසන හමුවූ බව කළුතර දකුණ පොලිසිය පවසයි.

Read More

සාලියපුර ගජබා රෙජිමේන්තුවට අයත් ශ්‍රි ලංකා යුද හමුදාවේ මේජර්වරයෙක් ඇතුළු තිදෙනෙක් ඊයේ රාත්‍රි යේ සිදුවූ අනතුරකින් ජීවිතක්ෂයට පත්ව ඇතැයි පොලීසිය කියයි.

Read More

වයස අවුරුදු 42 ක කාන්තාවක සහ 7 සහ 4 වියැති ඇයගේ කුඩා දරුවන් දෙදෙනා බලහත්කාරයෙන් නිවසක සිරකර ගෙන සිටී වැලිපැන්න පොලිසියේ සැරයන්වරයෙකු සහ ඔහුගේ බිරිඳ අද (18) අලුයම අත්අඩංගුවට ගත් බව කළුතර කොට්ඨාස අපරාධ විමර්ශන ඒකකය පවසයි.

Read More

පසුගිය කාලය තුළ විචල්‍ය පොලී අනුපාත යටතේ ලබා ගත් ණය සදහා අය කරන පොලී අනුපාත ඉහළ දැමීම නිසා අපහසුතාවට පත්වූ ගණුදෙනුකරුවන්ට බැංකුව සමග සාකච්ඡා කර සහනයක් ලබා ගත හැකි බව මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා ඊයේ පාර්ලිමේන්තුවේදී පැවසීය.

Read More

මීට මාස දෙකකට පෙර 70%ක අගයක පැවති සාමාන්‍ය උද්ධමනය මේවන විට 66% දක්වා අඩුවී ඇති බවත් 95% ක පැවති ආහාර උද්ධමනය 85% දක්වා අඩුවී ඇති බවත් මහබැංකු අධිපතිවරයා පැවසීය.

Read More

මිනුවන්ගොඩ , ජාපාලවත්ත ප්‍රදේශයේදී අද (18) අලුයම පොලිස් විශේෂ කාර්ය බළකාය හා පාතාල සාමාජිකයන් දෙදෙනෙකු අතර ඇතිවූ වෙඩි හුවමාරුවකදී පාතාල සාමාජිකයන් දෙදෙනා මියගොස් තිබේ. පෝද්දල පදිංචි පාතාල සාමාජිකයන් දෙදෙනකු මෙසේ මියගොස් ඇති බව මිනුවන්ගොඩ පොලිසිය කියයි.

Read More

දිවයිනේ බොහෝ ප්‍ර දේශවලට අද දිනයේදි වැසි රහිත කාලගුණ තත්ත්වයක් අපේක්ෂා කරන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තව පවසයි. කෙසේ වෙතත් උතුරු හා නැගෙනහිර පළාත්වල වැසි ස්වල්පයක් ඇතිවිය හැකි බවද එම දෙපාර්තමේන්තුව වැඩිදුරටත් දන්වා සිටියි.

Read More

ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක ධනුෂ්ක ගුණතිලකට එරෙහිව ඔස්ට්‍රේලියාවේදී ක්‍රියාත්මක නඩු විභාගය වෙනුවෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය මේ වන වට ඔස්ට්‍රේලියානු ඩොලර් 380000ක් (ශ්‍රි ලංකා රුපියල් ලක්ෂ 96ක්) පමණ ගෙවා ඇතැයි ඩේලි මිරර් පුවත් සේවය පවසයි.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.