සංචාරයක් සදහා අහුංගල්ල මිද්දරමුල්ල, පිහිටි රියු සංචාරක හෝටලයේ පළමු මහලෙන් බිමට වැටුණු සිව් හැවිරිදි පිරිමි දරුවකු තුවාල ලබා අද (14)උදේ රෝහල් ගත කළ බව අම්බලන්ගොඩ පොලීසිය කියයි.
මෙසේ තුවාල ලබා රෝහල්ගත කොට ඇත්තේ දඹුල්ල පාර කුරුණෑගල දෙකේ කණුව පදේශයේ පදිංචි දරුවෙකි.
ඔහු සිය දෙමාපියන් සමග සංචාරයක් සදහා පැමිණ මේ හෝටලයේ නවාතැන් ගෙන සිටියදී මේ අනතුර සිදුව ඇති බව පොලීසිය කියයි.
මේ සංචාරක හෝටලයේ පළමු මහලෙන් වැටුණු දරුවා පළමුව බලපිටිය මූලික රෝහලටත් ඉන් අනතුරුව කරාපිටිය රෝහලට මාරුකර යැවූ බවද පොලීසිය කියයි. අහුන්ගල්ල පොලීසිය මේ සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ පවත්වයි.