නිවසේ තනිවම සිටි ඉංගිරිය තරුණියගේ මරණය සිදුවී ඇත්තේ අකුණු සැර වැදීම හේතුවෙන් බව පශ්චාත් මරණ පරීක්ෂණයේ දී අනාවරණය වූ බව ඉංගිරිය හදිසි මරණ පරීක්ෂක ඉන්දිම කනත්ත වත්ත මහතා පැවසීය.
මෙලෙස මියගොස් ඇත්තේ ඉංගිරිය බෝධිනාගල යහල වත්ත ප්‍රදේශයේ පදිංචිව සිටි දිනුශිකා දමයන්ති ජයසිංහ නමැති 25 හැවිරිදි තරුණියයි
ඇය මීට මාස කීපයකට පමණ ඉහත දී විවාහ වූ තැනැත්තියක බව පොලීසිය සඳහන් කරයි. මිය ගිය තරුණියගේ ස්වාමිපුරුෂයා රැකියාවන් නිමවා නිවසට පැමිණීමේ දී සිය බිරිඳ මුළුතැන්ගෙයි සිහි විසඥ වැටී සිටින දැක වහා ක්‍රියාත්මක වී ඉංගිරිය ප්‍රාදේශීය රෝහල වෙත රැගෙන ගිය ද ඒ වන විටත් ඇය මියගොස් සිට ඇතැයි පොලිස් විමර්ශනවලදී අනාවරණය වී ඇත.
මිය ගිය තරුණිය වැටී සිටි මුළුතැන් ගෙට ආසන්න කාමරයක විදුලි පේනුවක් බිත්තියෙන් වෙන් වී පිටතට නෙරා තිබූ බව පොලිසිය කියයි.
පානදුර කොට්ඨාසයේ අපරාධ පරීක්ෂණාගාරයේ නිලධාරීන් ද පැමිණ පරීක්ෂණ පැවැත්වූහ. හොරණ මූලික රෝහලේ විශේෂඥ අධිකරණ වෛද්‍ය ප්‍රනිත් සෙනෙවිරත්න මහතාගේ වෛද්‍ය වාර්තාව සහ ඉදිරිපත්වූ සාක්කි සැලකිල්ලට ගෙන හදිසි මරණ පරීක්ෂකවරයා එම තීරණය ලබාදුන් බව පොලීසිය කියයි.