"තව පෝය දෙකක් යන්න කලින් සමඟි ජන බලවේගයේ භාගෙට භාගයක් රනිල් වික්‍රමසිංහ මැතිතුමාගේ ඔඩොක්කුවට යනවා යනවාමයි.ඒ ගැන සහතිකයි" යැයි සමඟි ජන බලවේගයේ උපසභාපති පී.හැරිසන් මහතා සජිත් හැරයමින්, රනිල් ජනපති කිරීමට සහය දෙන බව පැවසීය.
සමගි ජන බලවේගයේ උපසභාපති, අනුරාධපුර බටහිර ආසන සංවිධායක, සමඟා ජන බලවේග පක්ෂයේ කෘත්යාධීකාරීමණ්ඩලයේ සාමාජික පී හැරිසන් මහතා එම සියලු තනතුරු වලින් ඉල්ලා අස්වී රනිල් වික්‍රමසිංහ මහතාට සහය වන බවට මාධ්‍යහමුවේ පවසමින් මේ බව අනුරාධපුරයේදී පැවසීය.
"දිගින් දිගටම පක්ෂයේ ගන්නා ක්‍රියාමාර්ගයන් ගැන අපිට සෑහීමකට පත්වෙන්න බෑ. පෞද්ගලිකව අපේ දේශපාලන වැඩ වලටත්, ඒ වගේම රට වෙනුවෙන් විපක්ෂ නායකතුමා ගන්නා තීන්දු ගැනත් අපිට සෑහීමකට පත් වෙන්න බෑ.මේ රට කවදාකවත් නැති විදිහට අර්බුධ රාශියකට මුහුණ දුන්නා.
ඒ අර්බුධ හමුවේ අපි එදත් ප්‍රාර්ථනා කෙරුවේ මේ අර්බුධ වලට එකම විසඳුම එක්සත් ජාතික පක්ෂයේ ජනාධිපතිවරයෙක්, ඒ වෙනුවෙන් තමයි අපි කටයුතු කෙරුවේ, ගිය සැරේ සජිත් ප්‍රේමදාස මැතිතුමා එක්සත් ජාතික පක්ෂයේ ජනාධිපති අපේක්ෂකයා හැටියට රනිල් වික්‍රමසිංහ මහතාගේ ඉඳලා අපි හැමෝම එතුමාට ඡන්දය දුන්නා.
හැබැයි ඒ අවස්ථාව එතුමාගෙන් ගිලිහිලා ගියා.ඒ කොහොම වෙතත් මහ මැතිවරණය එක්සත් ජාතික පක්ෂය වෙනම තරඟ කරලා, සමඟි ජන බලවේගය වෙනම තරඟ කෙරුවත්, රනිල් වික්‍රමසිංහ මහත්තයාට ආසනයක් නොතිබුණත් ජාතික ලැයිස්තුවේ මන්ත්‍රීවරයෙක් හැටියට එතුමා ඇවිල්ලා රටේ අගමැති වෙලා, රටේ ජනාධිපතිත් වෙලා තියෙනවා.
අනුරාධපුර දිස්ත්‍රික්කයේ පොදු ජන පෙරමුණේ බොහෝ ක්‍රියාකාරී මැති ඇමතිවරු බොහෝ ප්‍රසිද්ධියේ ඇවිත් කියනවා අපි ඊළඟ ජනාධිපති මැතිවරණයේ අපි හිටගන්නේ රනිල් වික්‍රමසිංහ මැතිතුමා එක්ක කියලා.ඒකට හේතුව තමයි එතුමා මේ රටේ ධූර දර්ශී නායකයා හැටියට සමස්ථ රටම පිළිඅරන් තියෙනවා.
සජිත් ප්‍රේමදාස මහත්තයා මොකක්ද කිව්වේ , මට අරාබියේ රටවල් ඉන්නවා උදව් කරන්න, තෙල් දෙන්න, හැබැයි එහෙම නම් එතුමාට තිබ්බා, මේක රනිල් වික්‍රමසිංහ මහත්තයාටවත්, පොදු ජන පෙරමුණටවත් කරන උදව්වක් නෙමෙයි, ඒ රටවල් වලට කථා කරලා, රටේ ජනතාවට තෙල් ටික අරන් දෙන්න තිබුණා.
ගෑස් නැති වෙන කොට කිව්වා ගෑස් එතුමාගේ ආණ්ඩුවක් ආවොත් අරන් දෙන්නම් කියලා.හැබැයි එතුමාගේ ආණ්ඩුවක් ආවත්, ජීවත් කරවන්න මිනිස්සු ඉන්න ඔ්න, ඒවා එතුමා ගාව තියෙන න්‍යායන් විතරයි.රට ගොඩදැමීමේ වැඩපිළිවෙලට එතුමා අදහසක් දුන්නේ නෑ.
මේ දවස් වල කථා බහ වෙනවා අයි.එම්.එෆ් ගැන එතුමා පාර්ලිමේන්තුවේ ඇවිත් කියනවා.එතුමාගේ ආණ්ඩුවක් යටතේ අයි.එම්.එෆ් එකට යන්නේ කොන්දේසි ලිහිල් කරලා රටේ ජනතාවට අවශ්‍යය විදිහට කොන්දේසි සකස් කරලා කියලා.
සමඟි ජන බලවේගයේ හර්ෂ මැතිතුමා තමයි ඉස්සරලාම අයි.එම්.එෆ් එකට යන්න කියලා කිව්වේ.ඒ ගොල්ලන්ගේ යෝජනා රනිල් මහත්තයාට දෙන්න ඔ්න නෑ, මහින්ද රාජපක්ෂට දෙන්න ඔ්න නෑ, සජිත් මහත්තයාට තිබුණා මේ පක්ෂය ඇතුලේ කථා කරලා යෝජනා ටික මුදල් අමාත්‍යංශ ලේකම් ඇතුළු රාජ්‍යය නිළධාරීන්ට දෙන්න තිබුණා.
ඒ සහන එහෙනම් ජනතාවට ලැබෙනවා.එතුමා කියනවා අපේ ආණ්ඩුවක් යටතේ මේවා කරනවාලු.අපේ ආණ්ඩුවක් ගන්න තව කොච්චර කල් යයිද? එතුමා සිහින ලෝකයක ජීවත් වෙලා හරියනවාද? රෝහල් වල බෙහෙත් නෑ කිව්වම එතුමා කියනවා මට රෝහල් වලට බෙහෙත් දෙන්න ඔ්නතරම් අය ඉන්නවා කියලා.ඒ රෝහල් වල බෙහෙත් ගන්නේ රනිල් වික්රමසිංහවත්, මහින්ද රාජපක්ෂවත්, සජිත් ප්‍රේමදාසවත් නෙමෙයි, මේ ගම්වල ඉන්න අහිංසක මිනිස්සු'
ලබන අවුරුද්දේ ජුනි ජූලි වෙනකොට ජනාධිපති මැතිවරණය තියෙනවා, ඒ මැතිවරණයේදී රනිල් වික්‍රමසිංහ මැතිතුමා අපි කොන්දේසි විරහිතව උදව් කරන්න ලෑස්තියි.මම තනතුරු තාන්න මාන්න බලාගෙන නෙමෙයි.මම එක්සත් ජාතික පක්ෂයේ අවුරුදු 40 කට ආසන්න කාළයක් ක්‍රියාකාරීව හිටපු කෙනෙක්.ඒ නිසා මම ඇතුළු ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරුන් 100 ක් එක්ක තව සති දෙකකින් මාධ්‍යය ඉදිරියට එන්න ලෑස්තියි.
ඒ වගේම තව පෝය දෙකක් යන්න ඉස්සරලා සමගි ජන බලවේගයේ භාගෙට භාගයක් රනිල් වික්‍රමසිංහ මැතිතුමාගේ ඔඩොක්කුවට යන එක නවත්වන්න බෑ.ඒ අය සාකච්ජා කරලා තියෙනවා.සමහර මන්ත්‍රීවරු දවල්ට සජිත් මහත්තයාට මූණ පෙන්නුවාට රෑට රනිල් වික්‍රමසිංහ මහත්තයා එක්ක සාකච්ජා කරනවා.
මේ රටේ සුලු පක්ෂ බහුතරයක කැමැත්ත රනිල් වික්‍රමසිංහ මැතිතුමාට, උතුරු නැගෙනහිර දමිළ සංවිධාන කැමැත්ත ප්‍රකාශ කරලා තියෙනවා.රනිල් වික්‍රමසිංහ මැතිතුමාට දොස් කියපු අය අද එතුමා අගය කරනවා.සජිත් ප්‍රේමදාස මැතිතුමා කියන්නේ හරියට නිකං අලියා ගිලපු දිවුල් ගෙඩිය වගේ, රට වෙනුවෙන් කරුණා කරලා එකතු වෙන්න.
තව අවුරුද්දක්, එක හමාරක් යනකල් රනිල් වික්‍රමසිංහ මැතිතුමාට මේ අවස්ථාව දෙමු, එතුමාගේ වැඩපිළිවෙලට උදව් කරමු, ඊට පස්සේ දේශපාලනය කරමු.අද අපිට පාරේ බැහැලා යන්න පුලුවන් තත්වයට ඇති කෙරුවේ රනිල් වික්‍රමසිංහ මැතිතුමා.
පාර්ලිමේන්තුවේ 225 ම එපා කියලා පාරට බැස්සේ. මිනිස්සුන්ට ඒ තරම් පීඩනයක් තිබුණා.රනිල් වික්‍රමසිංහ මහත්තයා නොහිටින්න ජනතා විමුක්ති පෙරමුණට , සමඟි ජනබලවේගයටවත් ගමට ගිහින් රැස්වීම් තියන්න බෑ.මම විතරක් නෙමෙයි අපේ කණ්ඩායමේ බහුතරයක් සැදී පැහැදී ඉන්නවා රනිල් වික්‍රමසිංහ මහතා වෙනුවෙන් කරන්න පුලුවන් හැම කැපකිරීමක්ම කරනවා.එතුමා ඊළඟ ජනාධිපති මැතිවරණයේ ජනාධිපතිකරනවා.මම හොර රහසේ නෙමෙයි සියලු දෙනා සමඟ සාකච්ජා කරලා මේ තීන්දුව ගත්තේ.
මම පහුගිය ජනවාරී මාසයේ ඉඳන් කල්පනා කළා, රටේ මතය ගැන හෙව්වා, සූලු පක්ෂ වල ක්‍රියාකලාපය නිසා මම මේ තීන්දුව ගත්තේ.රනිල් වික්‍රමසිංහ කියන්නේ වැඩපිළිවෙලක් තියෙන නායකයෙක්.සජිත් ප්‍රේමදාස මහත්තයා හැම වෙලේම බලන්නේ තමන් ගැන විතරයි.තව සති දෙකක් ඇතුළත 100 කට වැඩි සමඟි ජන බලවේගයේ අපේක්ෂකයෝ පිරිසක් මම රනිල් වික්‍රමසිංහ මහතාගේ සහයට ගේනවා.තව පෝය දෙකක් යන්න කලින් සමඟි ජන බලවේගයේ භාගෙට භාගයක් රනිල් වික්‍රමසිංහ මැතිතුමාගේ ඔඩොක්කුවට යනවා යනවාමයි.ඒ ගැන සහතිකයි" යැයි පැවසීය.
තිසර සමල්