මොරන්තුඩුව ප්‍රදේශයේ විද්‍යාලයක සිසුන් සිව් දෙනකුට එම විද්‍යාලය ඉදිරිපිට මාර්ගයේදී සිසුවෙකු පිටස්තර තරුණයන් තිදෙනෙකු එක්ව සිදුකළ පහරදීමක් සම්බන්ධයෙන් ලද පැමිණිල්ලකට අනුව මොරන්තුඩුව පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය කියයි.
මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ එම විද්‍යාලයේ 11 වන වසරේ ශිෂ්‍යයකු හා පිටස්තර තරුණයන් තිදෙනෙකි.
පහරකෑමට ලක්වූ 13 වසරේ සිසුන් සිව්දෙනකු මොරන්තුඩුව පොලිසියට කරන ලද පැමිණිල්ලක් අනුව පහරදීමට සම්බන්ධ සිසුවා හා අනෙක් තරුණයන් තිදෙනා අත්අඩංගුවට ගෙන ඇත.
දෙපාර්ශ්වය අතර සිදුවූ බහින් බස් වීමකින් අනතුර මෙම පහරදීම සිදුකර ඇති බව පොලිසිය කළ මූලික විමර්ශනවල අනාවරණය වී ඇත.
බණ්ඩාරගම බිමල් ශ්‍යාමන් ජයසිංහ සහ පානදුර සුමිත් පොතුපිටිය