බෝලවත්ත දුම්රිය ස්ථානයට කඩා වැදි ස්ථානාධිපති ඇතුලු සිව් දෙනකුට පහරදි තුවාල සිදුකළ බව කියන තිදෙනකු පෙරේදා(13) රාත්‍රි අත් අඩංගුවට ගත් බව වෙන්නප්පුව මුලස්ථාන පොලිසිය කියයි.
සිද්ධිය පෙරේදා(13) රාත්‍රි 7 ට පමණ සිදුවි ඇති බව පොලිසිය කියයි.
පහරකෑමෙන් තුවාල ලබා සිටින තිදෙනා මිගමුව මහ රෝහලට ඇතුලත් කර සිටිති.
දුම්රිය වේදිකාවේ බංකුවක් මත තිදෙනකු මත්පැන් පානය කරමින් සිට ඇති අතර ඔවුන්ට එය නොකර ඉවත්වන ලෙසට සේවකයකු පැවැසිමත් සමග දෙපිරිස බහින් බස් වි ඇති බව පොලිසිය කියයි.
පසුව මත්පැන් පානය කරමින් සිටි තිදෙනා පොලු රැගෙන දුම්රිය ස්ථානාධිපතිගේ කාමරයේ ප්‍රධාන දොරට පහරදි කඩා ඇතුල් වි එහි සිටි පිරිසට පහර දි එහි භාණ්ඩවලටද හානි සිදුකර පලා ගොස් තිබේ.
පහරකෑමෙන් තුවාල ලැබු ස්ථානාධිපති හා සේවකයින් හතරදෙනා රෝහල් ගත කර දුම්රිය ස්ථානයට පොලිස් ආරක්ෂාව යොදවා තාවකාලික වසා දැමිමට පොලිසිය පියවර ගෙන තිබුනි.
පහරදිමෙන් පසු පලා ගොස් සැගවි සිටි සැකකරුවන් තිදෙනා කම්මල ප්රදේහයේ දි අත් අඩංගුවට ගත් බව පොලිසිය කියයි.
සැකකරුවන් ලුණුවිල මිරිස්සන්කොටුව හා වයික්කාල බෝලවත්ත යන ප්‍රදේශවල පදිංචි 34 හා 45 යන වයස්වල පසුවන පදිංචි කරුවන් බව පොලිසිය කියයි.
කොළඹ කොටුවේ සිට හා පුත්තලම දෙසින් පැමිණි දුම්රිය හතරක් බෝලවත්ත දුම්රිය ස්ථානයට ඇතුල්විමට ඝංඥා නොලැබිම නිසා පැය තුනක කාළයක් මග නතර කර තැබිමට සිදුවිම නිසා දුම්රිය මගිහු දැඩි දුෂ්කරතාවයකට මුහුණ දි සිටිහ.
දුම්රිය දෙපාර්තුවේ නිළදාරින් කිපදෙනකු පැමිණ දුම්රිය ස්ථානයේ රාජකාරි කටයුතු සිදුකිරිමට පියවර ගැනිමත් සමග දුම්රිය ධාවනය යථා තත්වයට පත් වු බව පොලිසිය කියයි.
වෙන්නප්පුව සහකාර පොලිස් අදිකාර් වසන්ත කුමාර මහතාගේ උපදෙස් හා අදික්ෂණය යටතේ මුලස්ථාන ප්‍රධාන පොලිස් පරික්ෂක තිළිණ හෙට්ටිආරච්චි මහතාගේ මෙහෙයවිමෙන් පොලිස් කන්ඩායමක් පරික්ෂණ කටයුතු වල යෙදි සිටිති.
රවීන්ද්‍ර ලියනගේ
