හොරණ බොරලුගොඩ ආයෝජන ප්රවර්ධන කලාපය ඉදිරිපිටදී මාර්ග අංක 450 පානදුර - රත්නපුර අතර ධාවනය වෙමින් තිබූ පුද්ගලික මගි බස් රථයක් හිටි හැටියේ ගෙන් ගිනි ගැනීමෙන් ඒම රථය ම්පූර්ණයෙන්ම ගිනිගෙන විනාශ වී ඇති බව හොරණ පොලිසිය පවසයි.
ගිනිගැනිමත් සමග මගින් පිටතට පැනිම නිසා ජිවිත හානි කිසිවක් වර්තා නොවීය. හොරණ නගර සභා ගිනි නිවිම් ඒකකය සහ ප්රදේශවාසින් එක්ව ගින්න නිවා දැමීමට කටයුතු කළේය.
මේ පිළිබඳව වැඩිදුර පරීක්ෂණ හොරණ පොලීසියේ රථවාහන අංශය ස්ථානාධිපති කො.පා. සුමිත් ධර්මවංශ, 60503 පො.සැ. දිමුතු 32724 රත්නවීර යන නිලධාරී මහතුන් විසින් සිදුකරන බව හොරණ පොලීසිය පැවසීය.
අගුරුවාතොට--මංගල එදිරිසිංහ


