නීති විභාගය ඉංග්‍රීසියෙන් පමණක් යෝජනාව පරදියි
නීති අධ්‍යාපන සභා ආඥාපනත යටතේ අද (21) පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ රීති සම්බන්ධ යෝජනාව අනුමත කිරීම බහුතර ඡන්දයෙන් ප්‍රතික්ෂේප කෙරිණි. යෝජනාව සම්මත කිරීමට විපක්ෂව ඡන්ද 113ක් හිමි වූ අතර පක්ෂව හිමි වූයේ එක් ඡන්දයක් පමණි.
ශ්‍රී ලංකා නීති විද්‍යාලයේ විභාග ඉංග්‍රීසි මාධ්‍යයෙන් පමණක් පැවැත්වීම පිළිබඳව නීති අධ්‍යපන සභා ආඥාපනතේ 7 වගන්තිය යටතේ අධිකරණ අමාත්‍යවරයාගේ එකඟතාවයෙන් සංස්ථාගත නීති අධ්‍යාපන සභාව විසින් 2020 දෙසැම්බර් 30 දිනැති අංක 2208/13 දරන අති විශේෂ ගැසට් පත්‍රයේ පළ කරන ලද මෙම රීති සම්බන්ධ යෝජනාව පසුගිය මාර්තු 10 වැනිදින පළමුවරට පාර්ලිමේන්තුවට ඉදිරිපත් විය.
ශ්‍රී ලංකා නීති විද්‍යාලයේ විභාග ඉංග්‍රීසි මාධ්‍යයෙන් පමණක් පැවැත්වීමට නීති අධ්‍යයන සභාව ගත් තීරණයට පසුගියදා රැස්වූ අධිකරණ, බන්ධනාගාර කටයුතු හා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ කටයුතු පිළිබඳ අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාවේදී ද එකඟත්වය හිමි නොවිණි.
popular news
-
Demuni de Silva Wednesday, 22 March 2023 01:05 AM
We passed 'Sinhala only Act' on 5th June 1956 which divided united two nations resulted in motherland being suffered in Ethnic war for 30 years and 1971 insurrection !
Reply : 0 0
Deepal Nirosh Wednesday, 22 March 2023 04:26 AM
අනේ හැබෑට මේ යෝජනාව කාගේ අදහසක් ද? නීති විභහගයට සිංහල, දෙමළ, ඉංග්‍රීසි කවර මාධ්‍යයකින් වුවත් පෙනී සිටීමට නිදහස තිබිය දී මේ ඉංග්‍රීසි පමණක් මොන පවුලක් පන්තියක් ගැට්ටක් රකින්න යෝජනා කරපු මහ මොළකරු කවුද කියල මුලින්ම හොයන්න අවශ්‍යයි. දැන් පවුල් පාලනය අවසන් කරලත් මේ වගේ සෙවනැලි වැටෙන්න හේතුවක් අනිවාර්යයෙන් තිබිය යුතුයි.ඉඳල හිටල හෝ මේ වගේ තුප්පහි යෝජනාවකට විරුද්ධව පාර්ලිමේන්තු ඡන්දය ප්‍රකාශ කළ පක්ෂ විපක්ෂ හැමටම සිංහල දෙමළ මුසල්ම් ඇතුළු පොදු ලාංකික පුරවැසියන්ගේ උපහාරයයි මේ!
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

