අයි.එම්.එෆ්. එකඟතාව සමග රටේ මූල්‍ය විනය නීතිගත වෙන බවත් දූෂණ වංචා වැළැක්වීමේ දැඩි නීති අලුතෙන් හඳුන්වා දෙන බවත් ජනපති රනිල් වික්‍රමසිංහ මහතා පැවැසීය.
පාර්ලමේන්තුවේදී අද (22දා) විශේෂ ප්‍රකාශයක් කරමින් ඔහු මේ බව පැවැසීය.
“ශ්‍රී ලංකාව තුළ නව මූල්‍ය පරිසරයක් හා දූෂණයෙන් තොර පරිසරයක් මේ හරහා නිර්මාණය වෙනවා. සමහර දේශපාලන කණ්ඩායම්, සමහර වෘත්තීය සමිති, සමහර මාධය ආයතන රට වට්ටන්න උත්සාහ කළා. පළාත් පාලන මැතිවරණය පවත්වන්නේ නැති නිසා අයි.එම්.එෆ්. ණය ලැබෙන්නේ නෑ කිව්වා.
රටේ බහුතර ජනතාව මේ වෙනුවෙන් සහාය දැක්වූයේ නෑ. ඔවුන් රට වෙනුවෙන් වගකීමෙන් කටයුතු කළා. අපිට අයි.එම්.එෆ්. එකඟතාව ලබා ගැනීම ජනතාවගේ කැපවීම විශාල සාධයක් වුණා. ඔවුන්ට ස්තූතිය ප්‍රකාශ කරනවා.ඇතැම් මන්ත්‍රීවරු අප්රසිද්ධියේත් අපිට සහාය දුන්නා.”