ඇල්ලවල ඇල්ලේ දිය නාමින් සිටි තරුණයින් 4ක් දියේ ගිලී මරුට
වැල්ලවාය ඇල්ලවල ඇල්ලේ දියනාමින් සිටි තරුණයින් සිව්දෙනෙකු අද (21දා) දියේ ගිලී මියගොස් ඇතැයි වැල්ලවාය පොලීසිය පවසයි.
මෙලෙස මියගොස් ඇත්තේ අහමඩ් ලෙබ්බේ මොහොමඩ් අන්සාල්,අබුබකර් අනාස්,මොහොම්මදු මුල්තාර් මොහොමඩ් අන්සිස් සහ මොහොමඩ් ලාසීර් මොහොමඩ් ෆන්සාල් යන සමන්තුරේ,කල්මුණේ,සයින්දමරුදු ප්‍රදේශ වල පදිංචි පෞද්ගලික විශ්ව විද්‍යාලයක ඉගෙනුම ලැබූ අවුරුදු විස්සත් විසිදෙකක් අතර වයසේ පසුවන තරුණයින් සිව්දෙනෙකි.
මියගිය සිව්දෙනා තවත් මිතුරන් හයදෙනෙකු සමඟ යතුරුපැදි පහකින් පොතුවිල් ප්‍රදේශයට යන බවට පවසා නිවෙස් වලින් පිට ගොස් ඇති අතර ඔවුන් කෙළින්ම පැමිණ ඇත්තේ වැල්ලවාය ඇල්ලවල ඇල්ල නැරඹීමටය.
ඔවුන් දසදෙනාගෙන් කිහිපදෙනෙකු දියනෑමට ඇල්ලට බැස ඇති අතර සිව්දෙනෙකු දියේ ගිලී අතුරුදහන්වී ඇත.
සිද්ධිය අසල්වාසීන්ට දැනුම්දීමෙන් අනතුරුව අසල්වාසීන් විසින් ඒ බැව් වැල්ලවාය පොලීසියට දැනුම්දී ඇත.වැල්ලවාය ප්‍රදේශ භාර සහකාර පොලිස් අධිකාරී එච්.එම් ජයතිලක මහතාගේ උපදෙස් පිට වැල්ලවාය පොලීසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක ටී.එම් කරුණාතිලක මහතා පිළිබඳව පරීක්ෂණ පවත්වයි.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

