ලිස්ටීරියෝසිස් වසංගත තත්ත්වයක් තවමත් නෑ
සෞඛ්‍ය අමාත්‍යාංශයේ වසංගත රෝග විද්‍යා අංශය මගින් දැනට කරන ලද පරීක්ෂණ වලින් ලද දත්ත වලට අනුව දැනට ලිස්ටීරියෝසිස් වසංගත තත්ත්වයක් රට තුළ නොමැති බවත් ඒ පිළිබඳව අනිසි බියක් ඇති කරගත යුතු නොමැති බවත් සෞඛ්‍ය අමාත්‍යාංශයේ වසංගත රෝග විද්‍යා අංශය දන්වා සිටී.
පසුගිය පෙබරවාරි මස අගභාගයේදී ශ්‍රී පාද වන්දනාකරුවන් ආශ්‍රිතව මෙම රෝග තත්ත්වය පවතින බවට මතවාදයක් දැනට ගොඩනැගෙමින් පවතී.
ලිස්ටීරියෝසිස් යනු Listeria monocytogenes නමැති බැක්ටීරියාවකින් බෝ වන රෝගයක් බවත්, දැනටමත් ක්ෂේත්‍ර මට්ටමින් ආහාර සාම්පල හා ජල මූලාශ්‍ර වලින් සාම්පල රැගෙන විශ්ලේෂණය සඳහා යොමු කර ඇති බවත් සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.
popular news
-
Sampath Dissanayake Tuesday, 21 March 2023 06:15 AM
වසංගත තත්වයක් තවම නෑ බය වෙන්න එපා කියන්නේ වසංගත තත්වයක් ඇති වෙනකම්ද? වසංගත තත්වයක් ඇතිවුනහමද බය වෙන්න කියන්නේ? නියපොත්තෙන් කපන්න තියනදේ පොරොවෙන් කොටන්න වෙනකන් බලා ඉදිල්ල තමා අපේ රටේ පුරුද්ද. කොරෝනාවෙන් ඇති වෙන්නම බැට කාපු මිනිස්සු, රටේ ආර්ථික තත්වයෙන් බැට කන මිනිස්සුන්ට තවත් දුක් නොදී මේ තත්වය දැන්ම පාලනය කරගන්න සෞඛ්‍ය බලධාරීන් දැන්ගන්න ඔන.
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

