ප්‍රවේශ පෙන්නූ සිසුවාට කොන්දොස්තරගෙන් කනේ පහරක්
වාර ප්‍රවේශ පත්‍ර ලබාගෙන ලංගම බස් රථයකට ගොඩවූ පාසල් සිසුවෙකුට කොන්දොස්තරවරයෙකු විසින් සිදුකළ පහරදීමක් හේතුවෙන් අද (21) උදේ දඹුල්ල මූලික රෝහලට ඇතුළත් කර ඇතැයි දඹුල්ල පොලිසිය කියයි.
මෙසේ පහර කෑමට ලක්ව රෝහල් ගත කොට ඇත්තේ හබරණ ප්‍රදේශයේ පදිංචි කැකිරාව කොටාගල පිරිවෙනේ අධ්‍යාපනය ලබන නිපුන් කවීෂ ගිම්හාන් නැමගි දාසය හැවිරිදි පාසල් සිසුවකු බව පොලීසිය කියයි.
මෙම පහරදීම සිදු කොට ඇත්තේ යාපනය ඩිපෝවට අයත් බස්රථයක සිටි කොන්දොස්තරවරයෙකු බව පාසල් සිසුවා කරන ලද පැමිණිල්ලේ සඳහන්ව ඇතැයි පරීක්ෂණ පවත්වන දඹුල්ල පොලීසිය කියයි.
දඹුල්ලේ කාංචන කුමාර ආරියදාස
popular news
-
රන්දෙනිය Wednesday, 22 March 2023 04:08 AM
ඔහු කොන්දොස්තරද කන්දොස්තරද
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

