විදුලි බිල සංශෝධනය මාසිකව
වියදම් කළමනාකරණයක් යටතේ රජයේ වියදම් වෙනුවෙන් ලබාදෙන ප්රතිපාදන වැඩි කිරීමට කටයුතු කරන බවත් උද්ධමනයට ගැලපෙන පරිදි වැටුප් හා විශ්රාම වැටුප් ගැලපීමට කටයුතු කරන බවත් ජනපති රනිල් වික්රමසිංහ මහතා පැවැසීය. පාර්ලිමේන්තුවේදී විශේෂ ප්රකාශයක් කරමින් ඔහු මේ බව පැවැසීය.
“ වැටුප් ගැලපිම් කරන්නේ ප්රාථමික ශේෂයේ සීමාවන් තුළයි. ඉන්ධන මිල තීරණය කිරීම දේශපාලන අධිකාරියෙන් සම්පූර්ණයෙන්ම ඉවත් කරනවා.
ඉන්ධන මිල තීරණය කරන්නේ 2018 මිල සූත්රය අනුව පමණයි. අනාගත පිරිවැය ඇස්තමේන්තුව සැලකිල්ලට ගෙන සෑම මසකටම වරක් විදුලි බිල ගැලපීමට කටයුතු කරනවා.
මහා පරිමාණයෙන් පාඩු ලබන මාර්ග සංවර්ධන අධිකාරිය, ශ්රී ලංකන් ගුවන් සේවය, ශ්රී ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව, ලංකා විදුලි බල මණ්ඩලය වැනි ආයතනයන්හි ශේෂ පත්ර යළි සකස් කරනවා.
කල් ඉකුත් වූ සෛවරීත්ව ඇපකර මත ලබාගත් විදේශ ණය ප්රමාණය ශ්රී ලංකා රජය ගෙවිය යුතු ණය ලෙස මාරු කරනවා.
උද්ධමනය සියයට 4-6 අගයකට ගේනවා. 2023 වසර මැද භාගය වන විට උද්ධමනය තනි ඉලක්කමක අගයකට ගේනවා. මුදල් අච්චු ගැසීමෙන් ක්රමයෙන් බැහැර වෙනවා.
අයවැය හිගය පියවා ගැනීමට ණය ගැනීමකින් තොරව ආදායම් හොයාගන්න මහා භාණ්ඩාගාරයට සිදුවෙනවා.
දැනට පවතින විදේශ විනිමය සීමා කිරීම් ඉවත් කරමින් වෙළඳපොළ නියාමනයට ඉඩ දෙනවා. ”
popular news
-
premal amarasinghe Friday, 24 March 2023 08:43 AM
,විදුලි බිල සංශෝධනය සිදු කරන්න අදහස් කරන්නේ imp සමග ඇතිකරගත් ගිවිසුමි පුකාරව කටයුතු කිරිමෙි අරමුනින් මිස ජනතාවට සහන දීමෙි අරමුණෙන් නොවෙි.
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.

